Last Updated on 19 hours by admin
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

2025 නත්තල් දවසේදී බයිබලයේ සඳහන් වෙන මහා ගංවතුරට සමාන මහා ගංවතුරක් ගලා ලෝකයම විනාශ වන බව ඝානාවේ ප්‍රොපට් එබෝ නෝආ ප්‍රකාශ කළේය.
ප්‍රොපට් එබෝ හා සමාන කරන විට ලංකාවේ ජෙරමි ප්‍රොපට් පීඑච්ඩීකාරයෙකු සමීපයේ හිටගත් ‘දෙක පාස්’ කොල්ලෙකුට සමානය. එබෝට අනුගාමිකයෝ 36 දහසකට වැඩි පිරිසක් සිටිති. ජෙරමිගේ පිරිසෙන් මිරකල් ඩෝම් එකවත් පිරවීමට නොහැකිය.
එබෝගේ නත්තල් අනාවැකියෙන් ඝානාව අසල රටවල් පවා කලබලයට පත් විය. නමුත් වැස්සක් වත් නොවැටුනි. මහජනයා කලබල කිරීම පිළිබඳව චෝදනාවට එබෝ අත්අඩංගුවට පත් විය.
ලෝකය විනාශවෙන මහා ගංවතුර ගැලීම කල් ගිය බව මැවුම්කාරයා තමන්ට දැන්වූ එබෝ කීවේය පසුගියදා ලංකාවේ කංසා වගාකාරයකු නිදහස් වූ ලෙසටම එබේ උසාවියෙන් නිදහස් විය.
ඝානාවද ලංකාව වගේම බ්‍රිතාන්‍ය කොලනියක්ව තිබුණි. නමුත් එබෝ ෆුල් සූට්කාරයෙක් නොවේ. ඔහු ගෝනි සරුවාලයකින් ශරීරය වසාගෙන සිටින්නෙකි. ඒ ආත්ම ශක්තිය ලංකාවේ ප්‍රොපට්ලාට නැත. ජෙරමි පාට කමිස පාට කලිසම් පාට ටයි පාට සපත්තුවලට ඇලුම් කරයි. මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා ඊට සම්බන්ධ උගතුන් බොහෝ දෙනෙක් ෆුල් සූට්වලට කැමැත්තක් දක්වති.
ලතා වල්පොලගේ අවංමගල සභාවේ දේශනයකට පැමිණි නදීක ගුරුගේත් ෆුල් සූට් එකකින් සැරසී සිටියේය. ඔහු මාලනී ෆොන්සේකාගේ අවමගුල් උත්සව සභාවේ දේශනයක් කළ මහාචාර්ය සෞම්‍ය ලියනගේ පරාජය කළේය. දේශනයෙනුත් සෞම්‍ය ලියනගේ පැරදවූයේය. පැරණිම කෝලම්වල විගඩමා ෆුල් සූට් එකෙන් සැරසී පැමිණි බවට මතයක් තිබේ. සමහරවිට මේ කලා විශාරදයින් දෙදෙනා ඒ චරිතය අනුකරණය කළා විය හැකිය. ‘දණින් වැටී ජීවත්වෙනවාට වඩා දෙපයින් සිට මියයාම උතුම් යැ’යි ඒ කාලයේ ජවිපෙ සාමාජිකයෝ පෝස්ටර් ගැසූහ.
සෞම්‍ය ලියනගේ සහ නදීක ගුරුගේ අවමංගල උත්සව සභා අමතමින් කළ දේශන ඒ ස්ථානවලට නොගැලපුණි. තැනේ හැටියට ඇණේ ගහන්ඩ ඕනැයි පැරණි ගැමියෝ කීහ. රීප්පයකට පරාල ඇණයක් ගැසුවහොත් රීප්පය පැලෙයි. අඟලේ ඇණ ගසා යටලී පූට්ටු කිරීම ගෙහිමියාගේත් වඩුබාස්ගේත් ඔළු පැලීමට හේතුවකි. ඇණ නොගසා යටලී පූට්ටු කරන හැටි පරණ බාස්ලා දැන සිටියහ. එක්කෝ තැනේ හැටියට ඇණේ ගැසිය යුතුය. නැතිනම් ඇණ ගන්නේ නැතිව පූට්ටු කරන කලාව උගත යුතුය.
ඉන්දියාවේ කාන්තා පාසලක ප්‍රධානචාර්යවරියක් ගිරවෙකු ඇති කළාය. උගේ කකුල් දෙකේ පහළට එල්ලෙන පරිදි නූල් දෙකක් ගැටගසා තිබුණි. කෙනෙකු වම් කකුලේ නූලෙන් ඇද්ද විට වම් කකුල උස්සා, ආචාර කරන සේ පෙනෙන්නට වනා, ‘ගුඩ් මෝනින්’ යැයි කියන්නත්, දකුණු කකුලේ නූලෙන් ඇද්ද විට ඒ කකුල උස්සා වනා ‘නමස්තේ’ යැයි කියන්නත් ඌට පුහුණුව දී තිබුණි.
මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ලංකාවේ ලජබට කාන්තාවක් ඉන්දියාවට ගිය ගිය වේලේ පාසලට ගොස් ගිරවා ළඟට ගියාය. ඇය උගේ වම් කකුලේ නූල ඇද්දාය. ගිරවා ‘ගුඩ් මෝනින්’ කීවේය. ඇය දකුණ කකුලේ නූල ඇද්දාය. ගිරවා ‘නමස්තේ’ කීවාය. තම ‘වැඩ පෙන්නා’ විදුහලේ පිරිස ‘හොල්මන් කරවන්නට’ සිතූ ඇය නූල් දෙකම එක වර ඇද්දාය.
“දෙකෙන්ම ඇද්දාම ප….. ද හිටගන්නෙ හු…..යේ” ගිරවා ඇසුවේය.
(ඡායාරූප: අන්තර්ජාලයෙනි)
