ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය

Last Updated on 3 months by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

Pic. Credit: SK Info Techies

සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා.

බංකොලොත් දේශපාලනයේ සෘජු ප්‍රතිඵලයක් වන ජඩමාධ්‍ය හිස් අහසේ පැළ වගාකර ඒවායේ අස්වනු නෙළන හැටි අහිංසක ජනතාවට පෙන්වා එයින් කොටසක් අමුම අමු පිස්සන් පිරිසක් බවට පත්කරනවා.

ජඩමාධ්‍ය, මිනිසුන්ගේ දුක් වේදනා අසහනය හා අනාරක්ෂිතභාවය ඔවුන් විසින් ප්‍රචාරය කරන වෙනත් වෙළඳ භාණ්ඩවලට අමතරව කිසිම හිරිකිතයක් නැතුව විකුණනවා.

මංකොල්ලකරුවන්, දූෂිතයින්, හොරුන්, තක්කඩින් වැඩි වැඩියෙන් දේශපාලනයට ඇදී එන්නේ ජඩමාධ්‍ය විසින් වැපුරූ බෝගවල අස්වනු නෙළාගෙනයි.

ශ්‍රී ලාංකිකයින් වන අප වාඩිවී සිටින්නේ නිධානයක් උඩ යයි වාමාංශික මෙන්ම දක්ෂිණාංශික කඳවුරේ අයත් රස කරමින් ජනතාවට කියනවා.

ඒ දෙපිරිසටම කඳුළු ගංගා නිධානයක් වන්නේ ඒ වතුරේ මිරිදිය මාළු වෙනුවට කරදිය මාළු ඇති කරන්න පුළුවන් කියමින් ජනතාව රවටන්න පුළුවන් නිසයි.

රටක් දියුණු කරන්න අවශ්‍ය කරන සාධක සහිත කරදිය වළල්ලක් අපේ දූපත වටේ තිබුණත්, දුප්පත් ධීවරයා ගැන හිතලා අඬන මාළුවන්ගෙ කඳුළුවලින් මුහුදේ ලුණු රසය තවත් වැඩි වෙලා කියලා යමෙක් කීවොත් එය සාහිත්‍යයට පමණක් සීමා කරන්න එපා.

අහසේ වී වගා කර අහිංසක ගොවියන් රවටන ජඩ මාධ්‍යයෙන් පෝෂණය වන තක්කඩි දේශපාලුවන් ධීවරයන්ට කරන දේම තමයි අහිංසක ගොවියන්ට කරන්නෙත්.

මේක රුදුරු චක්‍රයක්.

රට බාර ගැනීමේත්, රට ගොඩ ගැනීමේත්, දියුණු කිරීමේත් වගකීම අනාගතයේදී පැවරිය යුත්තේ මේ “රුදුරු චක්‍රය” කඩා බිඳ දමන්නට හැකි පෞරුෂයෙන් හෙබි වීර චරිතයකට පමණයි.

හිරු දුටු කඳෝපැණියන් ලෙස ජඩමාධ්‍යත් එදාට තමන්ගේ “ආලෝකය” නිවා ගන්නවා. එය ජඩ දේශපාලනයේත් අවසානය සනිටුහන් කරනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link