කිතු බැතිමතුන්ට එළඹි සිහියට පිවිසීම සඳහා බුදුදහම වැළඳ ගත යුතුම නැහැ

Last Updated on 1 month by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

Pic. Credit: National Museum of Krakow

කතෝලික ආගම යෙරුසලමින් ඇරඹී යෙරුසලමට සීමා වී නම්,
මැවුම්කරු සමඟ මිනිසුන් කරන ගනුදෙනුව මීට වඩා සුගම වීමට ඉඩ තිබුණා. මැවුම්කරුට ලැබිය යුතු ගැඹුරුම අර්ථයත් ඒ තුළින් තහවුරු වෙනවා.

අවාසනාවකට කතෝලික ආගම බිහිවෙන්නේ රෝමවරුන්ගේ මැදිහත්වීමෙන් දේශපාලන ආධිපත්‍යයක් ගොඩනැගීමේ අරමුණින්.

ආරම්භයම කෙලෙසී තිබීම නිසා, දිගින් දිගටම උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් හා සැබෑ ආධ්‍යාත්මික නායකයින්ගෙන් විවේචන එල්ල වන බව රෝමානු කතෝලික පූජකවරුන් දැන සිටියා. ඒ නිසා සාතන් ඒ ආගමට ඇතුල් කරගන්නවා.

සාතන්ගෙන් තොරව කතෝලික ආගමට පැවැත්මක් නැති නිසා
සාතන්ගේ බලපෑමට හසුවුණා යයි සැකකර අහිංසක කාන්තාවන් පණ පිටින් පුළුස්සා මරා දැමූ අවස්ථා එමටයි.

15 වන හා 16 වන සියවස්වල යුරෝපයේ සිටි සුවිශේෂ ගණයේ බුද්ධිමතුන් ස්වාධීන මත ප්‍රකාශ කිරීම නිසා හෝ පල්ලියේ ඉගැන්වීම් සාවද්‍ය බව තේරුම් ගත් නිසා සත්‍යයේ නාමයෙන්
ඒ උත්තමයන්ට දර සෑයවල් මත දැවී පිලිස්සී මිය යන්නට සිදුවුණා.

ඇත්තෙන්ම බැලූ විට කතෝලික ආගමේ සැබෑ බලවතා මැවුම්කාරයා නොව සාතන්.

පල්ලිය සාතන්ගේ භූමිකාව ඉටු කරමින්, අහිංසක හා බුද්ධිමත් පිරිස් ඉතාමත් කෲර අන්දමින් මරා දැමීම බුදු සමයේ එන සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් නම් අනුමත කරන්නේ නෑ.

ක්‍රිස්තියානි කතෝලික බැතිමතුන්ට එළඹි සිහියට පිවිසීම සඳහා බුදුදහම වැළඳ ගත යුතුම නැහැ.

යේසුස් වහන්සේ යනු කතෝලික ආගමට අනුව මැවුම්කරුගේ මියගිය පුත්‍රයායි. සෑම කතෝලික පල්ලියකම පාහේ යේසුතුමාගේ රුව වැඩි වශයෙන් බැතිමතුන්ට ප්‍රදර්ශනය කරන්නේ කුරුසය මත මියගිය ආකාරයටයි.

මාර්ටින් ලූතර් පූජකවරයා රෙපරමාදු ආගම හඳුන්වාදීමත් සමගම ඇන්ග්ලිකානු පල්ලිවල කුරුසය මත “දිවි පිදූ” යේසු රුව ඉවත්කර කුරුසය පමණක් සංකේතයක් ලෙස ප්‍රදර්ශනය කරනවා.

ඇත්තෙන්ම කුරුසය යනු ආධ්‍යාත්මය සංකේතවත් කරන සංකේතයක් නොව අපරාධකාරයින්ට මරණීය දණ්ඩනය දීම සඳහා භාවිතා කරන ලද “එල්ලුම් ගසක්” වැනි වධක භාණ්ඩයක් පමණයි.

මෙම න්‍යායට අනුව ප්‍රංශයේ මරණ දඬුවම දීම සඳහා භාවිතා කරන ලද ගිලටීනයද 16ව න ලුවීගේ හිස වෙන් වුනු කවන්ධ රූපයත් සමගම ශුද්ධ වූ ආගමික සංකේතයක් ලෙස යොදා ගැනීමට අනාගත ආගමික නායකයෙක් තීරණය කළහොත්, එය බැතිමතෙකුගේ හිතේ සාමය සතුට හා සමාදානය ජනිත කළ හැකි යහපත් දසුනක් විය හැකිද?

හොඳ වෙලාවට එදා යේසුස් වහන්සේ කල්වාරි කඳු මුදුනේ කුරුසයක් මත දිවි පිදුවේ නෑ.

එවැනි කෲර මරණයකට උරුමකම් කියන්න තරම් එතුමා පව් කර තිබුණේ නැහැ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link