බංගාලි ජාති ද්‍රෝහීන් සහ සිංහල ජාති ද්‍රෝහීන් අතර වෙනස

Last Updated on 2 weeks by admin

ඩේවිඩ් ඇන්තනි

Pic. Credit: khaama news

ෂෛක් හසිනා අගමැතිවරිය, බංගාලි දේශයේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට ඉදිරිපත් වූ අරගලකරුවන් ‘රෂාකාර්ස්’ නමින් හැඳින්වූවාය. ‘රෂාකාර්ස්’ යන්නෙහි පාතාලයෝ පාහරයෝ යන අරුත් තිබේ. ජාති ද්‍රෝහියෝ යන අදහසත් ගැබ්වේ. රෂකාර්ස්ලා මොළ දූෂණය වූ බංගාලින් නොව, උපතින්ම බංගාලි දේශයට සතුරු ජාන ලැබූවෝ වෙති. ‘රෂාකාර්ස්’ බටහිර පකිස්ථානයේ නිපැයුමකි.

ඉංග්‍රීිසි ජාතිකයෝ ඉන්දියාවට නිදහස ලබාදීමට පෙර රට බෙදා පකිස්ථානය නමින් ඉස්ලාම් රටක් පිහිටුවූහ. එහි බටහිර, නැගෙනහිර නමින් කොටස් දෙකක් විය. මෙයින් වත්මන් බංගාලි දේශය හෙවත් නැගෙනහිර පකිස්ථානය අතිශයින් දිළිඳු නූගතුන්ගේ කලාපයක් වූයෙන් බටහිර පකිස්ථානයේ වහල්බිමක් ලෙසින් පැවතිණි. ඊජිප්තුවේ සිටි වහල් යුදෙව්වන් ගලවා ගැනීමට මෝසස් ඉදිරිපත් වූ සේ නැගෙනහිර පකිස්ථානයේ වහලුන් බේරාගැනීමට, ෂෛක් හසිනාගේ පියා වූ මුජිබර් රහමන් ඉදිරිපත් විය. ඒ අවස්ථාවේදී ඔහුගේ සංවිධානය වූ ‘අවාමි ලීගය’ විනාශ කිරීමට පකිස්ථානය විසින් පාතාල හමුදා යෙදවීය. බංගාලි වැසියෝ ඔවුන්ට ‘රෂාකාර්ස්’ යැයි කීහ.

නිකවැරටියේ රැස්වීමකට සහභාගි වූ සජිත් ප්‍රේමදාස තමා මෙම පළාතේ ජනතාවගේ හිතවතා ප්‍රේමදාසගේ පුතා යයි මොරගසා කීවේය. මෙය භීෂණ සමයේ තරුණ තරුණියන් විශාල පිරිසකගේ ජීවිත වැනසුන ප්‍රදේශයක් බව ඔහු දැනගත යුතුයි. ඒ කාලයේ නිකවැරටිය යාපහුව ගල්ගමුව වැනි ප්‍රදේශයන්හි ගොදුරට ලක්වු සිංහල බෞද්ධයන් ගලවා ගැනිමට ප්‍රේමදාස නොපැමිණියේය.

ප්‍රේමදාස පාලන සමයේ ජවිපෙ මර්දනය කිරීමට, ප්‍රා, කළුබළල්ලු, වැනි මිලිටරි හමුදා ක්‍රියාත්මක වූයේය. ‘රෂාකාර්ස්’ ඊට සමාන ත්‍රස්තයෝ වෙති. ඔවුන්ගේ ක්‍රියාව වූයේ අවාමි ලීගයට සම්බන්ධ යැයි සැක කෙරෙන විමුක්තිකාමින් මරා දැමීමයි. ඔවුන් වැඩි වශයෙන් ක්‍රියාත්මක වූයේ දවාලේ නොව රාත්‍රියේදීය. නිදහස්කාමීන් අල්ලා ගැනීමට බැරි තැන ඔවුන්ගේ ගෙවල්වලට පැන කාන්තාවන් සහ තරුණියන් පැහැර ගෙන ගියහ. ඔවුන්ව සමූහ දූෂණයට ලක් කර මරා දැමූහ. ප්‍රේමදාස සමයේ සිදුවුයේ ජවිපෙයට සම්බන්ධ යයි සැක කෙරන පුද්ගලයින්ට හා ඔවුන්ගේ පව්ල් වලට මේ දෙය සිදුවිය.

වර්තමානයේ සිංහලකමට බෞද්ධකමට විරුද්ධව නැගී සිටින සිංහලයන් රෂාකාර්ස් බඳු පිරිසක් නොවේ. ඔවුන් මන්ද බුද්ධිකයන් වී ජාතිය නසන්ඩ හැසිරෙන්නේ මොළ දූෂණයට ලක්වීමෙනි. රැල්ලට හසුවීම ඔවුන්ගේ ස්වභාවයයි.

බි්‍රතාන්‍ය පාලකයින් සිංහලයන්ගේ මොළ දූෂණයට නොයෙක් උපක්‍රම භාවිත කර තිබේ. ආණ්ඩුවේ අධ්‍යාපනය ඔවුන් භාවිතා කළ උපායකි. ඊට සිංහලයන් කොටුකිරීමට නොහැකි වු කල්හි ඔවුහු අලුත් උපක්‍රමයක් භාවිත කළහ. පරම විඥානාර්ථ ‘බෞද්ධ’ පාසල් පිහිටුවා ඒ හරහා තමන්ට වුවමනා අධ්‍යාපනය සිංහල බෞද්ධ ළමයින්ට ලබාදීමට ඔවුහු සමත් වූහ.

