මූණත් එක්ක තරහට නාහෙ කපාගත්තා වගේ බැසිල් එක්ක තරහට රට බෙදන්න ඉඩ දෙනවාද

Last Updated on 1 month by admin

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂයක් (17,100,00) පමණ වන බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අතර අලුත් ඡන්ද ලක්ෂ 10ක් තියෙනවාලු.

සාමාන්‍යයෙන් මේ ඡන්දවලින් පාවිච්චි කරන්නේ 80%ට අඩු සංඛ්‍යාවක්. අපි හිතුවොත් මෙවර 80%ක් පාවිච්චි කරයි කියලා, එතකොට ඡුන්ද සංඛ්‍යාව එක්කෝටි හතළිස්ලක්ෂයකට ආසන්නයි. ජනාධිපති වෙන්න නම් ඡුන්ද හැත්තෑ ලක්ෂයක් විතර ගන්න ඕන. මේක ගෝඨාභය හා 2020 මැතිවරණයේදි පොහොට්ටුව ගත්ත ඡන්ද සංඛ්‍යාවට තරමක් සමාන සංඛ්‍යාවක්.

මෙවර මොනම අපේක්ෂකයෙකුටවත් ඡන්ද ලක්ෂ 70ක් ගන්න පුළුවන්ද?

අපි හිතමු ලොකුවට බලාපොරොත්තු තියාගෙන සූට් මහගෙන ඉන්න මාලිමාවට අලූත් ඡුන්ද ලක්ෂ 10න් 8ක්ම ලැබෙනවා කියල. පසුගිය මැතිවරණයේදි ජවිපෙ ගත්තා ලක්ෂ හතර හමාරක් විතර. එතකොට ඒ දෙකේ එකතුව ඡුන්ද ලක්ෂ 12.5. මේකට පොහොට්ටුව එපා වෙලා ඉන්න පිරිසෙන් යම් සංඛ්‍යාවකුත් එකතු වෙයි. 2015 මැතිවරණයෙදි මහින්දට ලැබුණා ඡුන්ද ලක්ෂ 57කට ටිකක් වැඩි සංඛ්‍යාවක්. 2019දි ගෝඨාභට ඊට වැඩිය ඡුන්ද ලක්ෂ 12ක් ගත්තා. එනම් 69 ලක්ෂයක්. මෙතන වැඩිවුණ ඡුන්ද ලක්ෂ 12න් බාගයක්ම මාලිමාවට දෙනවා කියල හිතමු. එතකොට ලක්ෂ 18.5යි. අපි තවත් ටිකක් වැඩිපුර දාලා මාලිමාවට සමස්ත ඡුන්ද සංඛ්‍යාවෙන් 15%් ගන්න පුළුවන් කියලා උපකල්පනය කළොත් මාලිමාව උපරිම ඡුන්ද සංඛ්‍යාව ලක්ෂ 25-26ක් විතර වෙයි.

යුද්ධය තිබුණ කාලේ ආරක්ෂක ලේකම් වශයෙන් කළ වැඩකොටසත්, කොළඹ දියුණුවට කළ වැඩත් නිසා ජනප‍්‍රියත්වයේ ඉහළටම නැගල හිටිය ගෝඨාභයටත් ගන්න පුළුවන් වුණේ ඊට කලින් මැතිවරණයෙදි මහින්ද ගත්ත ඡුන්ද සංඛ්‍යාවට වැඩිය ලක්ෂ 12ක් පමණයි.

ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ඡුන්ද සංඛ්‍යාවක් වැඩි වුණේ 1994 චන්ද්‍රිකා දිනපු අවස්ථාවෙයි. 1888 සිරිමාවෝ ගත්ත 44% ඉඳලා 62% දක්වා 18%කින් විතර ඡුන්ද වැඩි වුණා. ඒ යූඑන්පිය මිනීමරලා රට ලේවිලක් කරලා යූඑන්පියේ ජනාධිපති විජේතුංගටත් යූඑන්පිය එපාවෙලා තිබුණු අවස්ථාවකයි. ඒ නිසා 3% වගේ පුංචි සංඛ්‍යාවක් 50% දක්වා උස්සගන්න මාලිමාවට බෑ. අනික මාලිමාවට මේ සේරම සෙල්ලම් දාන්න වෙන්නෙ සිංහල බහුතරයක් ඉන්න දිස්ත‍්‍රික්කවලිනුයි.

