Last Updated on 2 weeks by admin
ඩේවිඩ් ඇන්තනි
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව ලෝක බලවතා වූයේය. දැන් සිදු වන්නේ ලෝකය බලවතුන් හතර දෙනෙකු අතර බෙදී යාමයි. ඒ ඇමරිකාව, රුසියාව, චීනය හා ඉන්දියාව අතරයි. මේ බෙදීම වළක්වා ඇමරිකාවේ ජයග්‍රහණය රඳවාගැනීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවයි. ඔහු ඇමරිකාව යුද්ධවලින් ඈත් කිරීමට අදහස් කරන්නේ යුද්ධවලට සහභාගි වීම නිසා ඇමරිකාව ලබා ඇති දැවැන්ත පාඩු සැලකිල්ලට ගෙනයි.
ඩිමොක්රටික්වාදීන්ගේ ජාත්‍යන්තරවාදය නිසා ඇමරිකාව ආර්ථික වශයෙන් දුර්වල වූ බව ට්‍රම්ප්ගේ අදහසයි. ඇමරිකාව යළි බලවත් කිරීමට ඇමරිකානු ව්‍යවසායකයා නගා සිටුවා ඇමරිකාව ව්‍යවසායක රාජ්‍යයක් කිරීමට ට්‍රම්ප් සිතයි. ට්‍රම්ප්ගේ පාලනය යටතේ පිටරටවලින් ඇමරිකාවට එන සියලුම නිමි භාණ්ඩවලට ආයාත බදු වැඩි වේ. චීනයෙන් ආනයන කරන භාණ්ඩ සඳහා බද්ද සියයට හැට දක්වා ඉහළ යයි. එම නිසා ජර්මනිය මේ දිනවල චීනයටත් වඩා කලබල වී සිටියි.
සෝවියට් දේශය බිහි වූ කාලයේ ලෝකයේ සියලු මාක්ස්වාදියෝ එකම සොලිඩරිටියක බැඳී සිටියහ. ඒ කාලයේ ධනපති හා නිර්ධන පංති මිස මධ්‍යම පංතියක් නමින් දෙයක් කොමියුනිස්ට්වාදියෝ නොදැන සිටියහ. ලංකාවේ මාක්ස්වාදීන් පංති සහයෝගිතාවය යැයි කීවේ ඒ සොලිඩරියටමයි. ධනපති පංතිය පෙරළා පාලන බලය ලබාගැනීම ඔවුන්ගේ අදෘශ්‍යමාන ගිවිසුම වූයේය.
සොලිඩරිටිය බිඳ දැමීමට ඇමරිකාව, බි්රතාන්යය, ප්‍රංශය ඇතුළු බටහිර පෙරමුණට වුවමනා විය. ඔවුන් හැදූ උගත්තු මධ්‍යම පංතියක් ඇතැයි කියන්ට ගත්හ. 1971 කැරැල්ල, මේ සිතුවිල්ල ලංකාවට බලපෑ හැටි පෙන්වන සාක්කියකි. සිරගෙවල්වලට කොටු වූ ජවිපෙ සාමාජිකයෝ, ‘අපි හැබෑවටම නිර්ධන පංතියේ නියෝජිතයන් දැයි අසමින් වාද කරන්ට ගත්හ. ඒ කාලයේ ‘ක්‍රිස්තියානි සහෝදරත්වය’ නමින් සංවිධානයක් රටේ බිහි විය. සිරගෙවල්වලට කොටු නොවූ ජවිපෙ නායකයින් කිහිප දෙනෙක්ම ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය සමග එක් විය.
සෝවියට් හවුල බිඳ දැමීමට කර ගැසුවේ පාප්තුමාය. එතුමා පෝලන්තයේ වෘත්තිය සමිති නායක වැලේසා යොදවා සොලිඩරිටි නමින් ව්‍යාපාරයක් ඇරඹුවේය. එය වසංගතයක් පරිද්දෙන් නැගෙනහිර යුරෝපය පුරා පැතිරුණි. සෝවියට් හවුල වැටීමත් සමග මෙම සොලිඩරිටි දෙකම වාෂ්ප විය.
