ඕලන්ද මැතිවරණ ප‍්‍රතිඵලය ලෝක දේශපාලන භූමිකම්පාවක නිමිත්තක්ද?    

Last Updated on 10 months by admin

ඕලන්ද මහ මැතිවරණයෙන් ගෙර්ට් විල්ඩර්ස් (Geert Wilders) ජයගැනීම අනාගත ලෝකයේ සිදුවන මභා භූචලනයක පෙර නිමිත්තක් යැයි  ඇතැම් දේශපාලන විචාරකයෝ කියති. ඒ මන්ද?

 යුරෝපයේ බොහෝමයක් රටවල ඉස්ලාමික ජනගහනය ඇදහිය නොහැකි ලෙසට වර්ධනය වේ. ක‍්‍රිස්තියානි ආගම හා සංස්කෘතිය මහා වේගයකින් ඉස්ලාම් සංස්කෘතියේ ගොදුරක් වෙමින් පවතී. රටවල් ගණනාවක  දේශපාලනය බලය හැසිරවීමේ අදෘශ්‍යමාන බලය ඉස්ලාම් මවුලවි කණ්ඩායම් හිමිකර ගෙන ඇත. බොහෝ විට මොවුහු එම රටේ පුරවැසියෝ නොවෙති. ඔවුන්ගේ උපදෙස් පරිදි ඉස්ලාමිකයෝ ක‍්‍රිස්තියානි නගර හා ප‍්‍රාන්ත අල්ලති. ඔවුහු වැඩි වැඩියෙන් ආර්ථික බලය හිමිකර ගනිති.

  මෙම බරපතල කාරණය පෙනි පෙනී අන්ධයන් සේ හැසිරීම බොහෝ රටවල දේශපාලනඥයන්ගේ සිරිතකි. ඊට ප‍්‍රධාන හේතුව ඉස්ලාම් ඡුන්ද නැතිව බලයට පත්වීමට නොහැකි යයි ඔවුන් සිතීමයි. දේශපාලනඥයින්ගේ සිත්හි ඒ හැඟීම ඇති කිරීමත් සංවිධානාත්මක ඉස්ලාම් වැඩපිළිවෙළේ කොටසකි. දැනුම තේරුම ඇත්තන්, විශේෂයෙන්ම උගතුන් අංගවිකලයන් සේ හැසිරීම මෙම රටවල ලක්ෂණයකි.

  ඕලන්දය ඉස්ලාම් බලයට යටවෙමින් පවතින රටකි. එහි වරද මධ්‍යස්ථ දේශපාලකයින්ට පමණක් පැවරිය නොහැක. ඉහළම වැරදිකරුවන් වාමාංශික අදහස් දරන්නෝ වෙති. මාක්ස්වාදීන් වශයෙන් ජීවත් වන  ඔවුන්ට ජාතිකත්වය ගැන කතා කිරීමට නොපුළුවන. මොවුන් සියල්ල පරදා රට ජාතිය ආගම ඉස්ලාම් ව්‍යාපාරයෙන් බේරාගැනීමට දේශපාලන බලය ලබා ගත යුතුයි විල්ඩර්ස් තීරණය කළේය. රට වැසියන්ට නොබියව ඉස්ලාම් ලැව් ගින්න ගැන පැහැදිලි කිරීම මඟින් ඔහු ඊට මඟ පාදාගත්තේය. විල්ඩර්ස් ඉස්ලාම් ත‍්‍රස්තවාදීන්ගේ ඝාතන ලයිස්තුවට වැටුණි. පසුගිය කාලයේම පොලිස් ආරක්ෂාව යටතේ ජීවත්වෙමින් දේශපාලනය කිරීමට ඔහුට සිදු විය. ඒපී පුවත් සේවයෙන් උපුටා මෙහි පළ කර ඇති චායාරූපයෙන් දැක්වෙන්නේ විල්ඩර්ස් චන්දය පාවිච්චි කරන විට පවා ඔහුට ආරක්ෂාව සැපයූ ආකාරයයි.