සජිත්ට අන්තිම ජනාධිපතිවරණයෙදි ලක්ෂ 55ක් ලැබුණා. නමුත් 2020 මහ මැතිවරණයෙදි ඒක ඡන්ද 27 ලක්ෂයට බැස්සා. සජිත් ජනප‍්‍රියකම දිගින් දිගටම නැති කරගත්ත මනුස්සයෙක්. ඒකට ලොකුම හේතුව සජිත්ගේ කතා, බාල හැසිරීම. සජිත්ට ජාතිකත්වයක් කියා දෙයක් උපතින්ම ඇවිත් නැහැනෙ. අපට කුරගල සිද්ධිය අමතක නැහැ. ලිපියෙෙමුල තියෙන සිතියම් බැලුවාම යමක් වැටහනවා. මෙවැන්නෙකුට උන්හිටි ගමන් ලක්ෂ 27 ලක්ෂ 70 දක්වා ඡන්ද ප‍්‍රතිශතය උස්සගන්න බැහැ. ඡන්දෙට කලින් රනිල් සජිත්ගේ පලු පලු ගලවාගන්න තියෙන ඉඩ වැඩියි.

රනිල්ගෙ එජාපය පසුගිය ඡුන්දෙදි ඡුන්ද ලක්ෂ 3කට අඩුවෙන් ගත්තෙ. රනිල් පොහොට්ටුවෙ මන්ත‍්‍රීලා පොදියක් ඇදලා ගත්තේ පොහොට්ටුවේ ඡන්ද ගොඩ දිහා බලාගෙන. නමුත් මහින්දගෙ තුරුම්පුව නිසා ඒක හරි දුෂ්කරයි. මහින්ද ධම්මික පෙරේරා පෙන්න පෙන්න ඉඳලා නාමල්ව දැම්මා. ධම්මික දැම්මා නම් පොහොට්ටුවේ මන්ත‍්‍රීලාට තමන්ගේ ආසනවල ඡුන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් රනිල්ට අරන් දෙන්න තිබුණා. නමුත් නාමල් මහින්දත් එක්ක ආවාම තත්වය ඊට වැඩිය වෙනස්.

මහින්ද ඉතිහාසය පුරා ඡුන්ද ලක්ෂ 50ක් ඉක්මවා හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් අරන් තියෙනවා. හොරකම්, මැරකම්, තක්කඩිකම් ගැන චෝදනා පිට චෝදනා ලබලා අන්තිමට සවුත්තුවෙලා නැට්ටට පැරදුන 2015 මැතිවරණයෙනුත් මහින්ද ලක්ෂ 57කට වැඩිය ගත්තා. ඒ නිසා මහින්දගෙ පුද්ගලික ගිණුමේ අනික් හැමටම වැඩිය ඡුන්ද සංඛ්‍යාවක් තියෙන බව පිළිගත යුතුයි.

මහින්ද නියෝජනය කරන්නේ රටේ විශේෂ ජන කොටසක්. ඒ තමයි රට කඩනවාට විරුද්ධ ජාතික හැඟීමෙන් යුතු ජනතාව. මහින්ද හැමදාම නියෝජනය කළේ මෙන්න මේ පිරිස. ඒ නිසා මහින්දගෙ ඡුන්ද පදනම ලේසියෙන් වැටෙන්නෙ නෑ. නමුත් පොහොට්ටුව රනිල්ට ගොම්පස් අල්ලපු වරදට මෙවර ජයගැනීමත් පහසු නෑ.

මහින්ද වටේ හිටි විශාල පිරිසක් රාජපක්ෂ විරෝධය නිසා ඔහුගෙන් වෙන්වෙලා. ශ‍්‍රීලනිප, සර්වජන බලය කණ්ඩායම් ඒ අතරින් ප‍්‍රධානයි. ඒවයේ ඉන්න වැඩි පිරිස මෑතක් වන තුරුම මහින්ද සමග දේශපාලනය කළ අය. මේ නිසා රාජපක්ෂ විරෝධය මත යම් පිරිසක් මහින්දට විරුද්ධව වෙනත් කෙනෙකුට ඡුන්දය දෙන්න ඉදිරිපත් වෙනව. අනික් පැත්තෙන් බෙදීම නිසා ඇතිවු සිත්තැවුල මත තවත් පිරිසක් ඡුන්දය නොදී ඉන්නව.

