Last Updated on 7 months by admin
Photo credit: ceylontoday.lk
‘වැරදි කිරීම මනුෂ්‍ය ගතියකි. සමාව දීම දේව ගතියකි’ කියා සිංහලයේ උපදේශ පදයක් තිබේ. වැරදි කරන්නාට ස්ත‍්‍රී පුරුෂ භේදයක් නොසලකා ද`ඩුවම් දීම හින්දු ආගමේ සිරිතකි. මෙය කාලයක සිට බොලිවුඞ් චිත‍්‍රපටිවලින් පේ‍්‍රක්ෂයින්ට උගන්වන්නකි. ඉස්ලාම්, ක‍්‍රිස්තියානි ආගම්වලට මුල් වූ යුදාගමෙහිත් සමාව දීමේ සම්ප‍්‍රදායක් නොමැත. වැරදි කරන්නන්ට අනුකම්පා නොකරන තමා, වැරදිකාරයාගේ දරු මුණුපුරන්ට පවා ද`ඩුවම් දෙන කෲර තැනැත්තකු බව මැවුම්කාරයාම කියයි.
කාදිනල්වරයා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කියන්නේ සත්‍යයක් නොවේ යයි, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඊයේ සමාජ ගත කළ කරුණු පැහැදිලි කිරීමේ ලියවිල්ලෙන් ප‍්‍රකාශ වේ. එය කියවද්දී මැල්කම් රංජිත් කාදිනල්වරයා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ රංගනයක යෙදේ දැයි සැකයක් මතු වේ.
බොරු ඉතිහාස ලියන්නන් කිතු දහම අනුරාධපුර කාලයට ගෙන ගියත්, එය අපට ලැබුණේ ක‍්‍රි.ව. 1505ට පසු පෘතුගීසින්ගෙනි. පෘතුගාලයේ අගමැති මාසෙලෝ රෙබේලෝ ද සුසා පසුගිය දිනක ඉතා විටිනා ප‍්‍රකාශයක් කළේය. එය අප‍්‍රිකානු මහාද්වීපයේ රටවල් බොහොමයක විශේෂ ප‍්‍රවෘත්තියක් වශයෙන් ප‍්‍රකාශයට පත් විය.
‘‘අපි කරපු අපරාධවලට අප කණගාටු විය යුතුයි. ඒ ගැන අප විනාශ කළ රටවලින් සමාව ඉල්ලිය යුතයි. එය කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවේ. අපේ කෲරකම්වලට ගොදුරුවූවන්ට වන්දි ගෙවිය යුතුයි’’ ඔහු පවසයි.
දේවස්ථාන තුනක පාස්කු ඉරිදා පූජාවට පැමිණ සිටි බැතිමතුන් සිය ගණනක් පාස්කු ප‍්‍රහාරයට ගොදුරු වූහ. ඒ කිසිම තැනක බිෂොප්වරයෙක්, ෆාදර්කෙනෙක්, බ්රදර්කෙනෙක් හෝ සිස්ටර් කෙනෙක් නොසිටියේය. කතෝලික නායකයෙකු ප‍්‍රහාරයට ගොදුරු වූ බව දැනගන්නට නැත. ඊට හසු වූ සියල්ලෝම පාහේ සාමාන්‍ය මනුෂ්‍යයෝ වූහ.
ලංකාවේ පෘතුගීසි ආක‍්‍රමණවලට ගොදුරු වූයේ සිල්ලර මනුෂ්‍යයින් පමණක්ම නොවේ. මුළු රටම (සිංහල රාජධානියම) ඊට හසු විය. වසර 150 කට වැඩි කාලයක් තිස්සේ සිදු වූ පෘතුගීසි ආක‍්‍රමණ නිසා රටේ ප‍්‍රධාන විහාරස්ථාන සියල්ලක්ම පාහේ විනාශ විය. දහස් සංඛ්‍යාවක් සංඝයා වහන්සේලා අපවත් වූහ. බිෂොප්වරුන්ගේ මෙහෙයවීම යටතේ මහා සංහාර සිදු විය. අන්තිමට අපරාධකරුවෝ විහාරස්ථානවලට අයිති බිම් අල්ලාගත්හ. කාදිනල්වරයා පාස්කු ප‍්‍රහාරය ගැන අදහස් දක්වන ස්ථානය පවා පැරණි විහාරස්ථානයක් පිහිටි බිමක් වන්නට පුළුවන. හලාවත බිෂොප් මාළිගාව යනු ජයවර්ධනපුර රාජධානියේ මහඇමති ජයපාල මැතිඳුන්ගේ මාළිගාව පිහිටි තැනයි.
පාස්කු ප‍්‍රහාරය ගැන කතා කරන කාදිනල්වරයා ප‍්‍රධාන කතෝලික නායකයින්ටත් ඕමල්පේ සෝභිත ආදී භික්ෂුණ් වහන්සේලාටත් කළ හැකි වටිනා සමාජ කාර්යයක් තිබේ. පෘතුගීසි ආක‍්‍රමණ නිසා සිංහල බෞද්ධයන්ට සිදු වූ අති මහත් විපත් ගැන පෘතුගාල ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමට පුළුවන. ඔවුන් කළ අපරාධ වෙනුවෙන් බෞද්ධයන්ට කෙසේ වෙතත් රටට වන්දියක් ලබාගැනීමට පුළුවන. අඩුතරමින් ඔවුන් කළ අපරාධ සිහි කෙරෙන ස්මාරකයක්වත් ගොඩනංවන්නට පුළුවන් නේද?