Last Updated on 8 months by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
Credit: dahampasela.wordpress.com
අවිහිංසාවාදී ආගමක් වශයෙන් ප‍්‍රසිද්ධ වී ඇති නමුදු බුද්ධාගම හිංසාකාරි ආගමක් වශයෙන් මතයක් ලොව පුරා ස්ථාපිත කිරීමට උත්සාහ දරන පිරිස් ලංකාවේ සහ විදේශයන්හි සිටිති. ඊට සම්බන්ධ වූවන් සිය මතය හුවා දක්වන්නට නොයෙක් උපක‍්‍රම භාවිත කර ඇත. ඒ ගැන නොසලකන හා නොදන්නා සිංහල බෞද්ධයින්ගෙන් සිදුවන්නේ, ඔවුන් නැසීමට එන සතුරන්ගේ අතට ආයුධ සැපයීමයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර ද`ඩුවමක් ලැබී ඇත්තේ අධිකරණ තීන්දුවකිනි. උන්වහන්සේ නිදහස් කරගත හැක්කේ ඉහළ අධිකරණයක තීන්දුවක් මඟිනි. ඒ සඳහා දක්ෂ නීතිඥයින්ගේ සහාය ලබාගැනීමට බෞද්ධයන්ට මෙන්ම උන්වහන්සේගේ සමාජ සේවාව දන්නා අබෞද්ධයින්ටද පුළුවන. උන්වහන්සේ සිරගත කිරීමට විරුද්ධත්වය පාමින් කෙරෙන උද්ඝෝෂණ හා අනවසර වැඩ ඊට වෙනස් මඟකි. එවැනි දෑවලින් සිදුවන්නේ සමස්ත සිංහල බෞද්ධයාටම හානියකි. ‘ඥානසාර හිමියන්ට සමාව දී ඉක්මනින් නිදහස් නොකළොත් බෞද්ධයින්ගේ වේදනාව වෛරයක් බවට පත්වී රටේ යුද්ධයක් ඇති විය හැකි බව’ රාජ්‍ය ඇමති අනුප පැස්කුවල් පාර්ලිමේන්තුවේදී කියා ඇත. මහාචාර්ය තෙන්නකොන් විමලානන්ද 1817-18 කැරැල්ල හඳුන්වන්නේ ‘සිංහලේ සංහාරය’ හැටියටයි.
ඇමරිකාවේ සහ එංගලන්තයේ ක‍්‍රිස්තියානි සඟරා සහ කතෝලික රෙජිස්ටරියේ ප‍්‍රධාන ලේඛකයෙකු වශයෙන් කටයුතු කරන ඇන්ජිලෝ ස්ටැග්නරෝ (එරස්මුස්) මීට කලකට පෙර ‘ක‍්‍රිස්තියානින්ට එදිරිව සිදුවූ බෞද්ධ හිංසන ක‍්‍රියා පිළිබඳ කෙටි ඉතිහාසය’ මැයෙන් ලේඛනයක් ප‍්‍රසිද්ධ කළේය. ඔහු එම ලිපියෙන් හිංසනයට මහජනයා පොළඹවන ප‍්‍රචණ්ඩකාරී බෞද්ධ නායකයින් දෙදෙනෙකුගේ නම් සඳහන් කරයි. පළමු වැන්නා, ‘ටයිම්’ සඟරාව මුල් පිටුවේ ඡායාරූපයක් පළ කරමින් ප‍්‍රචණ්ඩ තැනැත්තකු වශයෙන් ලෝකයට පෙන්වූ බුරුමයේ විරතු හිමියන්ය. බොදු බල සේනාව සහ එහි සභාපති ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ නමද එහි සඳහන්ව තිබේ.
එරස්මුස් දැඩි කතෝලිකයෙකි. මධ්‍යතන යුගයේ ක‍්‍රිස්තියානි දේවස්ථානය මුල්වී ලොව පුරා සිදු කළ සංහාර, සමූල ඝාතන, සිරගත කිරීම්, අත්පා කපාදැමීම්, පණපිටින් පුළුස්සාදැමීම් ආදි අපරාධ ඉතිහාසයෙන් මැකීමට ඔහු වෙහෙසේ. එය වැටහෙන්නේ, ඔහු, කතෝලික බිෂොප්වරුන් සිදු කළ ශිෂ්ටාචාර සංහාර සුළු සිදුවීම් වශයෙන් සඳහන් කරන බැවිනි. ස්ටාලින්, පොල්පොට්, මා ඕසේතුං, ටැමර්ලේන් වැන්නන් කළ අපරාධ හා සසඳන විට දේවගැතිවරුන් අතින් පොඩි පොඩි වැරදි සිදුවී ඇති බව ඔහු කියයි.
