මේ මහ සඟරුවන පෙරට වැඩිය යුතු වෙලාවයි!

Last Updated on 1 month by admin

ලංදේසින් පැනවූ තේසවලාමෙයි නීතිය අදටත් උතුරේ ක‍්‍රියාත්මකය. එමගින් කෙරෙන්නේ දෙමළ ජාතිවාදය තහවුරු කිරීමයි. රනිල් වික‍්‍රමසිංහ සිය බූදලයක් ලෙස සලකමින් උතුරේ ඉඩම් උතුරේ දැනට පදිංචි ජනතාවට බෙදා දෙයි. එවිට උතුරේ විසූ, දශක කීපයකට පෙර පළවා හරින ලද සිංහලයින්ගේ හා මුස්ලිම්වරුන්ගේ ඉඩම් අයිතිය අහෝසි වේ. පෞරාණික බෞද්ධ පුදබිම් අතුරුදහන් වේ. ආරක්ෂක අංශවල පාලනය යටතේ පැවතිය යුතු බිම් අනවශ්‍ය පුද්ගලයින් අතට පත් වේ. එසේම මේ නිසා තේසවලාමෙයි නීතිය තවදුරටත් තහවුරු වේ.

මුස්ලිම් කලාපයක් වෙමින් පවතින නැගෙනහිර පළාතේ ඉස්ලාම් ෂාරියාර් නීතිය ක‍්‍රියාත්මක වේ. ඒ නීතිය එලෙසම පවත්වාගෙන යමින් සිදු කෙරෙන රනිල් වික‍්‍රමසිංහගේ ඉඩම් බෙදාදීම මගින් නැගෙනහිර ගොඩනැගෙන මුස්ලිම් කලාපය තව තවත් තහවුරු වේ.

තේ ආර්ථිකය බිඳිමින් උඩරට දෙමළ ගම්මාන පිහිටුවීම සහ පළාත් සභාවලට වැඩි බලතල දීම රනිල් වික‍්‍රමසිංහ අනාගතය සඳහා ඉදිරිපත් කර ඇති තවත් අදහස් දෙකකි. පැහැදිලිවම ඒ මගින් සිදු වන්නේ බටහිිරුන්ට වුවමනා වූ බෙදුම්වාදය රටේ තහවුරු වීමයි. මහින්ද රාජපක්ෂ සමග එකතු වී බෙදුම්වාදීන්ගෙන් රට බේරාගැනීමට කටයුතු කළ දේශපේ‍්‍රමීන්ට රනිල් පස්සේ රැුලේ යාමට සිදුවීම අවාසනාවකි. රනිල්ට හිස නැමීම හැර, ඒ කිසිවෙකුට රනිල් පාලනය කිරීමට නොහැකිය.

ගෝල්ෆේස් කානිවලය රඟදැක්වුණේ ජවිපෙ ප‍්‍රධාන සියලූ අන්තවාදී මාක්ස්වාදී කල්ලි එක්වීමෙනි. ඔවුන් හැමෝම සමාජවාදයේ නාමයෙන් බටහිරුන්ගේත්, ඉස්ලාම් හා දෙමළ අන්තවාදීන්ගේත් වුවමනාව ඉටුකළහ. බටහිරුන්ගේ ප‍්‍රධාන අවශ්‍යතාව රට බෙදීමයි. කතෝලික ජනයා නොව, කතෝලික සභාව කටයුතු කරන්නේද ඒ වුවමනාව වෙනුවෙනි.

රට බෙදීමේ වුවමනාවෙන් පසු වන සියලූ පාර්ශ්වයන්ගේ උදව්වෙන් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු මාලිමා ආණ්ඩුවක් එනු ඇතැයි බියක් පොහොට්ටුවට සම්බන්ධ බොහෝ දේශපාලනඥයින්ට ඇත. එයින් ගැළවීමට ඔවුන් කරන්නේ රනිල්ගේ රැකවරණය පැතීමයි. දේශපාලන දියේ ගිලෙන්නට යන ඔවුන්ට පිදුරු ගසක එල්ලීමෙන් පණ බේරා ගැනීමට නොහැකි බව නොවැටහේ.

පොහොට්ටුවේ බොක්ක ලෙසින් පෙනී සිටි රෝහිත අබේගුණවර්ධන ඊයේ පෙරේදා අපූරු ප‍්‍රකාශයක් කරමින් රනිල්ට සහය දෙමුයි කීවේය. ඒ ප‍්‍රකාශයේ සාරය වන්නේ, ‘ජවිපෙ ආණ්ඩුවක් ආවොත් අපට කුමක්වේද’ යන භීතියයි. ඔවුන්ගේ බියට හේතුව මාලිමා ආණ්ඩුවක් යටතේ නැවත ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇති විය හැකි බවට වන වැටහීමයි. ‘ගෝඨාභය එළිවීමෙන් පසු අරගලය පාර්ලිමේන්තුවට ගෙන ඒමට ජවිපෙට අවශ්‍ය වුනත් ඇතැම් අරගල නායකයින් ඊට අකමැති වූ බවට’ බවට ඊයේ පෙරේදා ලාල් කාන්ත ශෝක පළ කිරීම ඔවුන් තවමත් ප‍්‍රචණ්ඩත්වයෙන් ඉවත්ව නැති බවට සාක්ෂ්‍යයි.

