Last Updated on 7 months by admin
මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD
Photo Credit: Library of Congress
අධ්‍යාපනයෙන් රටක් හදන්න කලින්, ඒ රටේ ඉන්න මිනිසුන්ගේ මොළ හදන්න ඕනේ.
එසේ නොවන්න හැම වේදිකාවකම, හැම නාළිකාවකම, හැම අහුමුළුවලම දෙසන දේශනා වාතයට මුසුව සුළඟේ ගසාගෙන යන ප්රලාප පමණයි.
උවිඳුගේ පියාගේ පරපුරේ කෙනෙක් හැටියට විජේවීරට සමකාලීනව අධ්‍යාපනය තුළින් සමාජය යහමගට ගන්න ගත් සෑම උත්සාහයක්ම කඩා බිඳ දමනු ලැබුවේ හැම යුගයකටම අරක්ගත් කාලකණ්ණි දුෂ්ටයින් පිරිසක් විසින්.
ඔවුන් අද වෙනදාටත් වඩා බලවත්. එදා විජේවීරට වැරදුනා වගේම උවිඳුට වරදින්නෙත්, දූෂිතකම ව්‍යූහගත වී තිබීම නිසයි. දූෂිතයින් මගහැර අලුත්ම අලුත් ගමනක් යන්න උවිඳු වැනි අත්දැකීම් අඩු ළාබාල පුද්ගලයෙකුට පමණක් නොව අත්දැකීම් බහුල මුහුකුරා ගිය බුද්ධියක් ඇති පුද්ගලයකුට වුව හැකිවේද යන්න සැකයි.
රට තැනීම කෙසේ වෙතත් බලය අල්ලා ගැනීමේ බලු පොරයකට සූදානම් වීමේ ක්‍රියාවලිය අපි ජනාධිපතිවරණය හෝ මහමැතිවරණ කියා හඳුන්වනවා.
ඊනියා නිදහස ලැබූ දා සිට මේ දක්වා පැවැත්වූ කිසිම මැතිවරණයකට සදාචාරයක් තිබුණේ නෑ.
අප නිතර පෙන්වා දුන් පරිදි, ‘රටක අධ්‍යාපනයේ මූලික පරමාර්ථය මිනිස් ශ්‍රමයට දැනුමක් හා පුහුණුවක් ලබාදීම පමණක් නොව එම ශ්‍රමිකයා ශිෂ්ට සම්පන්න මිනිසෙකු කිරීමත්ය’. සිදු විය යුතුව තිබුණේ එයයි.
ඇමෙරිකාවට ගොස් ආචාර්ය උපාධි මුදලට මිලදී ගෙන ලංකාවේ විශ්වවිද්‍යාලයක උපකුලපති තනතුර දරන්නත්, අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන්නත් තරම් කෙනෙක් සදාචාරයෙන් පිරිහුනේ නම්, අනෙක් මිනිසුන් ගැන කවර කතාද?
“නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකකුත් ඕනෑ” කියා ගැමියා උපහාසයෙන් යුතුව පැවසූයේ මේ කියන තත්ත්වය හොදින් තේරුම් ගෙන සිටි නිසයි.