‘වෙනස’ යට සැඟවුන බෞද්ධ විරෝධය බොහෝ දෙනාට පෙනෙන්නේ නැත

Last Updated on 3 weeks by admin

සිංහලකම, බෞද්ධකම ගැන කතාකරන සිංහලයන් දූපත් මානසිකත්වය ඇත්තන් වශයෙන් හංවඩු ගසා අවමානයට ලක්කිරීමේ කුමන්ත‍්‍රණයක් පසුගිය කාලය තිස්සේ ලංකාවේ ක‍්‍රියාත්මක විය. ජාත්‍යන්තර දැනුමින් පිරි ඥනවන්තයින්ගේ අදහසක් සේ ප‍්‍රසිද්ධ වූ ඒ කතාව ප‍්‍රචාරය කරන්නන්ගෙන් බේරීමට සිතූ බොහෝ සිංහලයෝ තම ඉතිහාසය හා උරුමය ගැන කතා කිරීම නැවැත්වූහ. ඒ පිරිසේ උගත්තු පාසල් අධ්‍යාපනයේ වෙනස්කම් ඇතිකරමින් ඒ මතය බාලයන්ට පෙවූහ. මේ අධම ක‍්‍රියාවේ ප‍්‍රතිඵලය උගත් තරුණ තරුණියන් අතරින් සිංහල ජාතිය ගැන නොසිතන පිරිසක් බිහිවීමයි. මාලිමාව වටා එක්වී සිටින බහුතරය එවැන්නෝ වෙති. ඔවුහු, වෙනසක් කරමු නේදැයි අසති. ඒ කතා අසන බොහෝ දෙනා, ‘වෙනස’ යට සැඟවුන බෞද්ධ විරෝධය නොදකිති.

නාසිවාදය යනු ජර්මනියෙන් බිහිවූ ප‍්‍රචණ්ඩත්වය මුල් කරගත් අමානුෂික දේශපාලන දර්ශනයකි. නාසිවාදය මඟින් ලොව මිලියන ගණන් ජනයා මරාදැමූ හිට්ලර් පරදා නාසි ජර්මනිය මනුෂ්‍යත්වය හඳුනන රටක් කිරීමට ජයග‍්‍රාහකයෝ සමත් වූහ. ලංකාවේ සිංහලයන්ගේ මනස වෙනස් කිරීමට මුල්වූවන් අතර ඒ වෙනස් ජර්මන් ජාතිකයින් විශාල පිරිසක් සිටිති.

පසුගිය දිනක ජර්මනියේ සිලින්ගන් නගරයට අවුරුදු 650 ක පිරීම නිමිත්තතෙන් මහා උත්සවයක් පැවැත්විණි. සිරියානු සරණාගතයෙක් උත්සවය නැරඹීමට පැමිණ සිටියවුන්ට පිහියකින් අනින්නට වූයේය. සිවුදෙනෙක් මියගොස් තවත් 15 ක් තුවාල ලැබූහ. මෙම ක‍්‍රියාව තම වුවමනාව මත සිදුවූවක් බව අයිඑස් සංවිධානය පිළිගත්තේය. සිද්ධිය පැහැදිලි කරන බටහිර මාධ්‍ය, ජර්මනිය හා යුරෝපය අයිඑස් සංවිධානයේ එල්ලය වී ඇති බව කියයි.

අයිඑස් යනු ලෝකය ඔවුන් අදහන අල්ලා නමට කැපවූ අල්ලා පමණක් වන්දනා කරන ස්ථානයක් කිරීමේ ආගමික කාර්යයේ යෙදී සිටින පිරිසකගේ සංවිධානයකි. ඔවුන්ට කාන්තාව පිළිබඳ විශේෂ ආගමික ඉගැන්වීමක් ඇත. එම නිසා කාන්තාව පුරුෂයාට සමාන යැයි සිතීමට ඔවුන්ට නොපුළුවන. ඉරානයේ කාන්තාවට, ආගමික නීතියට අනුගත ඇඟළුම් නැතිව පාරට බහින්නට තහනම්ය.

