මාලිමාවේ ඡන්ද 20%කින් පහළට

Last Updated on 2 weeks by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

Pic. credit: lankaleader.com

මාලිමාවට ජනාධිපතිවරණයේදී ලැබීමට ඉඩ තිබුණු ඡන්දවලින් 7%ක්, ලාල් කාන්ත නිසාත්, 5%ක් බිමල් රත්නායක නිසාත්, තවත් 5%ක් නලින් හේවගේ නිසාත්, 3%ක් හරිණි අමරසූරිය නිසාත් නැති වෙනවා.

JVP/NPP කණ්ඩායමට මාස හයකට පමණ ඉහතදී ලැබීමට තිබුණු ඡන්ද මැතිවරණ දිනයේදී 20%කින් කඩා වැටීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

සමහර විට මේ තත්ත්වය උදාවුණේ පක්ෂයේ අභ්‍යන්තරික කුමන්ත්‍රණයක් නිසාත් විය හැකියි.

අනාගතයේදී JVP කියා සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ක්‍රියාත්මක නොවන අතර, බටහිර රටවල්වල ආධාරය ඇතිව හරිණි අමරසූරිය වැනි චරිතයක් නායකත්වයේ තබාගෙන ජාතික ජන බලවේගය ධනවාදයටත් නැති සමාජවාදයටත් නැති හුදු දේශපාලන බලය සඳහා පමණක් සටන් වදින කණ්ඩායමක් ලෙස ඉතිහාසයට එකතු වනවා ඇත.

බටහිර රටවල් NPP එක බලයට පත් කිරීමට කියා දැක්වූ හිතවත්කම ව්‍යාජ එකක්.

ඇමරිකාව සහ මහාබ්‍රිතාන්‍යය කැමති වන්නේ ධනවාදය වඩාත් සාර්ථක අන්දමින් ස්ථාපිත කරන්න පුළුවන් සාම්ප්‍රදායික ධනවාදී පක්ෂයක්.

එක කකුලක් ධනේශ්වර පන්තියේත්, අනෙක් කකුල සමාජවාදී කඳවුරෙත් තබාගෙන යන්න JVP/NPP ය ගත් දුබල උත්සාහය රටින් පිට බලවතුන් මෙන්ම දේශීය ඡන්දදායකයින්ද සෑහෙන දුරට වටහාගෙන තිබෙනවා.

ජවිපෙට සිදුවුනු ලොකුම හානිය ” අපි තවදුරටත් කොමියුනිස්ට් විප්ලවවාදීන් නොවේ” කියා ජාත්‍යන්තරයට දුන් සහතිකය තුළින් නැති කරගත් අනන්‍යතාවයයි.

පාතාල ලෝකයට වුවත් ඉල්ලුමක් ඇත්තේ අපරාධකාරී අනන්‍යතාවය තහවුරු වුනහොත් පමණයි.

හරි හෝ වැරදි හෝ ප්‍රතිපත්තිගරුක වීම ආධාර ලැබීමට බලපාන බලවත් මනෝවිද්‍යාත්මක සාධකයක් බව මෙහිදී අමතක නොකළ යුතුයි.

මිනිසුන් අස්වැන්න ලෙස නෙළා ගන්නේ තමන් වගා කළ දේවල්මයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link