මෙයින් පාඩුව ජාතික හැඟීම් ඇති සිංහලයින්ටයි. මහින්දලා පරදිනවා කියන්නේ ඒ ජනතාවගේ පරාජය. නැතිනම් රටේ පරාජය. අනික් තුන්දෙනාම පළාත් සභාවලට බලය දෙන්න, සිංහල බලය දුර්වල කරන්න, බෞද්ධ ශක්තිය නැති කරන්න කොටින්ම කීවොත් රට බෙදන්න පක්ෂයි. ඒ නිසා ජනාධිපතිවරණය මහින්දගේ හෝ පොහොට්ටුවේ ජයක් පරාජයක් පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි. රටේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්නයක්.

ෆොන්සේකා රනිල්ට විරුද්ධව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුන බවක් කියනවා. හැබැයි පහුගිය මාසෙක පොතක් එළියට දාපු ෆොන්සේකා එහි ප‍්‍රධාන අරාධිතයා වශයෙන් රනිල්ව කැඳෙව්වා. නිකං මොකක්දෝ අමුත්තක් දැනෙනවා වගේ නේද? ඒ ප‍්‍රයෝගය වටහා ගත්විට පෙනෙනව ෆොන්සේකාව ජනාධිපතිවරණයට දාන්නෙ රනිල් බව. මෙය පොහොට්ටුවෙ ඡන්ද කැඞීමේ අරමුණින් කෙරෙන වැඩක්. යුද හමුදාවට දුන්න නායකත්වය නිසා ජාතිකවාදී කඳවුරේ යම් ඡන්ද ප‍්‍රමාණයක් ෆොන්සේකාට තියෙනවා. විශාල සංඛ්‍යාවක් නොවුණත් මේ වගේ තීරණාත්මක මැතිවරණයකදි එය ලොකු බලපෑමක් කරන්න ඉඩ තියෙනවා.

සර්වජන බලයටත් යම් ඡුන්ද පදනමක් තියෙනවා. නමුත් ජනාධිපතිවරණය දිනන්න තරම් ඡුන්ද ගන්න නම් බැහැ. සමහර විට විදේශීය සමීක්ෂයක් දුන්න ලණුව කාලා ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නවාද දන්නෙ නෑ. මෑතකදි ඉන්දියානු ආයතනයක් සමීක්ෂණයක් කරලා ප‍්‍රතිපල දාලා තිබුණා රනිල්ගේ සහෝදරයාගෙ ඉංග‍්‍රීසි පත්තරයක. ප‍්‍රධාන අපේක්ෂකයන් කිසිවෙකුට 25%ක් ගන්න බෑ. 65%ක් තවම ඡුන්දෙ දෙන්නෙ කාටදැයි තීරණය කරලා නෑ කියලයි සමීක්ෂණයෙ ප‍්‍රතිඵලය හැටියට කියවුනේ. මේක ලණුවක්. රනිල්ගෙ වැඩක් වෙන්න පුළුවන්.

65%ක් පාවෙන ඡුන්ද තියෙනවා කියලා හිතුවාම දිලිත්ලා වගේ අයට හිතෙන්න පුළුවන් මේ 65%න් වැඩි කොටස ගන්න පුළුවන් වෙයි කියලා. අන්තිමේ වෙන්නෙ ජාතිකවාදීන් එකාට එකා හැප්පිලා රට කඩන බලවේගයට ජය අත්කර දෙන එකයි.

දිලිත්, විජේදාස වගේ අය සහ ඔවුන්ගේ දේශපාලන සංවිධාන තේරුම් ගන්න ඕන මේ ඡුන්දය තමන්ට දිනන්න බැරි බව. දිනන්න බැරි ජනාධිපතිවරණයකට තරග කරලා රට බෙදන්න පාර කපන එක ඥනවන්ත වැඩක් නොවෙයි. ජාතික අපරාධයක්.

