කොලට් සේනානායක

අතීසාරෙ නවතන්නත් බෑ අමුඩෙන්

සරසවියෙන් නවක වධය දුරලන්න⁣’මෛත්‍රී මාසයක්’ එනවලු වෙසක් එකේඅනෙ අයිබං පරිස්සමෙන් බලාගෙනයිමතකනෙ ⁣කෑ පරිප්පුව ‘මෛත්‍රී යුගයේ’ මොළ කුණු වුන සිත්පිත් නැති වධක රැලක්මඩින්නට ඕනැ හොඳ ඉන්ජෙක්සමක්කෝඳුරු තෙල් හත්පට්ටා නොඉල්ලමුඅතීසාරෙ නවතන්නත් බෑ අමුඩෙන්

අතීසාරෙ නවතන්නත් බෑ අමුඩෙන් Read More »

සුදියේ ණයට කා කවද ගොඩ යන්ඩද

කඩදහි මෝල ඇඹිලිපිටියෙ වළ ගියගොඩ අදිනවලු අයිතිය නොරටුන්ට පාටයිවේයන්ගොඩ තුල්හිරියේ රෙදිපිළීකැලණි ටයර් පුත්තලමේ සිමෙන්තී අහිමිව ගිය සම්පත් තව කොච්චරද!ඇරපු ආර්ථිකේ කොරපු වින්නැහියහැම දෙයකම අයිතිය විකුණල අයිබං,සුදියේ ණයට කා කවද ගොඩ යන්ඩද

සුදියේ ණයට කා කවද ගොඩ යන්ඩද Read More »

X පාඩම් සහ why පාඩම්

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. Credit: fedenatir.org කොළොම්බියා, හාවර්ඞ් වැනි ඇමරිකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයන්හි, මානවවිද්‍යා, සමාජවිද්‍යා පීඨයන්ට එන ඉන්දියානු විද්‍යාර්ථීන්ට ‘හින්දු ෆෝබියාව’ (හින්දු සංස්කෘතිය කෙරේ භීතිය) ඇති කරන ක‍්‍රිස්තියානි වැඩපිළිවෙළ හෙළිදරව් කරන ලද්දේ, ඇමරිකාවේ ‘ඉන්ෆිනිටි’ සංවිධානය මඟිනි. එංගලන්තය ප‍්‍රධාන බටහිර යුරෝපයේ තවත් රටවල විශ්වවිද්‍යාලයන්හි මානවවිද්‍යා පීඨයන් මඟින් මෙම අසනීපය ඉන්දියානුවන්ට බෝකරන බව ඇමරිකාවේ වෙසෙන ඇතැම් ඉන්දියානු උගතුන්ගේ

X පාඩම් සහ why පාඩම් Read More »

සජිත්ගෙ හැටි කට ඇරියම පෙනේලූ

සජිත් බබා උස පුටුවේ තියාලාමිටි පුටු ටික බෙදාහදන් කන්ඩසමහරු කැරකෙනව කළගෙඩිය පැත්තටමීයක් නෙමෙයි අයිබං ඕක දෙබරයක් පියගෙ ගී පුතාල ගයනවා වගේලොක්කගෙ පුතාලට බෑ රට කරන්ඩහැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවාලූසජිත්ගෙ හැටි කට ඇරියම පේනවලු

සජිත්ගෙ හැටි කට ඇරියම පෙනේලූ Read More »

වතුර කුමන්ත්‍රණය

කොලට් සේනානායකනාරද කරුණාතිලක පැරණි ඇමරිකන් වතුර බෝතල් දැන්වීමක් සුදු ජාතිකයින් කියන කතාන්දර විනා, අතීතයේ අප්‍රිකාවේ රටවල ඉබොලා, ඒඩ්ස් වැනි දරුණු වසංගත පැතුරුණු බවට සාක්ෂ්‍ය නැත. කොලරාව, වසූරිය සහ උණවසංගත (එපිඩමික්ස්) පැතිරෙමින් යුරෝපා රටවල දරුණු විනාශයන් සිදුවූ බවට බොහෝ තොරතුරු පවතී. යුරෝපයට තිබූ ලොකුම ප්‍රශ්නය කලින් කලට වසංගත පැතිරයාමයි. මුහුදු ගමන් අරඹා රටවල් යටත් කිරීම ඇරඹූ

