සියවසේ නඩුවෙන් කාදිනල්ගේ දූෂණ වංචා එළියට

Last Updated on 7 months by admin

Photo Credit: ALBERTO PIZZOLI/AFP via Getty Images

මීළඟ පාප් තනතුරට පත්වීමට තරම් ජ්‍යෙෂ්ඨ කාදිනල්වරයකු වූ ජියෝවන්නි ඇන්ජිලෝ බෙචූ Cardinal Angelo Becciu මූල්‍ය අපරාධ, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, සාක්කිකරුවන්ට බලපෑම් කිරීම යන චෝදනාවලට වරදකරු බවට වතිකානු අපරාධ අධිකරණය තීන්දු කර තිබේ.

‘වතිකානුවේ සියවසේ නඩුව’ යනුවෙන් හඳින්වුණ, නඩුවාර 86ක් කැඳවමින් වසර දෙක හමාරක් මුළුල්ලේ පැවති අධිකරණ කටයුත්තෙන් කාදිනල් බෙචූ සහ තවත් චූදිතයෝ 8 දෙනෙකු වරදකරුවන් බවට අධිකරණය තීන්දු කළාය. විනාඩි 25ක් මුළුල්ලේ කියවන ලද නඩු තීන්දුවෙන් කාදිනල් බෙචූට වසර පහකුත් මාස 6ක සිර ද`ඩුවමක් සහ යුරෝ 8000ක දඩ මුදලක් නියම කෙරිණි. අනාගතයේ වතිකානුවේ කිසිදු නිලයක් දැරීමේ අවස්ථාවද කාදිනල් බෙචූට අහිමි විණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link