Last Updated on 5 months by admin
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD
අඩුම වශයෙන් අනුර කුමාර දිසානායකට ලැබෙන ආදායම ජවිපෙ මධ්‍යම කාරකසභිකයින් සමඟ හෝ සමානව බෙදාගන්නවද?
මානව ඉතිහාසයේ ප්‍රථම වරට සමානාත්මතාව පිළිබඳව කතා කළේ පැල්පතකින් ආ දුප්පත් මනුෂ්‍යයෙක් නොවේ.
ඔහු රජ පවුලකින් පැවත ආ ඔටුන්න හිමි කුමාරයෙක්. අත්හරින්නේ මාළිගා තුනක් හා සක්විති රජකම.
මාක්ස් දිළිඳු වුවත් ඔහුගේ අතිජාත මිත්‍ර Fedrick Engels එංගලන්තයේ ධන කුවේරයෙකුගේ පුතෙක්.
90 දශකයේ අගභාගයේදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ ධනවත් ඇමරිකන් ජාතිකයින් පස්දෙනෙක් තමන්ගේ සියලුම දේපළ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවකට පරිත්‍යාග කර අත්හැරීමේ මූලධර්මය මත පැවිදි බව ලබා ගත්තා.
නවසිය හතළිස් ගණන්වල සිට සමානාත්මතාව පිළිබඳව වේදිකා දෙදරවමින් කතා කළ මාක්ස්වාදී නායකයින්ගෙන් බහුතරයක් ඒ දිනවලත් කෝටිපතියන් වී සිටියා.
ඉතාමත් අමාරුවෙන් බඩ වියත වියත රැකගත් පවුල්වලින් ආ තරුණයින් ගණනාවක්ම විශ්වවිද්‍යාලයේදී සටන්කාමී උග්‍ර මාක්ස්වාදීන් ලෙස පෙනී සිටියත් පශ්චාත් විශ්වවිද්‍යාල යුගයේදී බංකොළොත් ධනේශ්වර දේශපාලන කණ්ඩායම් වල අතකොළු බවට පත්ව කෝටිපතියන් බවට පත්වුණා.
සමානාත්මතාව පිළිබඳව ගෞතම බුදුන් කියා දුන් පාඩම නිවැරදිව වටහා ගත්තේ නම්, නවසිය පනස් ගණන්වල සිටම නිරන්තර අරගලවල පැටලී සිටි ‘මාක්ස්වාදී’ තරුණයින්ට ඉතා දුර ගමනක් යා හැකිව තිබුණා.
කාලයක පටන් ක්‍රමයෙන් නීතිය සාමය හා සදාචාරය දැඩි සෝදාපාලුවකට ලක්වුණු ශ්‍රී ලංකාව වැනි රටක ඊනියා මාක්ස්වාදීන් කෝටිපතියන් වීම අදහා ගනු බැරි පුදුමයක් නොවේ.
දූෂණයෙන් හම්බකළ ධනය හා සම්පත් බෙදා ගැනීමේදී ඔවුන් වචනයේ පරිසමාප්තියෙන්ම ‘සමානාත්මතාව’ මතම පිහිටා කටයුතු කළ බව ගලේ නොකෙටුවත් අපගේ හිත් වල නම් ගැඹුරින්ම සනිටුවන් වී තිබෙනවා.