පොහොට්ටුවේ පිරිස් රනිල්ට එක්වීමෙන් ගන්නා වැරදි ක‍්‍රියාවේ ප‍්‍රතිඵලය අනාගතයේ ඔවුන්ට විරුද්ධ මහා ජන බලවේගයක් ඇති වීමයි. බංගාලි දේශයේ සිදුවීම් නිරීක්ෂණය කරනවිට පෙනෙන්නේ බොහෝ විට මෙවැන්නක් සිදුවිය හැක්කේ බටහිරින් ආධාරයෙන් බවයි. රටේ අන්ත ප‍්‍රතිගාමී අබෞද්ධ පැසිස්ට් පාලනයක් බිහිවී එහි අවසානය විය හැකිය.

සජිත් නායකත්වය දරන ජන සමගි ජන බලවේගය තනිකරම ‘බෝන් එගේන්’ පිල්ලියකි. බුදු සසුන හා සිංහල සංස්කෘතිය චොප්ප කිරීමට සජිත් තරම් සුදුස්සෙක් නැතැයි බෝන් එගේන්කාරයෝ සිතති. වෙනම දේශපාලන සන්ධානයක් වශයෙන් පෙනී සිටින නමුදු සජිත්ගේ සමගි ජන බලවේගය වනාහි ඕනෑම තීරණාත්මක අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහට පිහිට වීමට ඉදිරිපත් වන ළාමකයන්ගේ දේශපාලන සංවිධානයකි. ජාතිවාදී මුස්ලිම් හා දෙමළ කණ්ඩායම් කොන්දේසි සහිතව සජිත්ට සහාය දීමට සූදානම්ය. ඔවුන්ගේ කොන්දේසි මොනවාදැයි බොහෝ දෙනා දනිති. ඔවුන් අනුගමනය කරන්නේ කල දුටු කල වළ ඉහගැනීමේ ප‍්‍රතිපත්තයයි. කෝට්ටේ රාජධානිය පිහිටුවූ කාලයේ ලංකාවට පැමිණි මුස්ලිම් වෙළෙන්දෝ මෙම ප‍්‍රතිපත්තිය අනුගමනය කළහ.

සර්වජන බලය තවම දේශපාලන ළදරුවෙකි. හෙට අනිද්දා රාජ්‍ය බලය ලබාගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත. ඊට සම්බන්ධ වී සිටින ඇතැමුන් ගැන සැලකිලිමත් වීමේදී පෙනෙන්නේ රටේ ජාතිකත්වය වෙනුවෙන් ක‍්‍රියාකරන දේශපාලන බලවේගයක් ගොඩ නැගීමේ හැකියාව ඔවුන්ට ඇති බවයි. එය ඉක්මනින් සිදු විය යුත්තකි.

බි‍්‍රතාන්‍ය පාලන කාලයේ සිටම සිංහලයන්ට දැනුම හා අධ්‍යාපනය සපයන එංගලන්තය තුළ ඉස්ලාම් ක‍්‍රිස්තියානි ගැටුමක් හටගෙන තිබේ. යුරෝපය පුරා ක‍්‍රිස්තියානි ඉස්ලාම් ගැටුම වර්ධනය වන්නේ බටහිර රටවලට සංක‍්‍රමණය වූ මුස්ලිම්වරුන් ඒ රටවල බලවත් වීම සමගිනි. එංගලන්තය හැමවිටම ලංකාවට බලපෑම් කරයි. සිංහල බෞද්ධයන් බුද්ධිමත් නොවී දේශපාලන කෛරාටිකයන්ට හසුවුවහොත් ඔවුන් දංගෙඩියට ගෙනයන තවත් බල සේනාවක් පවා ඇතිවීමට ඉඩකඩ තිබේ. එවැන්නක් හැදෙන්නේ විදේශිය ධනයෙනි.

මෙවැනි අර්බුදකාරී සමයක සිංහල මග හා බුදු දහම ගැන නිවැරදි දැනුම සිංහලයන්ට ලබාදීමට කැපවූ භික්ෂුන් වහන්සේලා පිරිසක් සිටිති. ලංකාව සිංහල ජාතිය සහ බුදුදහම පිළිබඳ සාවද්‍ය මතවාද පතුරුවන්නන්ගෙන් සිංහලයන් බේරාගැනීමට උන්වහන්සේලා වෙහෙසෙති. මේ අවස්ථාවේ ඉන් එහා ගිය දේශපාලන සංවාදයක් ඇති විය යුතුයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link