වතුර කුමන්ත්‍රණය Read More »

අශිෂ්ට සමාජයක දේශපාලන අනාගතය

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Photo Credit: Library of Congress අධ්‍යාපනයෙන් රටක් හදන්න කලින්, ඒ රටේ ඉන්න මිනිසුන්ගේ මොළ හදන්න ඕනේ. එසේ නොවන්න හැම වේදිකාවකම, හැම නාළිකාවකම, හැම අහුමුළුවලම දෙසන දේශනා වාතයට මුසුව සුළඟේ ගසාගෙන යන ප්රලාප පමණයි. උවිඳුගේ පියාගේ පරපුරේ කෙනෙක් හැටියට විජේවීරට සමකාලීනව අධ්‍යාපනය තුළින් සමාජය යහමගට ගන්න ගත් සෑම උත්සාහයක්ම කඩා බිඳ

අශිෂ්ට සමාජයක දේශපාලන අනාගතය Read More »

අපි කන හැටි අයිබං ණයපොත් දනිතී

නැට්ටුවන්ට කලින්ලු කස ගිනිබෝලඡන්දෙට කලින් එනවලු වර්ජන රැල්ලහැම ආණ්ඩුවම රාසේටයි කැඹිරිල්ලඅනික් උන්ට නෑ වාගේ බඩගින්න කල දුටු කල වළ ඉහගන්න වාගෙමබාගෙන නොකා ඉහගෙන කන්න හපන්නූඅපෙන් කා අපිට වර්ජන ගිනි බෙදතීඅපි කන හැටි අයිබං ණයපොත් දනිතී

අපි කන හැටි අයිබං ණයපොත් දනිතී Read More »

යුද්ධ භටයාගේ කතාව

බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය ප‍ළ කළ ‘ජේ. ආර්. ගැන අප ඇසු කථා’ පොතට ලොකු ඉල්ලීමක් ඇතත් එය මේ අවස්ථාවේ ඉටු කිරීමට නොපුළුවන. ඒ නිසා පොතේ අඩංගු කතා මෙසේ ඉදිරිපත් කරමු. උතුරේ යුද්ධයට ගිය හමුදා භටයින් සිය ගණනින් මිය ගියා. තුවාල ලැබූ ඔවුන් සමහරෙක් කොළඹ ගෙනාව. දවසක් ජේ. ආර්. තුවාල ලැබූ භටයින්ගෙන් පිරීගිය

යුද්ධ භටයාගේ කතාව Read More »

කොයි බල්ලට යාවිද ජන සමාජය

ලංකාදීප අන්තරේට එබුණමහෝස් ගා ගියා අයිබං කැවුත්තමනුස්ස ඝාතන කුණු රසයෙන් කියන‘හෙඩින්’ ගොඩයි අප්පිරියයි අජූවයි මාධ්‍ය සදාචාරයෙ‍, මනෝ විද්‍යාවේමූලධර්ම දාලා බලුබල්ලටමුරබල්ලා පරබල්ලකු වුණාමකොයි බල්ලට යාවිද ජන සමාජය

කොයි බල්ලට යාවිද ජන සමාජය Read More »

හැමෝටම සුබ පතමි අයිබං ආයිබෝ !!!!

රට කන දේසපාලුවො, රාජ්‍ය සේවකයෝසමාජය මුළා කරනා උගත්තුමොකෙක් වත් සිහි නොකර සිංහල අවුරුද්දේහැමෝටම සුබ පතමි අයිබං ආයිබෝ !!!!

හැමෝටම සුබ පතමි අයිබං ආයිබෝ !!!! Read More »

Scroll to Top