සාතන්ගේ සේවකයෝ සහ ‘ටැටූ’

Last Updated on 6 months by admin

Photo credit: Omar Havana / Getty Images

වර්තමාන සිංහල සමාජයේ පිරිමින්ට වඩා කාන්තාවෝ් සිරුරේ පච්චා කොටා ගැනීමට උනන්දු වෙති. මෙය බටහිර බලපෑම නිසා පැතිරෙන මෝස්තරයකි. කාලයකට පෙර මීට හාත්පසින්ම වෙනස් තත්වයක් පැවතුනි. පොලිසියේ ඇසට පච්ච කෙටූ පුද්ගලයන් දර්ශනය වූයේ ‘අයිආර්සීකාරයින්’ ලෙසිනි. ඒ කාලයේ පච්චා කෙටුවෝ, කම්කරුවන් වැනි පොඩි මිනිස්සුය. කිසියම් සැකයට පොලිස් අත්අඩංගුවට පත්වන එවැන්නකුට ඉතාම අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවිය.
පොලිසිය ප‍්‍රධාන නීතිය ආරක්ෂා කිරීමට මුල් වූ පුද්ගලයින් වැඩි පිරිසක් පච්ච කෙටීම අයිආර්සී සිරිතක් යැයි සිතීමට පෙළඹීම බටහිරුන් කළ මොළ කැළඹීමක ප‍්‍රතිඵලයකි. ඊට මුල් වන්නේ ශුද්ධ වූ බයිබලයේ අඩංගු වාක්‍යයකි. එහි මෙසේ ලියවී තිබේ. ‘මළගිය ඇත්තන් නිසා නුඹලාගේ සිරුරෙහි කැපුමක් නොකළ යුතුය. ඇෙඟ් හමේ රූප කොටා නොගත යුතුය. මම ස්වාමින් වහන්සේ වෙමි.’ ලෙවි ව්‍යස්ථාව 19:28


කතෝලික දේවගැතිවරුන් සමග දකුණු ඇමරිකාවට ගිය ස්පාඤ්ඤ හමුදා එහි විසූ පච්චාවලින් ශරීරය අලංකාර කරගත් දහස් ගණන් මනුෂ්‍යයින් දුටුවහ. බයිබලයේ සඳහන් දේව නියමයට විරුද්ධව හමේ රූප කොටාගෙන සිටින ඔවුන් දේවගැතිවරුන්ට පෙනුනේ සාතන් (මැවුම්කරුගේ සතුරා* ගේ සේවකයන් සේය. සාතන් සංස්කෘතිය විනාශ කිරීම සහ ඌට හසුව මිසදිටුවන් වූ මනුෂ්‍යයින්ට මැවුම්කරු හඳුන්වාදීම ඔවුන්්ගේ ප‍්‍ර‍්‍රධාන කටයුත්තක් විය.


ක‍්‍රිස්තියානි රටවල සමාජ විද්‍යාව, මානව විද්‍යාව පදනම් කරගත් පර්යේෂණ ආයතන බිහිකිරීමට එක් හේතුවක් වූයේ, එම රටවල වෙළෙඳ සමාගම්වලට තමන් යටත් කරගත් රටවල මනුෂ්‍යයින් ගැන නිසි දැනුම ලබාගන්නට වුවමනා වීමයි. යටත් විජිත පවත්වාගෙන යාම උදෙසා ඇති කළ එම ආයතනවලින් බිහිවූ විද්‍යාඥයින් අතර දකුණු ඇමරිකාවේ රටවල වැසියන් පච්චා කෙටුවේ ඇයිදැයි පැහැදිලි කෙරුවෝ සිටිති. ඒ සමහරෙකුගේ අදහස වූයේ, ‘පච්චා කෙටීම ඉන්කාවරුන්ගේ වෛද්‍ය ශාස්්ත‍්‍රයට අයත් ක‍්‍රියාවක් බව’යි. තවත් සමහරු, ‘දකුණු ඇමරිකාවේ වනවාසීන් කෘමි සතුන්ගෙන් හම රැුක ගැනීමට පච්චා කෙටූ බව’ කීහ. වෙනත් අදහස් ද කියවුණි. මොවුන්ගේ පොදු අදහස වූයේ දකුණු ඇමරිකාවේ රටවල ස්වදේශිකයන් මැවුම්කරු නොදැන සිටියවුන් මිස සාතන්ගේ සේවකයන් නොවන බවයි.


පච්චා කෙටීම ඊජිප්තුව, ඉන්දියාව වැනි රටවල ස්වදේශිකයන් අතරද පැවතුණි. එය දකුණු ඇමරිකානු වැසියන්ගේ සංස්කෘතික අංගයකි. ඔවුහු ඒ උරුමය වෙනුවෙන් ක‍්‍රිස්තියානි දේවගැතිවරුන්ගේ උදහසට ලක්වූහ. කාලයාගේ ඇවෑමෙන් පච්චා කෙටීම තමන්ගේ දෙයක් කර ගැනීමට යුරෝපයට හැකිවිය. දැන් එය බටහිර මෝස්තරයක් ලෙස දකුණු ඇමරිකානුවන්ටත් පොදුවේ ලෝකයටත් ලැබේ. මෙසේ හින්දු, ක‍්‍රිස්තියානි සහ ඉස්ලාම් උරුමයන් බවට පත් වූ සිංහල බෞද්ධ උරුමයන් අප‍්‍රමාණ සංඛ්‍යාවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link