ඉස්ලාම් සොලිඩරිටිය වනාහි කොමියුනිස්ට් සොලිඩරිටිය හා වැලේසාගේ කතෝලික සොලිඩරිටියට වෙනස්, ලෝකය පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ඉතාම සංවිධානාත්මක සංවිධානයකි. ඕනෑම ඉස්ලාම් ආගමිකයෙකු ඊට අයත් වේ. ලෝකයේ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීම ඉස්ලාම් සොලිඩරිටියේ පරමාර්ථයයි. එය ඉන්දියාව කැඩීමට වෙහෙසේ. ඉන්දියාවෙන් කාශ්මීරය වෙන් කිරීමට සැරසේ. ඉන්දියානුවන් කියන ලෙසට කැනඩාවේ අගමැති ටෘඩෝ සමග නරේන්ද්‍ර මෝදි ගැටෙන්ට ප්‍රධාන හේතුව කැනඩාව ඉස්ලාම් ත්රස්තවාදීන්ට සරණ කඳවුරක් වීමයි. කැනඩාව කොටි ත්රස්තයන්ටද සරණ වූ රටකි.
පසුගිය අට වැනි සිකුරාදා ඕලන්දයේ ඇමර්ස්ටඩෑම් නගරයේ මහා වියවුලක් සිදු විය. ත්රස්තවාදීන් මහ පිරිසක් නගරයට වැදී යුදෙව්වන් සොයන්ට ගත්හ. ඔවුහු තට්ටු නිවාසවලට පවා කඩා වැදුනහ. හසු වූ යුදෙව්වා මහල්ලෙකු, ගැහැණු දරුවෙකු, ළමයෙකු කියා ඔවුන්ට ප්‍රශ්නයක් නොවීය. ඔවුහු ඒ හැමෝටම පහර දුන්හ. ඒ ත්‍රස්තවාදී හමුදාව ඉස්ලාම් සොලිඩරිටියට අයත් එකකි. ඔවුන් කුපිත වීමට හේතුව ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට පහර දීමයි. ඇමස්ටර්ඩෑම්හි ඕලන්දය සහ ඊශ්‍රායලය අතර පාපන්දු තරගයක් පැවැත්විණි. ඉස්ලාම් සොලිඩරිය ත්රස්තවාදීන් පිරිස මෙහෙයවා ඇත්තේ තරගය නැරඹීමට නගරයට එන යුදෙව්වන්ට පහර දීමටයි.
ජවිපෙ මාක්ස්වාදී පක්ෂයකි. එහි සාමාජිකයන් අතර පංති සහෝදරත්වය ඉක්මවූ සොලිඩරිටියක් පැවතුණි. එය දුර්වල කිරීමට ජවිපෙ සතුරන්ට හැකි විය. “1971 අප්‍රියෙල් පහරදීම මගේ අනුදැනුමෙන් සිදු වූ දෙයක් නොවේ” යයි විජේවීර කීවේය. නැවත ගොඩනැගුණු ජවිපෙ චප්ප වූයේ පෙරට වෙනස් ක්රමයකටයි. ජවිපෙ යළිත් ගොඩනැංවුනි. එහිදී ජවිපෙ සහෝදරවරුන්ව ආරක්ෂක හමුදාවලට අල්ලා දුන් ගෝනිබිල්ලන් පවා අලුත් පක්ෂයේ ප්‍රධානින් වූ බව කියවේ. මහනඩුව විභායේදී විජේවීර පාවා දුන් සියලුම සතුරෝ ද නව ජවිපෙ සමග අත්වැල් බැඳ ගත්හ. බෝපගේ එක් අයෙකි. අනුර දිසානායක ජනාධිපති සහෝදරයා එම ධුරයේ වැඩ භාරගනිද්දී විජේවීර සහෝදරයාව මතක් කළේ නැත. තමන් තාජුඩීන් ඝාතනය ගැන හොයනවා යැයි කියන ඔහු විජේවීර ඝාතනය ගැන හොයන බවක් නොකියයි.
