අමිනිට හිමි වූ මානව හිමිකම් සම්මානය ගන්න පවුෙල් අයට තහංචි

Last Updated on 9 months by admin

(Photo credit: OZAN KOSE/AFP via Getty Images)

පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය මාෂා අමිනිට හිමිවූ යුරෝපා සංගමයේ ඉහළම මානව හිමිකම් සම්මානය ලබාගැනීම පිණිස ප‍්‍රංශට යෑමට ඇයගේ පවුලේ සාමාජිකයන්ට අවසර නොදීමට ඉරාන බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. 2022 වසරේ පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවූ ඇගේ මරණය රටපුරා විරෝධතා රැුල්ලක් ඇති කිරීමට සමත් විය.


Human Rights Activits News Agency (HRANA) වාර්තා කරන පරිදි, අමිනිගේ පියාට හා සොහොයුරන් දෙදෙනාට ‘සැකරොව් සම්මානය’ (Sakharov Prize for Freedom of Thought) ලබාගැනීම පිණිස ප‍්‍රංශයේ ස්ට‍්‍රැස්බර්ග් බලායෑමට ඉල්ලූ අවසරය බලධරයන් ප‍්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් වෙනුවෙන් සම්මානය ලබාගැනීම සඳහා යෑමට, පවුලේ නීතිඥ සාලේ නික්බක්ට්ට අවසර දී ඇත.


22 හැවිදිරිදි කුර්දි-ඉරාන තරුණියක වූ අමිනි, ඉරානයේ තදින් ක‍්‍රියාත්මක, කාන්තාවන් හිසකේ පටන් මුළු සිරුරම ආවරණය කිරීමේ නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ ඉරාන ‘සාදාචාර’ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
පොලිස් අත්අඩංගුවේදී ඇයට දරුණු ලෙස පහරදුන් බවත් පොලිසියේ සාහසිකත්වය නිසා ඇය මිය ගිය බවත් පොලිස් අත්අඩංගුවේ සිටි කාන්තාවෝ සාක්ෂ්‍ය දුන්හ. තම දුවගේ සිරුරේ ලේ පැල්ලම් හා කලවා අත පය ආදියේ තැලූම් ලකුණු සියැසින් දුටු බවට ඇයගේ පියා කීපවරක්ම ප‍්‍රකාශ කර තිබුණි. ඉරාන පොලිසිය ප‍්‍රකාශ කළේ ඇය පොලිස් අත්අඩංගුවේ සිටියදී හෘදයාබාධයක් සෑදී බිම ඇදවැටී රෝහල් ගත කිරීමට පෙර ‘කොමා’ තත්වයට පත්වූ බවයි. එසේ වුවද, හෙළිදරව් වූ ‘ස්කෑන්’ වාර්තා හා පුද්ගල ප‍්‍රකාශ, පොලිස් පහරදීම් නිසා මොළයට සිදුවූ හානි නිසා අමිනි මියගිය බව විශ්වාස කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link