මහින්ද, ගෝඨාභය හෝ පොහොට්ටුව කියන දේශපාලන පක්ෂය බලවේගයක් විදිහට ගැනීම නුසුදුසුයි. ඒ සියල්ලම එකතු වී හැදුනෙ සිංහල ජාතිකත්වය බලවේගය. අරගල රූකඩ නැටුව හා නටවපු රට කඩන්න උත්සාහ කරන බලවේග හා අන්තවාදීන් උත්සාහ කළේ මෙන්න මේ ජාතිකත්ව බලවේගය විසුරුවන එකයි. යුද්ධයෙන් බෙදන්න බැරි වුන රට පාර්ලිමේන්තුව හරහා බෙදන්න නම් ජාතිකවාදින්ට ඉනා බේත් දීලා රවටාගන්න ඕන බව බෙදුම්වාදීන් දන්නව. නැගෙනහිරින් කෑල්ලක් ගන්න කට ඇරගෙන බලන් ඉන්න අයත් මේක දන්නවා. ඒක කරන්න නම් ඒ බලවේගය මහින්දගෙන්, ගෝඨාභයගෙන් හා පොහොට්ටුවෙන් ඈත් කරන්න ඕන බව ඔවුන් අවබෝධ කරගෙන හිටිය. බලවේගය එතනින් විසිරුණාම හිමිහිට දියවෙලා යනව. මේ වෙමින් තියෙන්නෙ ඒක. බද්යුදින් සජිත්ට, එයාගෙ මන්ත‍්‍රීලා රනිල්ට. ඒ දෙන්නාගෙන් කවුරු දිනුවත් බද්යුදින්ලා දිනුම්. මේ බව තේරුම් ගන්න සිංහලයින්ට පුළුවන් වෙන්න ඕන.

රාජපක්ෂ විරෝධය කියන්නේ සිංහල ජාතිකවාදීන්ව විනාශ කරන්න හැදුව සටන් පාඨයක් බව රටට ආදරය කරන පිරිස් අවබෝධ කරගන්න ඕන. විජාතික බලය මේ විනාශ කරන්නෙ රාජපක්ෂලාව කියා හිතන්න එපා. ඔවුන් නැති කරන්නෙ සිංහල ජාතිකත්ව බලවේගයයි. ඒ නිසා දිලිත්, විජේදාස වගේ අයට කරන්න තියෙන හොඳම දේ තමයි පොහොට්ටුව එක්ක එකතුවෙලා පොහොට්ටුව සුද්ද කරන්න එක. පොහොට්ටුවේ බලය අල්ලන්ට ඔවුන්ට පුළුවනි. එදා මහින්ද ශ‍්‍රීලනිපයේ බලය ඇල්ලූවා. බැසිල්ට ඔච්චර බය වෙන්න ඕනද? බැසිල්ගෙයි විමල්ගෙයි විරසකය නිසා එදා 69 ලක්ෂයේ ජනවරම කඩාවැටුණා. ගෝඨාභයට ජනාධිපතිකම නැතිවුණා. ඒ විරසකය රට බෙදන තැන දක්වා යවන්න ජාතිකවාදීන් කැමතිද?

දිලිත්, විජේදාස වගේ අය පොහොට්ටුව එක්ක එකතු වුනොත් ලක්ෂ හැත්තෑව ගන්න බැරිවෙන්නෙ නෑ. අරගල රූකඩ නැටුම නටවපු අයගේ බලාපොරොත්තු කඩකරන්නත්, රටබෙදීම නතර කරන්නත් තියෙන එකම ක‍්‍රමය ඒකයි.

රට බෙදන විදේශ බලවේගය මාධ්‍ය හා මාධ්‍යකරුවන් යොදවා ඡන්ද දායකයා මුලාකරමින් ඉන්නෙ. නිදසුන් අප‍්‍රමාණයි. දෙරණ ප‍්‍රවෘත්ති බලන්නෙකුට නැතිනම් දිවයින ප‍්‍රවෘත්ති අසන්නෙකුට සජිත් දිනාවි යන හැඟීම ඇතිවෙනව. රහ කරමින් ඔහු ගැන තමා හොඳම ප‍්‍රචාරය. ඔවුන් මාලිමාව දෙවැනි බලවේගය වේවි යන අදහස ඇතිකරනව. රනිල්ට පොහොට්ටුවෙ බලය බව පෙන්වනව.

මේ විජාතික මෙහෙයුම්වලින් ජාතික බලවේගය බේරාගැනීම අප හැමගේ පරාමාර්ථය විය යුතුයි. එය කරන්න නම් දිලිත්ලා, විජේදාසලා ඇතුළු පිරිස එකතු විය යුතුයි පොහොට්ටුව සමග.

නාමල්ට පුළුවන් තමන්ගේ කණ්ඩායමේ වැරදි පිළිඅරගෙන මුල්ගල තියන්න. දිලිත්, විජේදාස ඇතුළු පිරිස එක්ක අද කාලයට ගැලපෙන, රට ගොඩගත හැකි අලුත් විදියේ දේශපාලන ගමනක් යන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link