Last Updated on 2 years by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD
දෙපයෙන් සිටගෙන සිටි හේගල් දෙස මාක්ස් බැලුවේ ඔළුවෙන් හිටගෙනයි.
එංගලන්තයට ගොස් මාක්ස්වාදය ඉගෙන ගෙන ලංකාවට ආ ධනපති මාක්ස්වාදීන් ලංකාවේ දේශපාලනය කළෙත් ඔළුවෙන් හිටගෙනයි.
ඔවුන්ගේ ගෝල බාලයොත් වහල් මානසික තත්ත්වය නිසා, ඔළුවෙන් සිටගෙනම මෙම මාක්ස්වාදී බක පණ්ඩිතයන්ගේ දේශනවලට ඇහුම්කන් දීමේ ප්‍රතිඵල අද දවසේත් JVP/NPP බංකොලොත් දේශපාලනය තුළිනුත් පිළිබිඹු වෙනවා.
යථාර්ථයට මුහුණ දිය නොහැකි JVP/NPP අවස්ථාවාදීන්ගේ සුසංයෝගය ප්‍රශ්නයෙන් පලායාමේ මූලික අදියරය ලෙස තමන්ට දේශපාලන දර්ශනයක් නැතැයි පවසනවා.
ධනවාදයටත් නෑ මාක්ස්වාදයටත් නැහැ කියා නිර්ව්‍යාජව කිවහැක්කේ දූෂණයෙන් තෙම්පරාද වුනු දේශපාලන ගොබිලයන්ට නොව බුදු දහම තම ජීවිතයට ළං කරගත් මේ හැමදේකම නිස්සාරත්වය දැකිය හැකි ප්‍රඥාවන්තයින්ට පමණයි.
“එව බලව” කියා බුදුන් වහන්සේ පැවසුවේ ඒ නිසයි.
බුදු දහමින් අපගමනයවූ මංමුළා වූ පිරිසට පාර කියන්නට මාළිමාවක් අතැතිව මංමුළා වූ පිරිසක්ම ඉදිරිපත්වීම දෛවයේ සරදමක් ද? එසේත් නැතිනම් දේශපාලන කොළොප්පමක්ද?