එම නීතිය අකුරට ක‍්‍රියාත්මක කරන ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලකයෝ මීට සති දෙකකට පෙර කාන්තාව පිළිබඳ අලූත් නීති සංග‍්‍රහයක් හඳුන්වා දුන්හ. ඊට අනුව මොනම ස්ත‍්‍රියකටවත් හිස්වැසුම සහ මුහුණු ආවරණය රහිතව ගෙයින් පිටතට යා නොහැක. ගෙයින් පිටතට ගොස් ශබ්ද නගා කතා කළ නොහැක. ගී සින්දු ගායනය තහනම්ය. දෙමව්පින්ට දැරියන්ට පාසල් යැවීමට නොහැකය.

ඇෆ්ගනිස්ථානය ලෝකයේ දියුණුම රට වශයෙන් පිළිගත් කාලයක් පැවතී ඇත. ඒ කාලයේ ඇෆ්ගාන් කාන්තාවෝ පුරුෂයන් හා සමාන වූහ. මිදිවලින් වයින් නිපදවීම හා වයින් පානය ලෝකයට හඳුන්වාදී ඇත්තේ ඇෆ්ගන් ජාතිකයන් විසිනි. ඇෆ්ගනිස්ථානයේ වෙසෙන කාන්තාවන් සුරංගනාවන්ට සමාන යයි ලෝකය පිළිගන්නට එක් හේතුවක් වූයේ ඔවුන්ගේ ඇසේ ඉංගිරියාවේ වර්ණයේ විශේෂත්වයයි. ඉන්දු නදී ප‍්‍රදේශය අල්ලා ගැනීමට විශාල සේනාවක් සමග පැමිණ ඇලෙක්සැන්දර් රජු, ඇෆ්ගාන් තරුණියක සිය භාර්යාව කර ගත්තේය. ඒ ග‍්‍රීක ඇෆ්ගන් සබඳතාවයේ ප‍්‍රතිඵලය ඇෆ්ගනිස්ථානය බෞද්ධ රටක් වීමයි. සේද මාවතේ පිහිටි ඇෆ්ගනිස්ථානයේ බමියාන් නගරය පෙරඅපර දෙදිග මිනිසුන්ගේ අගනුවර වූයේය.

ලංකාවට ඇත්තේ ඇෆ්ගනිස්ථානයට වඩා පැරණි බෞද්ධ ඉතිහාසයකි. සිංහල යන්නෙහි පැරණි අර්ථය, ‘බෞද්ධයා’ යැයි ඇතැම් ඉන්දියානු ඉතිහාසඥයෝ කියති. කුමන වෙහෙසක් දරා හෝ බුදුසසුන රැුකගැනීමට සිංහල බෞද්ධයෝ සමත් වූහ. දැන් ඊටත් තර්ජනයක් එල්ල වී ඇති බවට බොහෝ තොරතුරු තිබේ. නැගෙනහිර පළාතෙන් බුදුසසුන වඳ නොවී පවත්වා ගෙන යාමට වෙහෙසුන අම්පිටියේ සුමනරතන හිමියෝ සිරභාරයට පත්ව සිටිති. නැගෙනහිර පළාත ඉස්ලාම් කලාපයක් කිරීමට කැප වූ සිංහල දේශපාලන නායකයින් පිරිසක් සිටිති. බොහෝ සිංහලයෝ ජයඝෝෂා පවත්වමින් ඔවුන්ගෙන් එකෙක් ජනාධිපති කිරීමට වෙහෙසෙති. මන්තරයක් මෙන් ජාත්‍යන්තරය ගැන කතාකරන කාන්තාවෝ ඇෆ්ගනිස්ථානයේ සිදුවන දේ නොදන්නා සේ හැසිරෙති. මොවුන් මේ දඟලන්නේ ලංකාවේ ඉස්ලාම් කාන්තාව ගලවා ගැනීමටද?

