හරිණිගේ කෝකටත් තෛලය මුඩුවෙලා

Last Updated on 3 months by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

පේරාදෙණියේ පැවති JVP/NPP සම්මන්ත්‍රණයකට සහභාගී වූ ‘වියතුන්’ පිරිසක් පුදුම උද්දාමයකින් කතා කරමින් ලංකාව ගොඩගන්නා හැටි කතා කරනවා.

මේගොල්ලන්ගේ වෘත්තිය ඉතිහාසයයි, ජරාජීර්ණ වූ දේශපාලනයයි සම වයසේ. අතීතයේදී ඒගොල්ලෝ තමන්ගේ බඩවියත ගැන පමණක් හිතපු නිසා, ඔවුන් ගොඩ ගියා, රට බල්ලට ගියා.
එහෙත් දෙගොල්ලන්ගේම උපන්දිනය එකයි. බල්ලොත් එක්ක බැහැ කිව්වට බල්ලොත් එක්ක නැවත නැවතත් එකතු වෙනවා.

දැන් එයාලා කල්පනා කරන්නේ බාධාවෙන් තොරව විශ්‍රාම සුවය රැක ගන්නේ කෙසේද කියලයි.

සම්මේලනය අමතමින් හරිණි කියනවා, රට reset කරන්න ඕන කියා. උත්සවය අතරතුර මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් ගණකාධිකාරී කාන්තාවක් කියා සිටියා ‘හරිණි නිවැරදියි, රට reset කරන්න ඇය සමඟ එකතු වෙනවා කියා.

ගණකාධිකාරි නෝනටත් reset කතාව හොඳට අල්ලලා ගියා වගේ.

හරිණිට අවශ්‍ය එයාගේම සංකල්පයක් මත වැඩ කරන්න. reset හරිණිට අලුත් උනාට, smart දුරකථන පාවිච්චි කරන පාසල් දරුවන් පවා ප්‍රශ්නයක් මතුවුණහම ඒගොල්ලන්ගේ දුරකථන, Laptop, Tablet තනිවම reset කරගන්නවා.

ඉංග්‍රීසි නැතුව කෑම ටිකවත් උගුරෙන් පහළට නොයන හරිණි, Cambridge ගියාට, reset කෝකටත් තෛලයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා.

NPP කණ්ඩායම ඉංග්‍රීසි උගත් පන්තිය නියෝජනය කළත් ජවිපෙ වැඩි දෙනෙක් තවම ගමේ බයියෝ. ඉංග්‍රීසි බැරි හීනමානයෙන් පෙළෙන මේ ගොයියො, කවුරු හරි තකතීරුවෙක් ඉංග්‍රීසි වචනයක් අල්ලගෙන බඩ ගාගෙන හරි උඩට නැග්ගොත් හුරේ දානවා.

ජවිපෙ කොල්ලො කුරුට්ටෝ නිතර කියන පරිදි, ‘නාකි හම්පඩයින්ගෙන් වැඩක් නෑ. අපි වැඩ කරන්නේ තරුණයොත් එක්ක පමණයි’ කියල කියමින් ආතල් ගන්නවා.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් රැකියාවල් නොකරන නිසා පිටරට යාළුවෙකුට පණිවිඩයක් යවලා හරි කීයක් හරි ගෙන්වා ගන්නවා ප්‍රසිද්ධ සන්නාමයක කමිසයක් හෝ පාවහන් යුවළක් ගන්න.
මේ අයට වැඩියෙන්ම මුදල් ඕනේ වෙන්නේ ෆෝන් එකෙන් අන්තර්ජාලයට යන්න. Data (reload) ගන්න සල්ලි නැත්නම් ලෝකය කණපිට පෙරළුනා වගේ.

මේගොල්ලෝ reset වලින් නතර වෙන්නේ නැහැ. දේශපාලනයට තවම නවකයෙක් වන හරිණි වැනි තැනැත්තියක් ලංකාවේ භාවනාවකට ඉංග්‍රීසියෙන් කමටහන් සොයනවා.

මේගොල්ලෝ සියල්ලෝම මනෝ ලෝකවල ජීවත් වෙමින් මහපොළොවට පාත් වෙන්න දුබල උත්සාහයක් දරමින් සිටිනවා.

මට නම් හිතෙන්නේ හරිණි අමරසූරිය කොපමණ ඉංග්‍රීසි දැනගෙන හිටියත්, ඇය අවභාවිතා කළ “reset” කියන ඉංග්‍රීසි වචනයේ ප්‍රායෝගික තේරුම දන්නේ නෑ.

ජවිපෙ පඬියොත් ‘System Change’ කියන එක ජප මන්තරයක් වගේ මතුර මතුර හිටියා ඒකෙ තේරුමවත් හරි හැටි දන්නේ නැතුව.

