Last Updated on 12 hours by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

විප්ලවයක් යනු වෙනසක් කිරීමකි. ඊට සහභාගිවන්නා, විප්ලවාදියා නම් වෙයි. මාක්ස් පවසන පංති විප්ලවය සමාජ විප්ලවයකි. එයින් සිදු වන්නේ රටක පවතින සමාජ ක්‍රමය වෙනස් කර අලුත් සමාජ ක්‍රමයක් බිහි කිරීමයි. රුසියාව, චීනය, වියට්නාමය, කියුබාව පංති විප්ලවය සිදු වූ රටවල් කිහිපයකි. ඒ අතරින් ප්‍රථමයෙන් සිදු වූ රුසියානු විප්ලවය නිදසුනකට ගතහොත්, විප්ලවය මෙහෙයවූ රුසියාවේ කොමියුනිස්ට් පක්ෂයට ඒ යුගයේ ලෝකයේ විසූ බිහිසුණුම ආඥාදායකයා යැයි ඔවුන් සඳහන් කරන අයිවන් සාර් රජු මරා රාජ්‍ය බලය අල්ලා ගැනීමට හැකි විය.
විප්ලවය සිදු වී අවුරුදු දෙකක් යන විට ඊට නායකත්වය දුන් ලෙනින් රෝගී වූයේය. ඔහු දැරූ නායකත්වය ලබා ගැනීමට පක්ෂයේ ප්‍රධාන ලේකම් ජෝස්ප් ස්ටාලින් සමත් විය. හෙතෙම, අයිවන් සාර්ට වඩා දරුණු පුද්ගලයෙක් වූයේය. ස්ටාලින් නිසා රුසියාවේ ලක්ෂ සංඛ්‍යාවක් රටවැසියෝ මරණයට පත් වූහ. ඔහු පක්ෂයේ සතුරන්ව පමණක් නොව, තමන්ට සතුරු වෙතැයි සිතුණු පක්ෂයේ මිතුරන්වද ඝාතනය කළේය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය වැනි රටවල් ස්ටාලින් ඒකාධිපතියෙකු යයි ලොවට කියන්නට වූහ. එවිට ස්ටාලින් ‘රුසියාව තුළ සහ රුසියාවෙන් පිටත සිටින සියලුම සතුරන්ගෙන් රුසියාවේ විප්ලවය ආරක්ෂා කර ගැනීම තමාගේ උත්සාහය බව’ ප්‍රකාශ කළේය. රුසියානු විප්ලවයට ඇලුම් කළ බොහෝ දෙනාට ස්ටාලින්ගේ තර්කය පිළිගැනීමට සිදු විය.
කොමියුනිස්ට් ක්‍රමය යටතේ රුසියාවේ වෙනසක් සිදු විය. පෞද්ගලික ගොවිතැන වෙනුවට සාමූහික (සමුපකාර) ගොවිපල ක්‍රමය ඇති විය. හමුදාව, පොලිසිය, බන්ධනාගාර, භාර නිලධාරින් ඇතුළු පරිපාලන සේවයේද වෙනසක් සිදු විය. සමස්තයක් වශයෙන් ඒ වෙනසේ විශේෂත්වය සාර් පාලන ක්‍රමයට වඩා බිහිසුණු පාලන ක්‍රමයක් රටේ ඇති වීමයි. ඊට ප්‍රධාන හේතුව තමන්ගේ පාලනය දුර්වල වී වෙනත් විප්ලවයක් සිදු වුවහොත් එහි විපාක විඳින්නට සිදු වෙතැයි මහා බියක් ස්ටාලින්ගේ හිතවතුවන්ට ඇති වීමයි. ඒ බිය සාර් රජුගේ පාලනය යටතේ නොතිබුණි. මේ නිසා ස්ටාලින්ගේ රුසියාවේ ඔත්තු සැපයීම, කේළාම් කීම, පන්දම් ඇල්ලීම, ආදී අධම ක්‍රියා පිරී ඉතිරී ගියේය.