මාලිමාව හැදීම ජවිපෙ වෙනස් කළ පිරිසගේම ක්‍රියාවකි. මාලිමාවට අයත් වැඩි දෙනා රටේ දේශපාලන සටන් බිමේ සිටි පුද්ගලයින් නොවේ. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය නිදසුනයි. ඇය සිංහල බෞද්ධයාට විරුද්ධව මතවාදී වැඩපිළිවෙළක යෙදී සිටි කාන්තාවකි. අගමැති හරිනි සහභාගි වූ අකුරණ ආසනයේ රැස්වීමක් පිළිබඳ විස්තර රූපවාහිනි නාළිකාවල දකින්ට ලැබුණි. එම රැස්වීමට සහභාගි වූ වැඩිදෙනා ඉස්ලාම් කාන්තාවන්ය. ඔවුන් ඇමතූ අගමැතිවරිය, ලංකාවේ හැම පුද්ගලයෙකුටම තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ හා තමන්ගේ ආගම ඇදහීමේ අයිතිය ලබාදීමට මාලිමාව කටයුතු කරන බව කිවාය. මෙය සිංහලයන්ට විරුද්ධව ඉස්ලාම් ආගමිකයන් ඇවිස්සීමකි. අගමැති හරිනි නොදන්නවා වුවද දැනටත් ඒ අයිතිය ඔවුන්ට තිබේ. සමහර විට ඇයට, ඇගේ පොලිස් ආරක්ෂාව භාර නිලධාරියාගෙන් මේ ගැන අසා දැනගත හැකි වනු ඇති.
ලංකාව ආසන්නයේ පිහිටි මාල දිවයින්හි ආදි වැසියෝ සිංහලයන් යයි විශ්වාසයක් පවතී. ඔවුන් බෞද්ධයන් වූ බවට කිසිම විවාදයක් නැත. දැන් ඉස්ලාම් රටක්ව පවතින මාලිදිවයිනට බුදුරුවක් දැක්වෙන වෙසක් පතක් රැගෙන යාමට නුපුළුවන. පකිස්ථානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ සිංහලයෙකු මුස්ලිම් ආගමට අපහාස කළේ යයි කිපුණු පිරිසක් ඔහු අල්ලා තලා පෙලා පණ පිටින් ගින්නට දා පිළිස්සුවේ වැඩි ඈත කාලයක නොවේ. ලංකාවේ අගමැති වුවත් ආචාර්ය හරිනි අමරසූරියට නිජාබය නැතිව ඉරානයට පය ගැසීමට නොහැක.
ඇමරිකානු මැතිවරණයෙන් කමලා හැරිස් පැරදුණි. ඇමරිකාව නොදත් සිංහලයන් පවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජය ගැන අසා ප්‍රීති වූහ. කමලා හැරිස් පැරදී ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම සිංහලයන්ට යම් අස්වැසිල්ලකි. ඊට හේතුව ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවෙතැයි සිතීමට තරම් ඔවුන් මෝඩ නිසා නොවේ. ලංකාවට ළඟා වෙමින් පැවති භයානක අනතුරක් ඈත් වූ බවට ඉවක් ඔවුන්ට ඇත.
ලෝකය එකම පියස්සක් කරන්ට වැඩපිළිවෙළක් තිබුණි. ලංකාවට එහි බලය වැඩිපුර දැනුණේ, ක්ලින්ටන්, බයිඩන් වැනි ඩිමොක්රටික් ජනාධිපතිවරුන්ගේ කාලවලයි. ඒ අදහස පිළිගත් ලංකාවේ පාලකයෝ ලංකාව ලෝක පියස්සක් යටට ඇතුළු කිරීමට වෙහෙසුනහ. ඔවුන්ට කේවට්ටකම් කළ අය ඒ ක්‍රියාව ජාත්‍යන්තරවාදය නමින් හැඳින්වූහ. එය සිංහල බෞද්ධයාට තලමින් රටේ පැතිරුණි. සිංහල බෞද්ධයා ජාතිවාදී ආගම්වාදියෙකු කරන්ට ජාත්‍යන්තරවාදයට හැකි විය. සිංහලයෙකු ඔවුන්ට මොන උත්තරයක් දුන්නත් එය දූපත් චින්තනය වශයෙන් නින්දාවට පත් කෙරුණි. ඒ සඳහා මාධ්‍යකරුවන්, කලාකරුවන් සහ වෛවාරණ උගතුන් බිහිකිරීම ද එක්තරා ව්‍යාපෘතියක් ආකාරයට සිදු විය. ඇමරිකාවේ ශක්තිය බිඳ වැටීමටද හේතු වූයේ ඒ ජාත්යන්තරවාදයමය.
ජවිපෙ සහ මාලිමාව ලංකා දේශපාලනයේ රුකඩ දෙකකි. රුකඩ නටන්නේ නූල් සොලවන්නන්ට වුවමනා ලෙසටයි.