Last Updated on 4 months by admin
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD
අඳුර සහ ආලෝකය යනු දෙකක් නොව එකකි.
ආලෝකය මෙන්ම අඳුරද ප්‍රපංචයන් ලෙස හඳුනා ගත්තද මෙම සංසිද්ධීන් දෙකෙහිම මුල ආලෝකයයි.
අඳුර කියා හඳුනාගත හැකි සුවිශේෂ පැවැත්මක් නැත. අඳුරෙහි මූලාශ්‍රය ආලෝකයයි. එනම් ආලෝකය රහිත තැන අඳුර ලෙස සියලුම සත්වයින් විසින් සංජානනය කිරීමයි.
අඳුර සහ ආලෝකය මෙන් අපැහැදිලි බව හා පැහැදිලි බව අතර ඇත්තේ සෘජු සම්බන්ධතාවයක්.
පියවි ඇසින් නොව පියවි මනසින් ලෝකය දෙස බලන්න අප පුරුදු පුහුණු වුවහොත්, හිරු අඳුර දුරලන්නා සේ අප මනසේ ඇති අපැහැදිලි බව ඉවත් කරමින් පැහැදිලි බව මතු කරනු ඇත.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ “සම්මා දිට්ඨි” ලෙස බුදුන් වහන්සේ දුටුවේ මෙම සංසිද්ධියයි.
මිනිස් ශිෂ්ටාචාරවල ආරම්භයේ සිට අද දක්වාත් මිනිසා දෝලනය වෙමින් සිටින්නේ අපැහැදිලි බව හා පැහැදිලි බව අතරයි.
මා මෙහි සඳහන් කරන පැහැදිලි – අපැහැදිලි සංසිද්ධිය
දාර්ශනිකවත්, ආගමිකවත්, ආර්ථික න්‍යායන් හා දේශපාලන දර්ශන හැටියට යුගයෙන් යුගයට දිගහැරෙමින් හැකිලෙමින්, දෘශ්‍යමාන වෙමින් හා අදෘශමාන වෙමින් මානව සංහතියේ අනාගතය දක්වා දිවයනු ඇත.
බුදු දහම යනු කුමක්ද කියා පැහැදිලි කර ගත්විට අපැහැදිලි බව මානව සංහතියෙන් තුරන් වනු ඇත.
හිරු පෑයූ විට අඳුර දුරුවන්නාසේ මෝහාන්ධකාරය මිනිස් මනසින් පහව යනු ඇත.