ඉන්දියාවේද විප්ලයක් සිදු විය. එය හැඳින්වෙන්නේ ‘ඉන්දියානු නිදහස් සටන’ නමිනි. ඉන්දියානු නිදහස් සටනේ ස්වභාවය එය ප්‍රචණ්ඩකාරී නොවීමයි. ගාන්ධි, ‘අවිහිංසාවාදය’ ඉදිරිපත් කරමින් ඊට විරුද්ධව කිසිම ක්‍රියාවක් කිරීම අනුමත නොකළේය. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ පොලිසිය හා හමුදාව ප්රචණ්ඩව හැසිරුනහ. ඔවුහු, ආයුධ භාවිත නොකරන ඉන්දියා නිදහස් සටන්කාමීන්ට නින්දා අපහාස කළහ. පහර දුන්හ. වෙඩි තැබූහ. අවිහිංසාවාදීහු කිසිම අවස්ථාවක ප්රචණ්ඩ පාලකයන්ට විරුද්ධව මුගුරක්, අවියක් අතට නොගත්හ. ජවිපෙ සටන පටන් ගන්නට පෙර ඔවුන්ගේ ජනප්‍රියම ගායිකාවක විප්ලවවාදීන්ට කීවේ මුගුරක් වුවමනා තැන මුගුරක් ගත යුතු බවයි. සංග්රාම භූමිය සිල් රකින තැනක් නොවන බවයි.
ඉන්දියානු නිදහස් ව්‍යාපාරය මැඬීමට ප්රචණ්ඩත්වය භාවිත කරන බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව බ්‍රිතාන්‍යයන් තුළත් ජනමතයක් ඇති විය. හිට්ලර්ගේ නාසිවාදය සහ බ්‍රිතාන්‍යයන්ගේ ප්රජාතන්ත්රවාදය අතර සමානකමක් ඇතැයි සමහරුනට සිතුණි. ඔවුන්ව සතුටු කිරීම පිණිස, නිදහස් සටනේ නායකයින්ට වෙඩි තැබූ බ්‍රිතාන්‍ය හමුදා නායකයින් ආපසු කැඳවා ඔවුන් ගැන පරීක්ෂණ පැවැත්වීමට කොමිසම් පත් කිරීමට බ්‍රිතාන්‍ය රජයට සිදු විය. ඒ කොමිසම් මඟින් බ්‍රිතාන්‍ය රජය කළේ, විවේචකයන් නිහඬ කිරීමයි.
ප්රචණ්ඩ විප්ලවවාදීන්ට අවිහිංසාවාදීන් විය නොහැකිය. ලංකාවෙන් පිට වූ බෙදුම්වාදීන් ඩයස්පෝරාව පිහිටුවා ගැනීම දේශපාලන ක්‍රියාවක් මිස ඔවුන්ගේ අරමුණ වෙනස් වීමක් නොවේ. ඔවුන් අදටත් බෙදුම්වාදය ජයගැනීමට වෙහෙසේ. ප්රචණ්ඩ විප්ලවයකින් බලය ලබා ගැනීමට වෙහෙසුන ජවිපෙ, මාලිමාව නමින් වෙනස් වී මහාමැතිවරණයකින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවේය. එයින්, ඔවුන් අවිහිංසාවාදීන් බවට පත් නොවේ. අනුර කුමාර දිසානයක රාජ්‍ය නායකයා වශයෙන් බෞද්ධ ආගමික චාරිත්‍රවල නියැළේ. එනිසා ඔහු හෝ හිතවතුන් හෝ භෞතිකවාදය වෙනුවට විඥානවාදය තෝරාගත්තේ යැයි සිතීම මෝඩකමකි.
සෝවියට් දේශය බිඳ දැමිම හා සමාන දෙයක් සිදු වී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩා නොවැටුණි. බ්‍රිතාන්‍යය, ප්‍රංශය, බෙල්ජියම, ස්පාඤ්ඤය, ඕලන්දය ආදී හැම රටක්ම පෝසත් වුයේ රටවල් යටත් කරගැනීම හේතුවෙනි. වර්තමානයේ ඔවුන්ට අතීතයේ කළ ආකාරයට රටවල් යටත් කරගෙන පාලනය කිරීම අපහසුය. එහෙත් එය වෙනස් ක්‍රමවලට සිදු වේ. මාලිමාවේ මාක්ස්වාදින් අතර සිටින අධිරාජ්‍යවාදීන්ට හිතවත් පිරිස යොදවා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම නිදසුනකි. අගමැති හරිනි අමරසූරිය ප්‍රධාන පිරිස කරන්නේ එයයි.
පිලිපීනයේ හිටපු ජනාධිපති (2016-2022) රොඩ්රිගෝ ඩුටෙර්ටේ, පිලිපීනය වසාගෙන සිටි මත්ද්‍රව්‍ය උවදුරෙන් රට සහ ජනතාව ගළවා ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කළ දේශපාලනඥයෙකි. දකුණු ආසියාවේ මත්ද්‍රව්‍ය පිවිසුම වශයෙන් සැලකුනු පිලිපීනයේ සමස්ත ජනගහණයෙන් සියයට හැටක් පමණ කුමන ක්‍රමයකට හෝ මත්ද්‍රව්‍ය ජාලය සමඟ සම්බන්ධව සිටියහ. මේ නිසා ඩුටරේට් අතගැසුවේ ඉතා අසීරු කටයුත්තකටයි. රට හා ජාතිය රැකීම සඳහා තමන් ඒ කාර්යයේ යෙදෙන බව ඔහු පුනපුනා කීවේය.