Reset යන පදය පරිගණක විප්ලවය හරහා ජාත්‍යන්තර භාෂාවලට එක්වූ සුලභව භාවිතා කරන වචනයක්.

පරිගණක යන්ත්‍රයේ මෘදුකාංගවල ඇතිවන ප්‍රශ්නවලට එක් අත්දුටු, ප්‍රබල හා ක්ෂණික පිළිතුරක් වන්නේ “කලින් තිබූ තත්වයට (Reset)) යාම” යි.

මෙම උපක්‍රමය භාවිතා කිරීමට විශේෂ දැනුමක් අවශ්‍ය නෑ.
දැනුමැති අයෙකුට මෙන්ම මෝඩයෙකුට වුවත් එය කළ හැකියි.
දැනුමැත්තා එය කරන්නේ අවබෝධයකින් යුතුවයි. මෝඩයා කරන්නේ අනුකරණයක් පමණයි.

පරිගණකයේ මූසිකය මගින්, උපකරණයකට සවිකර ඇති කුඩා බොත්තමක් එබීමෙන්, නැතිනම් අදාළ වෙනත් ක්‍රමයකින් මේ වෙනස සිදු කර කරගත හැකියි.

එය දෘඪකාංගයක මුහුණුවරින් සිදුවූවත් එම යන්ත්‍රයේ ජීවය හෝ ප්‍රාණය ලෙස සැළකිය හැකි මෘදුකාංගමය දත්ත (software) ආපසු හැරවීමක් කළ හැකියි.

යන්ත්‍රයට අලුතින් කැවූ මෘදුකාංග දත්ත බලාපොරොත්තු වූ කෘත්‍යය ඉටු නොකරන්නේ නම් reset මගින් කලින් පැවති ක්‍රමයට ආපසු ගිය හැකියි.

දැන් අපි නැවත වතාවක් හරිණි අමරසූරිය දෙසට පමණක් නොව සමස්ත මාලිමාවේම ක්‍රියාපටිපාටිය දෙස හැරී බලමු.

NPP බිහිවෙන්න කලින් ජවිපෙ යනු මෙතෙක් තිබුණු ක්‍රමය පෙරළීමට, මුලිනුපුටා දැමීමට, අවශ්‍ය වුවහොත් මුළු යන්ත්‍රයම ඔසවා පොළොවේ ගැසීමට වුවත් සූදානම්ව සිටි කණ්ඩායමක්. වරින් වර ඔවුන් එය අත්හදා බැලුවා.

හරිණි අමරසූරියගේ ටිකිරි මොළයට වැටහෙන හැටියට reset සංකල්පය සම්මන්ත්‍රණයකදී එළියට දැම්මත්, මේ තුළින් මතුවන පරස්පර විරෝධී බව ඔවුන් කාටවත් තේරී නැති බව පැහැදිලියි.

ජවිපෙ ඉතාමත් අමන අන්දමින් තරුණ ජීවිත දස දහස් ගණනක් බිලි දෙමින් ක්‍රමය පෙරළා දමන්න වලිකෑ නමුත්, නටපු තොවිලෙකුත් නෑ බෙරේ පළුවකුත් නෑ කියන ගැමි වදන සනාථ කරමින් දේශපාලන වශයෙන් අනාථ වුනා.

ජවිපෙ හැමදාම කීවේ දූෂිත 225ම ගෙදර යැවිය යුතු බවයි. ඔවුන්ට වැටහෙන්නෙ නෑ ඒ 225ට ඔවුනුත් ඇතුළත් බව. NPP/JVP මඩ ගොහොරුවේ නෙළුම් මලක් පිපෙනතුරු සමහරු ඇස් උඩ තියන් බලා ඉන්නවා.

NPP කණ්ඩායමේ ප්‍රබල පුද්ගලයින් වැඩි දෙනෙකු ලෝක දේශපාලනයේ අදෘශ්‍යමාන හස්තයකින් මෙහෙයවන බව මේ අයගේ තිරිංග නැති කටවල්වලින් වරින් වර පිටවෙන වචනවලින් පැහැදිලි වෙනවා.

හරිණි අමරසූරිගේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ.
නිසි වෙලාව බලා ඇය reset බොත්තම එබූ විට, නැවත රටේ බලය පරණ හොරුන්ටම හිමි වීම, කලින් පිළියෙල කරගත් පරිදි යාන්ත්‍රිකවම සිදු වේවි.

වඳුරාට කියා චීස් කෑල්ල බෙදා ගැනීමට උත්සාහ කළ මෝඩ බළලුන් දෙදෙනාට වූ සන්තෑසිය ජනතා විමුක්ති පෙරමුණටත් උරුම වේවි.

ඔවුන්ව බළල් අඬු මෙන් පාවිච්චි කරන අදෘශ්‍යමාන බලවේග ශ්‍රී ලංකාවේ නැවත හිස ඔසවනවාවි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link