කසාදය සිංහලයන්ගේ ජාතිකත්වය නැති කිරීමට පෘතුගීසින් භාවිත කළ උපක්‍රමයකි. බි්‍රතාන්‍ය පාලන සමයේත් ඉන් පසුවත් කසාදය මගින් සිංහලයන්ගේ ජාතිකත්වය නැති කිරීම සාමාන්‍ය සිදුවීමක් විය. වර්තමානයේත් එය සිදුවේ. දේවස්ථානයේ දණගැස්සීමෙන් කරන්නේ බෞද්ධ මනාලයාගේ හෝ මනාලියගේ ආත්ම ගරුත්වය වැනසිමයි.

කලාව ආධාරයෙන් මොළ දූෂණය කිරීම බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ රටේ සිදු වූවකි. බි්‍රතාන්‍ය පාලන සමයේ ටවර් රඟහල බිහිවූයේ ද ජාතික ව්‍යාපාරයේ කොටසක් ලෙසිනි.​ නාට්‍ය මණ්ඩලයේ සභාපති තනතුරුට තිලක් ජයරත්න පත්කිරීම ඒ දේශප්‍රේමී වැඩපිළිවෙළට විරුද්ධව ක්‍රියාත්මක වැඩපිළිවෙළෙහි උච්ඡ අවස්ථාවකි. කසාදය උදෙසා දණගැසු ජයරත්න බෞද්ධ විරෝධිියෙක් වුයේය. ඔහු එය සැගවුයේ ට්‍රොස්කිවාදියෙක් හැටියට රගපෑමෙනි. ’මා නාට්‍ය මණ්ඩලයේ සිටින තෙක් ජාතිවාදීන්ගේ නාට්‍යවලට තැනක් දෙන්නේ නැතැ’යි ප්‍රකාශ කිරීමෙන් තිලක් ජයරත්න ඉඟි කළේ, ජාතික උරුමය වෙනුවෙන් පෙනී නාට්‍යකරුවන්ට හිස එසවීමට ඉඩක් නොදෙන බවයි.

දෙවියන් වහන්සේ දූවිල්ලෙන් (මැටි පිඬකින්) ආදම්ව මැවූ බව බයිබලයේ කියවේ. ප්‍රදීපා ධර්මදාස ‘දූවිල්ලෙන් සැදුණු ලියේ’ ගීය ගායනා කළාය. මේ ගීය අසන්නන්ගේ හිතට මැවීමේ කතාව ඇතුළු වන්නේ දැනුවත්ව නොවේ. ඇමරිකාවේ විසූ කාලයේ ඩලස්ගේ බිරිඳ යොහෝවාගේ සාක්ෂකරුවන්ගේ පොත් ඔසවාගෙන පාරේ සිටි බව කියවෙන කතාවල ඇත්ත නැත්ත සෙවීමට අපට නොහැකිය. මහින්ද රාජපක්ෂට එකතු වී සිටි ඩලස් අලහප්පපෙරුම පසු කලෙක ජනාධිපති ධුරය ලබාගන්නට වෙහෙසුනේය. එසේ වූයේ නම් අපූරුය.දැන් ඔහු සජිත් ප්‍රේමදාස බලයට පත්කිරීමට වෙහෙසෙයි.

සිංහලකමට, බෞද්ධකමට විරුද්ධව කටයුතු කරන පුද්ගලයින් ඉහළට ඔසවා තැබීම කාලයක සිටම සිදුවන්නකි. සාහිත්‍ය කලා සම්මාන උළෙලවලදී සිංහල බෞද්ධකම ගැන කතා කරන නිර්මාණකරුවන්ගේ කෘති කුණු බක්කියට වැටෙන්නේ ඒ නිසාය. මේවා ගැන කතා කිරීමට ඉදිරිපත් වන දේශප්‍රේමීන් යටපත් කිරීම තවත් සංවිධානාත්මක ක්‍රියාවකි. ඔවුන් වෙනුවට බොරු දේශප්‍රේමීන් බිහි කිරීමටද විජාතික බලවේගයට හැකි විය. ජාතික හෙළ උරුමය බිහි කිරීම නිදසුනකි. එහි සිටි චම්පික රණවක ප්‍රධාන නායකයින් වැඩි දෙනෙක් දැන් ’බෝන් එගේන්’ බලයට පත්කිරීමට පේ වී සිටිති.

මේ වෙනවිට බංගාලි දේශයේ ජනතාව ‘රෂාකාර්ස්’ සොල්දාදුවන්ගේ මුණුපුරන් හඳුනා ගැනීමට සමත්වී සිටිති. ෂෛයික් හසිනාගේ රජය බිහි කළ දියුණු ආර්ථිකය කඩා වැටීම ඔවුන්ගේ ඇස් පාදන සිද්ධියයි.

එළඹෙන ජනාධිපතිවරණයෙන් වැරදි පුද්ගලයෙකු බලයට පත්කර ගතහොත් එසේ ඇස් පාදා ගැනීමට වත් සිංහලයන්ට අවස්ථාවක් නොලැබේ. දැන් ඔවුන් සිටින්නේ ඉතාම අවදානම් තැනකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link