විල්ඩර්ස්ගේ පැහැදිලි කිරීම්  ඕලන්දයේ ඉස්ලාම් සංක‍්‍රමණිකයින් පවා පිළිගෙන ඇති බව කියවේ. එය සැබෑවක් බව වටහා ගැනීමට  ඕලන්ද ඇමරිකානුවෙකු වූ අයාන් හිර්සි අලි ්හ්්බ ්‍යසරිස ්කස සාක්කියකි.  ඕලන්දයේ ජීවත් වූ, පරම්පරාවෙන් ඉස්ලාම් කාන්තාවක වූ ඇය  තම ආගම යටතේ සිදුකරන බලහත්කාර විවාහ, ළමා විවාහ, ගෞරවය සඳහා මරාදැමීම සහ ස්ත‍්‍රී සුන්නත (භගමනිය කපා දැමීම* වැනි සම්ප‍්‍රදායික ඉස්ලාම් ක‍්‍රියාවලට  විරුද්ධව  ඉස්ලාම් කාන්තාවන් වෙනුවෙන් සටන් කරන්ට වූවාය. ‘ඉස්ලාමය ආගමකට වඩා දේශපාලන ක‍්‍රියාවලියකි. ඊට අරමුණක් තිබේ. ලොව  සියලූම ඇදහීම් නැති කර ඉස්ලාම් ලෝකයක් සැදීම ඉස්ලාම් දේශපාලනයේ අරමුණයි’ ඇය පවසයි.

විල්ඩර්ස්ගේ ජය යුරෝපය සොලවන භූමිකම්පාවක් වන්නේ එය යුරෝපයේ වෙනත් රටවලටද මඟපෙන්වීමක් විය හැකි බැවිණි. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වෙමින් තිබියදී විල්ඩර්ස්ට සුබ පතමින් යුරෝපයේ රටවල දක්ෂිණාංශික දේශපාලනඥයන් එවන සුබපැතුම් ඊට සාක්කියකි. මෙහි බරපතලම තත්වය ජර්මනියේ දක්ෂිණාංශිකයන් අවදි කිරීමට විල්ඩර්ස්ගේ ජය හේතුවක් විය හැකි බැවිණි. හිට්ලර්ගේ පරාජයෙන් පසුව කඩා වැටුණු ජර්මනියේ නාසිවාදය අන්ත දක්ෂිණාංශික ව්‍යපාරයක් වශයෙන් හිස ඔසවිමින් සිටියි.

විල්ඩර්ස් නැගී සිටින්නේ ලෝකය තුළ මෙතෙක් හිමිකරගෙන සිටි නායකත්වය ඇමරිකාවෙන් ගිලිහෙමින් පවතින බවක් පෙනෙන්නට තිබියදීය. පෙරදී ඇමරිකාව යුද්ධයකට පැටලූන සැණින් බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය වැනි රටවල් ආධාරයට ආහ. හමාස්වරුන් සමඟ ඊශ‍්‍රායලය කරන යුද්ධයේදී ඒ තත්වය වෙනස් වී තිබේ. ඇමරිකාව තනිවම ඊශ‍්‍රායලය වෙනුවෙන් පෙනී සිටියි. ප‍්‍රංශය සහ බ්රිතාන්‍යය යුද්ධය නවත්වන්නැයි දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීම් කරති.

 තාක්ෂණය හා ලෝකය එක පියස්සක් වීම නිසා අරාබියේද සිදු වූ වෙනස් වීම් රාශියකි. වැඩිම වෙනස ඇත්තේ කාන්තා සමාජයෙහිය. වාහනයක් පැදවීමටවත් නිදහසක් නොතිබුණ සවුදි අරාබියේ කාන්තාවෝ රාජ්‍ය පාලනයටත් සම්බන්ධ වෙමින් සිටිති. ලස්සන නගර හා පොහොසත් ආර්ථිකයන් ගොඩනඟාගෙන සිටින ඩුබායි, කුවෙට් බඳු රටවල් ඊශ‍්‍රායලය සමඟ යුද්ධයකට පැටලී විනාශ වන්නේ කුමකට දැයි සිතති. පසුගිය සතියේ සවුදි අරාබිය, ඊජිප්තුව, ජෝර්දානය, පලස්තීනය සහ ඉන්දුනිසියාව යන රටවල ඇමතිවරුන් කණ්ඩායමක් චීනයට ගියහ. ගාසා යුද්ධය නැවැත්වීමට චීනයේ ආධාර ඉල්ලීම ඔවුන්ගේ පරමාර්ථය විය.

ෙඩ්විඩ් ඇන්තනි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link