ඉස්ලාම් අන්තවාදය ප‍්‍රතික්ෂේප කළ බංගාලි දේශයේ අගමැතිනි ෙෂෙක් හසීනා දැන් ඉන්දියාවේ සරණාගතයෙකි. මේ අතර නරේන්ද්‍ර මෝදිට විරුද්ධ සංවිධාන කුල භේදය අවුස්සති. මේ නිසා මෝදිට විරුද්ධව ක‍්‍රියාත්මක ක‍්‍රිස්තියානි හා ඉස්ලාම් බලවේගවලට අමතරව නව හින්දු බලවේගයක් පැතිරෙමින් පවතී. ඒ හරිජන බලවේගයයි. හින්දු අන්තවාදය නිසා ඉතිහාසයක් මුළුල්ලේ තමන්ට සිදුවූ අසාධාරණය හා හානිය ලෝකයට පැහැදිලි කිරීමට ඔවුන්ට හැකිවී තිබේ.

මේ අතර මෝදිගේ හින්දු බලකොටුව වශයෙන් පැවති උත්තර ප‍්‍රදේ්ශයේ කුලහීන කාන්තවෝ, නිරන්තරයෙන් කුලවතුන්ගේ සමූහ ¥ෂණයට ලක්වෙති. තත්වය කෙතරම්ද උග‍්‍රද යත්, අනාගතයේ කුලහීනයන් ඉදිරියට දාගත් අරගලයක් ඉන්දියාවේ ක‍්‍රියාත්මක වේ දැයි ඇතැම් දේශපාලන නිරීක්ෂකයෝ සැක පහල කරති. එසේ වුවහොත් බංගාලි දේශය, ශ‍්‍රී ලංකාව, පකිස්ථානය ගොඩට ඉන්දියාවත් ඇද වැටේ.

පෝලන්තයේ සංචාරයක යෙදුන මෝදි යුක්රේන රුසියා යුද්ධය ගැන අදහස් දක්වමින් ඉන්දියාව යුද්ධය ගැන විශ්වාසය නොකරන සාමය ගැන සිතන රටක් බව පවසා, ඉන්දියානු චින්තනයේ පදනම බුදුහමින් උගන්වන අවිහිංසාව යැයි කීවේය. ඉන්දියාව අභ්‍යන්තරයේ වර්තමානයේ සිදුවන අර්බුදය, දැඩි හින්දු ආගමිකයෙකු වශයෙන් ප‍්‍රසිද්ධ මෝදිට පෝලන්තයේදී බෞද්ධයෙකු වීමට හේතු වූ බව සමහරුන්ගේ අදහසයි. මෝදි හින්දු අන්තවාදියෙකු බව ඔප්පු කිරීම ඔහුගේ දේශපාලන සතුරන්ගේ ක‍්‍රියාවක් වශයෙන් පිළිගන්නේ නම්, ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ විරෝධී හින්දූන් බිහිකිරීමද, මෝදි විරෝධී දේශපාලන ක‍්‍රියවලියේම කොටසක් බව පැහැදිලි වේ.

නරේන්ද්‍ර මෝදිගේ පාලනයට එරෙහිව ඇති වන දේශපාලන කුණාටුව සිංහල බෞද්ධයන්ට වාසිදායක දෙයක් නොවේ. එය බෙදුම්වාදීන්ගේ ජයකි. මෝදිගේ උපදේශකයින් බුද්ධිමත්ව කල්පනා කළහොත්, සිංහල බෞද්ධයන් ඉන්දියාවේ හරිජනයා සමග සම්බන්ධ කර ඔවුන්ගේ හින්දු විරෝධය වෙනස් කිරීමට මගක් හදාගත හැක. බෙදුම්වාදයට උපකාර කරන ජනාධිපති කෙනෙකු වෙනුවෙන් පිරිත් කියන භික්ෂුන් වහන්සේලා අතුරින් ස්වල්ප පිරිසක් හෝ සිංහල හින්දු සබඳතාවය වෙනුවෙන් යොදවා ගැනීමට ඉන්දියාවට පුළුවන.

දෙමළ බෙදුම්වාදී දේශපාලකයින්ගෙන් වෙන්වී සිංහලයන් සමග සහජීවනයෙන් ඉදිරියට යන දෙමළ පිරිසක් ලංකාවේ සිටිති. අරුන් සිද්ධාර්ථන් එවැන්නෙකි. ඔවුන්ගේ දේශපාලන ක‍්‍රියාවලියට ලංකාවේ මෙන්ම පිටරටවල සිටින බුද්ධිමත් සිංහලයන්ගේද සහාය වුවමනාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link