පාස්කු ප්‍රහාරය දා පල්ලි යන්න එපා කියල කාදිනල්තුමාට දැන්නුවේ ජවිපෙන් ද?

Last Updated on 1 week by admin

විසඳන්න කියා ජාතික ප්‍රශ්නයක් ලංකාවේ නැහැ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ඔවුන්ගේ ඕනඑපාකම් පිරිමහ ගැනීම සඳහා රටේ වාසය කරන විවිධ ජන කොටස් බෙදා වෙන්කර පාලනය කළා.

ඔවුන්ගේ කෝපි හා තේ වගාවන් සඳහා දකුණු ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙන්වා කඳුරට වෙනම ප්‍රශ්නයක් ඇති කළා.

කතෝලික පල්ලියේද සහාය ඇතිව කොටි සංවිධානය බිහිකර වෙනම රාජ්‍යයක් සඳහා සටන් කරන මුවාවෙන් වසර තිහක් තිස්සේ බිහිසුණු ත්‍රස්තවාදයක් ලංකා භූමිය තුළ ක්‍රියාත්මක කළා.

ඇවිලෙන ගින්නට පිදුරු දමන්නාක් සේ, කොළඹ බිෂොප් සම්මේලනය මන්නාරමේ සහ යාපනයේ බිෂොප්වරුන්ගේ සහාය ද ලබාගෙන වතිකානුවේ මෙහෙයුම මත ප්‍රශ්නය ජාත්‍යන්තරයට රැගෙන ගියා.

වසර දෙකකට පමණ ඉහතදී කාදිනල් මැල්කම් රංජිත් ප්‍රසිද්ධ නාළිකා ඔස්සේ ” වසර 30ක් තිස්සේ සිංහලයෝයි දෙමළ අයයි මරා ගත්තා” කියා මහ පොළොව නුහුළන නින්දිත ප්‍රකාශයක් කළා.

ශ්‍රී ලංකාව තුළ ජාතිවාදයක් ඇතැයි බොරු ප්‍රචාරයක් ගෙන යමින් ‘සිංහල මහ ජාතියෙන් බැටකන සුළු ජාතීන්ට ස්වයං පාලනය පිළිබඳ අයිතිය ලබාදිය යුතු යැ’යි කියමින් මැල්කම් රංජිත් ප්‍රමුඛ කතෝලික පල්ලිය මුළු ලංකාවම ගිනි තැබුවා.

ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද අපේක්ෂක ලැයිස්තුවේ සිටි ඊබ්‍රහිම් නමැති කෝටිපති මුසල්මානුවාගේ පුතුන් දෙදෙනෙක් පාස්කු ප්‍රහාරය සඳහා ජීවිත පරිත්‍යාග කළා.

ජවිපෙ සහ ඊබ්‍රහිම්ගේ පවුල අතර තිබුණු සමීප සම්බන්ධය නිසා, ‘පාස්කු ප්‍රහාරය පිළිබඳ ජවිපෙ නායකයින් නොදැන සිටියේ යැ’යි ජවිපෙ කියන කතාව කෙනෙකුට පිළිගත හැකිද?

‘අනුර කුමාරට ජනාධිපතිවීම සඳහා බලය ලබා දෙන්නැ’යි කාදිනල් මැල්කම් රංජිත් ප්‍රසිද්ධියේ කියන්න තරම් එඩිතර වුනේ කෙසේද?

පල්ලිය අනුරට ආදරේ නම්, අනුර පල්ලියට ආදරේ නම් කොච්චිකඩේ, කටුවාපිටියේ සහ මඩකලපුවේ කිතුනු දේවස්ථානවලට පහරදීම සඳහා තම පක්ෂයේ ප්‍රබල සාමාජිකයකුගේ පුතුන් දෙදෙනෙකු යොදවා ගැනීම අනුර කුමාර දිසානායක ඉවසයි ද?

පාස්කු ඉරිදා දේව මෙහෙය පැවැත්වීමට කාදිනල් හෝ බිෂොප්වරයෙක් හෝ සාමාන්‍ය පියතුමෙක් හෝ පල්ලිවලට නොගිය හේතුව අද දක්වාත් පැහැදිලි කිරීමට කතෝලික පල්ලිය ඉදිරිපත් නොවුණේ ඇයි? (මා ද බෝධි සභාව හා සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව කාදිනල්තුමාට අභියෝග කළත් කිසිදාක ඊට පිළිතුරක් ලැබුණේ නැහැ).

අනුර කුමාරට ජනාධිපති වීම සඳහා කතෝලික පල්ලිය උදව් කරන නිසා, අනුර කුමාර හෝ ජවිපෙ/ජන බලවේගයේ වෙනත් සාමාජිකයකු, උදාහරණයක් ලෙස ඊබ්‍රහිම් විසින්ම, ප්‍රහාරය සිදුවුණු දිනයේ දී පල්ලි යන්න එපා කියා කාදිනල්තුමා ඇතුළු පූජකයින්ට දැන්වූවා වෙන්න බැරිද?

කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 5 වෙනිදා කටුවාපිටිය පල්ලියේ සූදානම් කර තිබුණු විවෘත සාකච්ඡාවේදී එඩිතර කතෝලික තරුණයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායකට දැඩි ස්වරයකින් කතා කරමින් “පාස්කු ප්‍රහාරය පිළිබඳ ඔබත් දැන සිටියා” කියා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියා.

වසර 6 තිස්සේම මා එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුදා හැරියා. ඊට පල්ලියෙන් ප්‍රතිචාර ලැබුනෙත් නැහැ. මේ පිළිබඳව පරීක්ෂණ කළ නිලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් ලැබුනෙත් නෑ. රහස් පොලිසියේ බලවතුන් වී සිටි රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර, පරීක්ෂණ කණ්ඩායම් තමන්ව නොමග යැවූ බවක් කියමින් ඇඟ බේරගන්න දුබල උත්සාහයක් දරමින් සිටිනවා.

මේ හැම දෙයක්ම මේ අන්දමින් දඟර ගස්සවමින් ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවා හොයමු කියා හැඟිමුත්තන් සෙල්ලමක් හා හොරා පොලිස් සෙල්ලමක් ලෝකයා රැවටීම සඳහා ඉතාමත් ලස්සනටත් සූක්ෂමවත් දියත් කර තිබුණා.

වැටත් නියරත් ගොයම් කනවා නම්, හොරාගේ අම්මගෙන් පේන අහනවා නම්, සමස්ත පාස්කු කතාවම බලන් ඉන්න අපිට ලබ්බෙ තොයිලයක්ම පමණයි.

වින්දිතයින්ට දෙවියන්ගේම පිහිටයි!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link