Last Updated on 2 years by admin
‘අට්ටාලයක් අටවල දයාසිරි හිටං’
මෙත් සිරි කියයි, මාත් දුටුවෙ පත්තරෙන්
චන්ද්‍රිකාත් අටවනවලු තවත් එකක්
කී සීයක් පක්ෂද මේ මුතු ඇටේ
ඉස්සර කාලෙ තිබුණ පක්ෂ දෙක තුන
හල්හත්තේ බෙදිලා හතු පිපුණ වගේ
පඳුරු අස්සෙ හිටං එකසිය ගාණට
එක පිට එක පක්ෂ හැදුවත් කෝ සෙතක්?
තමන්ටම බලය ගන්නට නයි මුගටී
වාගේ කාගන්නව මිස රට ගැන
කිසිම හැඟීමක් නෑ අයිබංලට
සමගි වෙයව් දැන්වත් රට ගැන හිතලා