කතෝලික සභාවේ බිහිසුණු ක‍්‍රියා හෙලිකරන පොතක්, ‘බෞද්ධ බලවේගය’ නමැති සංවිධානය විසින් 1963 වසරේ ප‍්‍රකාශයට පත්කර ඇත. එහි පෙරවදන ලියා ඇත්තේ කීර්තිමත් අධ්‍යාපනඥයෙකු වූ එල්. එච්. මෙත්තානන්ද මහතාය. ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ලියූ පොතපතින් උපුටාගත් වටිනා තොරතුරු ඉදිරිපත් කරන මෙම ග‍්‍රන්ථය, ලංකාවේ කතෝලික සභාව සිදු කරන බෞද්ධ විරෝධී කටයුතු පිළිබඳව කතෝලිකයන් ඇතුළු සියලූ රටවැසියා දැනුවත් කරයි.
කතෝලික අධිරාජ්‍යාඥා පිළිබඳ සටහනක්ද එහි ඇත. ඊට අනුව 361 වැන්නේ ආඥාව මෙසේය:
‘‘ප‍්‍රතිමා වලට බලි පූජා කරන හෝ ප‍්‍රතිමා වන්දනා කරන හෝ කවරකු වුවද මරණයට පත් කළ යුතු යයි අපි ආඥා කරමු.
ක‍්‍රිස්තියානි ආගම අද ලෝකයේ ඉතාම ප‍්‍රබල හා ඉමහත් සේ ව්‍යාප්තව ඇති ආගම බව අවිවාදයෙන් පිළිගත යුතුය. එහෙත් ඒ තත්වයට පැමිණියේ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ විසින් අනුදැන වදාළ පරිදි උන්වහන්සේගේ ශුභාරංචි සාමකාමීව ලොව පුරා පතුරුවා හැරීමෙන් නොවේ. ලොවේ සියලූම මිනිසුන්ට එකාකාරව දයාව හා කරුණාව පෙන්වන ලෙස උගැන්වූ ඒ ශාස්තෘවරයන්ගේ නාමයෙන් කෝටි සංඛ්‍යාත අසරණ මිනිසුන් මරණයට පත්කිරීමෙන්ය. තවත් කෙළ කෝටි සංඛ්‍යාත මිනිසුන් බලෙන්ම බවුතිස්ම කොට ක‍්‍රිස්තියානි ආගමට හරවා ගැනීමෙන්ය.’’ (පිටුව 48)
පාප්වරුන්, කලින් කල විවිධ රටවලට ගොස් කතෝලික බිෂොප්වරුන් විනාශ කළ මනුෂ්‍ය වර්ග ගැන ශෝකය පළ කිරීම වර්තමාන යුගයේ සිදුවන්නකි. එවැනි දෙයක් තවම ලංකාවේ සිදුවී නැතත්, ජනමාධ්‍යන්ගෙන් ප‍්‍රකාශ වන්නේ, කාදිනල්වරයා ප‍්‍රමුඛ කතෝලික සභාවේ දේවගැතිවරුන් රටේ ප‍්‍රජතන්ත‍්‍රවාදී සමාජයක් පිහිටුවීමට වෙහෙසෙන පිළිවෙළයි. ඇතැම් මාධ්‍යකරුවෝ යම් යම් වැරදිවල යෙදෙන භික්ෂුන් වහන්සේ ප‍්‍රදර්ශනය කර, චීවරධාරින් නමින් හඳුන්වති. ඔවුන්, දෙමළ ඩයස්පෝරාවට ඍජුව සම්බන්ධ වූ බිෂොප්වරුන් පවා හඳුන්වන්නේ ‘හිමිපාණන් වහන්සේලා’ යනුවෙනි. යුක්තිය පිහිටුවීම, නීතිය තහවුරු කිරීම, මානව හිමිකම් රැුකීම, පරිසරය ආරක්ෂා කිරීම, බඳු ශ්‍රේෂ්ඨ කටයුතු ගැන දක්වන උනන්දුව හැර කලාතුරකින් වත් මෙවැනි ‘හිමිපාණන් වහන්සේ’ කෙනෙකුගෙන් සිදු වන නරක වැඩක් ගැන ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේම නැත.
ථෙරවාදී බුදුසසුනේ පැවැත්මට එල්ල වී ඇති තර්ජනය සැලකිල්ලට ගත් විට, බුරුමයේ සහ ලංකාවේ ථෙරවාදී භික්ෂුන් වහන්සේ හිංසකයින් බවට ප‍්‍රසිද්ධ කෙරෙන ලේඛන හා චිත‍්‍රපට හැරුනවිට, තවත් බොහෝ දේ ඇති බව කියන්ට සිදු වේ. සසුනට වින කළ ජවිපෙ දේශපාලන සංවිධානය බිහිවීම නිදසුනකි. ඔවුන්ගේ මාක්ස්වාදය නිසා රටේ බිහිවී ඇති නිරාගමිකයන් තවත් නිදසුනකි.
අපි සිංහල බෞද්ධ ශිෂ්ටචාරය රැකගත යුතු වෙමු. එය තව කලක් රැක ගැනීමට පුළුවන. ඊට මඟ බෞද්ධ මූලධර්මය අනුගමනය කිරීමයි. අවිහිංසාව, මෛත‍්‍රය හා ප‍්‍රඥාව බෞද්ධ මූලධර්මයට අයත් ධර්මතාවන් තුනකි.