ඩුටරේට් කළේ යුද්ධයකි. මත්ද්‍රව්‍ය ජාලය සමඟ කළ ඒ යුද්ධයේ දී ඩුටරේට්ගේ හමුදාව අතින් පිලිපීන ජාතිකයන් විශාල පිරිසකගේ ජීවිත අහිමි විය. ඩුටරේට්ට නොතේරී ඔහු ලෝකය හමුවේ මහා අපාරධකරුවකු කිරීමට ඔහුගේ සතුරන්ට හැකි විය. පසුගිය සතියේ පිලිපීනයේ වර්තමාන ආණ්ඩුවේ පොලිසිය මැනිලාහිදී ඩුටරේට් අත්අඩංගුවට ගෙන ඔහු චෝදනා ලබන මනුෂ්‍ය ඝාතන ගැන නඩු විභාගයක් සඳහා ඕලන්දයේ හේග් නුවර පිහිටි අන්තර් ජාතික අපරාධ අධිකරණය (අයිසීසී) වෙත පිටත් කළේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බටහිර රටවල කීමට අවනත නොවී බෙදුම්වාදී යුද්ධය ජයග්‍රහණයකින් නිම කළේය. මෙයින් පසුව රටේ සාමකාමී යුගයක් ඇති වූ නමුත් රාජපක්ෂවරුන් දූෂිත පාලකයින් යයි මතයක් රටපුරා පැතිරුණි. එම ක්රියාවේ පෙරමුණ ගත් ජවිපෙ, ප්‍රචණ්ඩකාරී විප්ලවයකින් රාජ්‍ය බලය ඇල්ලීමට සූදානම් වූ කොමියුනිස්ට් පක්ෂයකි. බලය ලැබූ නිසා එහි ක්‍රියාකාරීන් අවිහිංසාවාදීන් බවට පත් වූයේ නැත. ඔවුන්ට නොදැනී ඔවුන්ගේ සැබෑ ස්වරූපය අනාවරණය වන නොයෙකුත් ක්‍රියා සිදු වේ. ඒ අතර ඔවුන් සමඟ සිටින බෞද්ධ සංස්කෘතිය නුරුස්සන්නන් බලවත් කිරීමත් සිදු වෙමින් පවතී.
ඉන්දියාව සහ චීනය හැර දකුණු ආසියාවේ කිසිම රටක දේශපාලන ස්ථාවරත්වයක් නැත. ජාත්‍යන්තර මුල්‍ය සමාගම්, ආධාර ව්‍යාපාර සහ රාජ්‍ය නොවන සංවිධාන මේ හැම රටකම කැළඹීම් ඇති කරති. ලංකාව ත්‍රස්තවාදී බිය නැති කරගත් රටක් යයි පුරසාරම් ප්‍රචාරය වේ.
කුක්කුර (සුනඛ) ජාතකයේ සඳහන් පරිදි, පිරිසිදු කිරීමෙන් පසුව මාළිගාව ඉදිරියේ තිබුණු රජ්ජුරුවන්ගේ අශ්ව කරත්තයේ හම්පටි බල්ලන් පිරිසක් කා දමා තිබුණි. මේ බව රජුට දන්වන ඇමතිවරු, ‘නගරයේ බල්ලන් බෝවී ඇති බවත් ඔවුන්ගෙන් මහජනයාට හිරිහැර සිදු වන බවත්’ කීහ. සියලු වීථි බල්ලන් මරා දමන්නැයි රජු නියෝග කළේය. එය දැනගත් බල්ලෝ, නගරය හැර ගොස් කැළෑවල සැඟවුනහ. ඔවුන්ටද නායකයෙක් සිටියේය. ඌ රජු හමුවට ගොස් රජතුමාගේ රථය අසලකට වත් නගරයේ බල්ලන් නොගිය බව කීවේය.
‘එහෙනම් ඒකෙ හම් පටි කෑවේ මොක්කුදැ’යි රජු ඇසුවේය. ‘මාළිගාවේ සහ නගරයේ බල්ලන් සියල්ලකම රැස්කර උන්ට වමනය යන්නට ආහාරයක් දෙමු යැ’යි බලු නායකයා යෝජනා කළේය.
ඒ අනුව සියලුම බල්ලන්ට කැඳක් පෙවු පසු මාළිගාවේ බල්ලෝ හම් කෑලි වමනය කරන්නට ගත්හ.