රටට කෙළවුනේ නූගතුන් නිසාද

Last Updated on 2 months by admin

ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක අගමැතිවරයාට ‘සෙවල බණ්ඩා’ නමින් නමක් පටබැඳිණි. කොටි යුද්ධය දිනන්නට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ‘හොරා’ යැයි හංවඩුව ලැබීය. එදා ඔහුගේ ඇමති මණ්ඩලයේ සිට පොර කුකුල් පාට් දැමූ සමහරු දැන් ‘උගතා, බුද්ධිමතා කියමින් රනිල් වික‍්‍රමසිංහට කඬේ යති. ඒ දකින සමහරු දේශපාලන අප්පිරියාව හැදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට සාප කරති. එවිට ප‍්‍රචාරය වන, ‘රටේ හා සංස්කෘතියේ ගරාවැටීමට හේතුව මන්ත‍්‍රීවරුන්ගේ නූගත්කමයි’ යන්න සිඟාල අදහසකි. ජවිපෙ සුද්ද වී උගතුන් ඇතුළු වී මාලිමාව වූයේ ඒ හිල වහන්නට යැයි කීම ඊටත් අන්ත කතාවකි.

බිංගිරිය ආසනය නියෝජනය කළ මුනිදාස පේ‍්‍රමචන්ද්‍ර උසස් අධ්‍යාපනයක් නොලැබූ අයෙකි. ඔහු දැන සිටි ඉංග‍්‍රිසියක් නැත. සමාජ සම්මතයට නූගතෙකි. මොන පිනකට හෝ ඔහුට පරිසර ඇමතිකම ලැබුණි. අමාත්‍යංශයේ ලේකම් ඉංග‍්‍රීසි සිංහල භාෂාවන්හි නිපුණ සාහිත්‍යයට නැඹුරු අයෙකි. ඉංග‍්‍රීසියෙන් සැකසෙන වැදගත් ලිපි ලේඛන කිසිවක් ඇමතිවරයාට නොතේරිණි. ‘මට මේව මොකවත් තේරෙන්නෙ නෑ. හැම කෙහෙම්මලම තියෙන්නෙ ඉංග‍්‍රීසියෙන්නෙ’ කියමින් ඕනෑම ලියවිල්ලකට අත්සන් කිරීම ඔහුගේ සිරිත විය.

වර්තමාන ආණ්ඩුවේ වනජීවී ඇමති පවිත‍්‍රා වන්නිආරච්චි උගත් කාන්තාවකි. ඇය නීතිවේදිනියකි. දීර්ඝ කාලයක සිට ඇමති තනතුරු දරන්නියකි. කලකට පෙර මුහුදු මහා විහාරය අතීත බෞද්ධ උරුමයක් වශයෙන් රැුකගැනීමට පිරිසකට වුවමනා විය. ප‍්‍රංශයේ විසූ අයෙක් එම කටයුත්ත හිසට ගත්තේය. පැරිසියේ පිහිටි ඔහුගේ නිවසේ නැවතීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව භාර අමාත්‍යංශය හෙබවූ පවිත‍්‍රා පැමිණි අවස්ථාවේ මේ බව කී විට, ‘මුහුදු මහා විහාරය බෞද්ධයින් කියන තරම් පැරණි ස්ථානයක් නොවන්නේ යැයි’ ඇය පැවසූ බව ඔහු අප හා කීවේය.

පවිත‍්‍රා වේදිකාවේදී නියම දේශපේ‍්‍රමියෙකි. මඩකලපුවේ වැඩවෙසෙන සුමනරතන හිමියන්ගේ පන්සලේ විදුලිය විසන්ධි කිරීම සිදු වූයේ ඇය විදුලිබල අමාත්‍යංශය භාරව සිටියදීය. මැයි 24 ‘දිවයින’ පත‍්‍රයේ මුල් පිටුවේ වාර්තාවකින් පැවසෙන්නේ ‘විල්පත්තුව රක්ෂිතය ආශ‍්‍රිතව පිහිටි වෙඩිතලවිව් රක්ෂිත කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කර දෙමින් වනජීවී ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්ච් මහත්මිය නිකුත්කර ඇති ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව’යි.

රට විනාශයට හේතු වූ සියලූ කාරණාවලට වග යුත්තන් ජාලයකි. එය උගතුන්ගෙන් පිරී ඇත්තකි. උගත් ජාලයට නූගතුන්ව මෙන්ම උගතුන්වද මෙල්ල කිරීමට පුළුවන. රසායනික පෝර ආනයනය නවත්වා ගෝඨාභය රාජපක්ෂ රටට එපා කරවීම කදිම නිදසුනකි.
ගත වූ කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය කර ඇති හපන්කම් රාශියකි. ඒවා සම්පාදනය වී ඇත්තේ නූගතුන් අතින් නොවේ. නියම උගත් පිරිසකගෙනි. පාසල් අධ්‍යාපනය හේතුවෙන් රටට හානිකර රටවැසියන් බෝවීම ඔවුන්ගේ හපන්කම්වල ඍජු ප‍්‍රතිඵලයයි. ඉතිහාසය ප‍්‍රජාචාරය වැනි විෂයන් ඉවත්කර ඇරඹූ වැඩපිළිවෙළ උදාහරණයකි. බෞද්ධ ගම්වල පාසැල් දරුවන් මස් පිණිස කුකුළන් හා මසුන් ඇතිකිරීම ආදිය මගින් සත්ව ඝාතනයට පුරුදු කිරීම අධ්‍යාපනයේ ප‍්‍රතිඵලයකි. දැන් ගම්වල ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු ගැමියෝ ඕනෑ තරම් සිටිති. කලක් ගත වන විට මේ අතරින් පිරිසක් උග‍්‍ර මානසික රෝගවලට ගොදුරු වන බවට සාක්කි තිබේ. මස් පිණිස සතුන් විකුණා ලද මුදලින් ඉදිකර අතහැර දමන ලද දැවැන්ත නිවාස පිළිබඳව සොයාබැලූවහොත් මේ බව අනාවරණය කරගත හැකි වනු ඇත. මේවාට වගකිව යුත්තේ අධ්‍යාපන අමාත්‍යංශයට රිංගු උගතුන් මිස නුගතුන් නොවේ.

ආර්. සම්පන්දන් මිය ගියේය. බෞද්ධයන්ට පහර ගැසීම හා ජාතිවාදය ඔහුගේ ජීවිතයේ අරුත වූයේය. දැන් ඊට වෙනස් කතාවක් මහජනයාට එත්තු ගැන්වීමට සැරසෙන පිරිසක් සිටිති. ඔවුහු, නූගතුන් නොව උගතුන් වෙති. සම්පන්දන්ගෙන් රටට මහා සේවයක් වූවේ යැයි බොරුවක් ප‍්‍රචාරය කිරීම ඔවුන්ගේ උත්සාහයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link