Last Updated on 6 hours by admin
ඩේවිඩ් ඇන්තනි
Pic. credit: TV9hindi.com
වන්දිභට්ටකම යනු ඉතා ප්‍රසිද්ධ කඩේයාමකි. බොහෝ කලාකරුවන් හා මාධ්‍ය කටයුතුවල යෙදෙන්නන් සිය පැවැත්ම හා ප්‍රසිද්ධිය උදෙසා වන්දිභට්ටකම් කරති. දේශපාලනඥයන්ට ලණුදීම කඩේයාමට එහා ගිය සංකීර්ණ ක්‍රියාවකි. රාජපක්ෂ පරපුර පැවතෙන්නේ බුදුන් උපන් ශාක්‍ය වංශයෙන් යැයි ජැක්සන් ඇන්තනි කී කතාව නිදසුනකි. බොහෝ දෙනොගේ අදහස මහින්ද රාජපක්ෂ ප්‍රධාන රාජපක්ෂවරුන්ගේ ආදරය දිනාගැනීම, ජැක්සන්ගේ පරමාර්ථය වූ බවයි. එයින් රාජපක්ෂලාට අකමැති බෞද්ධයන් තුළ බුදුසසුන කෙරෙහි කලකිරීමක් ඇති වූ බව වැඩි දෙනෙකුට නොවැටහුණි.
පාසැල් ළමයින්ට චීනය පරිත්‍යාග කළ රෙදි භාරගැනීමේ උත්සවයට නියමිත වෙලාවට නොගිය අගමැති හරිනි අමරසූරිය ඒ තෑග්ග ගැන තායිවානයට ස්තුති කළාය. එය ඇය සිදු කළ බරපතල වරදකි. ඇයගෙන් කම්මුල් ප්‍රහාරයක් කෑ චීනය, බයිබලයේ සඳහන් සේ අනෙක් කම්මුල නොපෑවාය. පාරක් නොකෑ සේ රඟපාමින්, ලංකාවේ ජනාධිපති අනුර කුමාරට සංචාරයකට එන්නැයි ආරාධනා කළාය. ඒ ගමනේ දී ඔහු හා චීන ජනපති නිකුත් කළ එකාබද්ධ ප්රකාශනයේ පස් වැනි වගන්තියෙන් පැවසෙන්නේ, මහජන චීන සමූහාණ්ඩුව චීනය නියෝජනය කරන බවත් තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් ශ්‍රී ලංකාව පිළිගන්නා බවයි.
රැජිනගේ ඔටුන්නට යටත් රටක්ව තිබී නිදහස ලැබූ ලංකාව, චීනය පිළිබඳව බ්‍රිතාන්‍ය ප්රතිපත්තියම අනුගමනය කළ රටකි. ආර්. ජී. සේනානායක වැනි සිංහල දේශප්‍රේමීන් සහ භික්ෂුන් වහන්සේ පිරිසක් ලොකු වෑයමක් දරා එය වෙනස් කළහ. දෙරට එක් වූයේ ‘පොර්මෝසා’ චීනයේම කොටසක් ලෙස පිළිගනිමිනි. මූලධර්මය එසේ තිබිය දී අනුර කුමාර ජනාධිපතිවරයා, ‘අපි එක චීනයක් පිළිගනිමු. ඒ මහජන චීනය පමණයි’ කියා චීනයට පොරොන්දු වන්නට කිසිම වුවමනාවක් නැත.
මාලිමාව වනාහි බටහිර තානාපතිවරුන් ඔවුන්ගේ උවමනා සපුරා ගැනීමට හැදු දේශපාලන සංවිධානයකි. එය රටවැසියන්ට නොවැටහුනේ ජාතිකත්වය පිළිබඳ ඉතිහාසයක් ඇති ජවිපෙ එහි ප්‍රධාන කොටසකරුවා වු හෙයිනි. ජනවාරි 16 වැනිදා සෑම් සෙනෙවිරත්න බෝධි සභාවට ඉදිරිපත් කළ ලිපිය, හරිනිගේ ආචාර්ය උපාධිය පිළිබඳ කොස්සක් ඇතැයි කියයි. ඇය දේශපාලනයට දැමීම බටහිරුන්ගේ වුවමනාවක්ය යන අදහසද එය කියවන්නෙකුට ඇති වේ.
ආචාර්ය නලින් ද සිල්වා, ‘මෝදිදාස’ ලෙසින් හැඳින්වූ රනිල් වික්‍රමසිංහ බටහිර ගැත්තෙකි. ඡන්දයෙන් පැරදුන ඔහු රටේ නායකයා වූයේ බටහිරුන්ගේ හපන්කමෙනි. එය අනුර කුමාරගේ ජවිපෙද සම්බන්ධ වී කළ අපරාධයකි. බටහිරුන් රනිල් ගෙනාවේ රට ගොඩගන්නට නොවේ. පොහොට්ටුව නැති කර රටේ ජාතික බලවේගය දුර්වල කිරීම ඔවුන්ගේ එක් වුවමනාවක් වූයේය. එය ඉටු විය. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මාලිමාවේද ආර්ථික ප්රතිපත්තියයි. එහෙත් එය අනුර කුමාර ජනාධිපති නායකත්වය දරණ ජවිපෙ ප්‍රතිපත්තිය එය නොවේ. පැරණි ජවිපෙන් කැඩී වෙන් වී සැදුනු කුඩා කොමියුනිස්ට් සංවිධාන, ‘ජවිපෙ වෙනස් වී ඇතැ’යි කරන චෝදනාව ඇත්තකි. ජවිපෙ වෙනස්වීම, පරිනාමවාදය අනුව පැහැදිලි කළ හැකි දෙයක් නොවේ. එය කිසියම් පිරිසක් විසින් වෙනස් කරන ලද්දකි. හරිනි ඒ වෙනසේ සංකේතයකි.
අනුර කුමාර ජනපතිට එක චීනයක් පමණයි යැයි සඳහන් ගිවිසුමකට අත්සන් කිරීමට සිදුවීම හරිනිගේ ක්රියාවේ ඍජු ප්රතිඵලයකි. චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීටත් ඔහුට සිදු විය. එය ලොකු වාසියක් යැයි ඇතැම් වන්දිභට්ටයන් මොරගසමින් කීවත්, ඇත්ත එය නොවේ. ඉන්දියාව කරබාගෙන එවැන්නක් ඉවසන්නේ නැත. දැන් අනුර ජනාධිපති සහෝදරයා ගිරේට අහුවුන පුවක් ගෙඩියක් වැනිය. ඉන්දියාව සැනසීමට මෝදි සමගත් නිදහස් ගිවිසුමකට එළඹීමට ඔහුට සිදු වේ. එය ‘එට්කා’ ගිවිසුමයි. මෙවැනි කටයුතු සඳහා අනුර කුමාර ජනපතිට වඩා හරිනි වටිනා බව බටහිරුන් දනී. ඇය බටහිර අධ්‍යාපන ආයතනවල සහ ලංකාව කැඩීමට සූත්තර හදන විශේෂඥයින්ගේ නිපදවීමකි. සෑම්ගේ ලිපියේ සඳහන් වන ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි එබූ සිංහල බෞද්ධ විරෝධියෙකු වූ මහාචාර්ය ජොනතන් ස්පෙන්සර් හරිනිගේ ආචාර්ය උපාධියේ උපදේශකයෙකි.