Last Updated on 3 days by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

උගතුන්, නක්ෂත්‍රකරුවන්, මාධ්‍යකරුවන්, පාසල් ගුරුවරුන් ආදි විවිධ වෘත්තිකයින් යොදාගනිමින් සිංහල අවුරුද්ද ගැන අසත්‍ය කතා පැතිරවීම ඉංග්‍රීසි පාලකයින්ගේ කාලයේ ආරම්භ කෙරුණු වැඩපිළිවෙළකි. එය ක්‍රියාවට නංවන ලද්දේ රාජ්‍ය නිලධරයන් විසිනි. සිංහලයන්ගේ කැරලි ගැසීමේ හැකියාව නැති කිරීම ඔවුන්ගේ ප්‍රධාන රාජකාරියක් වූයේය. මේ සඳහා සිංහලයන්ගේ සංස්කෘතික උරුමයන් නැති කිරීමේ උපායයන් රාජ්‍ය පරිපාලන අභ්‍යාසවලට සහභාගි වූවන්ට ඉගෙනීමට ලැබුණි. බ්‍රිතාන්‍ය පාලනයෙන් රට මිදුණු පසුව වුවද, සංස්කෘතිය බිඳීමේ වැඩපිළිවෙළ අවසන් නොවූයේය. ස්වදේශික ආණ්ඩුවේ පාලකයින් ඉදිරිපත් වී, සිංහල අවුරුද්ද, සිංහල හින්දු අවුරුද්ද නමින් විකෘති කිරීම ඊට සාක්කියකි.
බලයේ සිටින නායකයා කවුරුන් වුවද, පවතින්නේ නිර්ධන පංතියේ රජයක් නොවන්නේය යන්න ජවිපෙ දර්ශනය වූයේය. ඔවුන්ගේ වාමාංශික ව්‍යාපාරය පංතියෙන් පැහැදිලි කරන ලද්දේ, ‘ලංකාවේ ‘වම’ සිය පැවැත්ම උදෙසා ධනපති ආණ්ඩුවලට මුක්කු ගසන පිළිවෙළයි. ජවිපෙ විප්ලවකරුවන් 1971 අප්‍රියෙල් 5 වැනිදා රාජ්‍ය බලය ඇල්ලීමේ මෙහෙයුම ඇරඹූ විට රටේ කිසිවෙකුට අවුරුද්දක් ගැන සිතන්නට අවස්ථාවක් නොලැබුණි. ඒ ජවිපෙම පසුකලෙක ඔවුන් ධනපති යයි කී ආණ්ඩුවක කොටස්කරුවෙකු වූයේය. දැන් මාලිමා හම පොරවාගෙන සිටින ජවිපෙ ආණ්ඩුව සිංහල දෙමළ අවුරුද්දක් පැවැත්වීමට සැරසේ. එය තනිකරම දේශපාලන ක්‍රියාවකි. ක්‍රිස්තියානි පරපුරකින් පැවතෙන හිනිදුම සුනිල් සෙනවි සංස්කෘතික ඇමතිවරයා එය මෙහෙයවයි.
‘මහාවංශය’ යනු සිංහල ජාතිය මිස වෙන කිසිවක් නොවේ. සිංහපුරයෙන් හෝ සිංහලපුරයෙන් හෝ පැමිණි විජය ඊට මඟුල්ගල තැබුවේය. දඹදිව සමඟ නැදෑකම් පැවැත්වූ යක්ෂ, නාග ආදි සියලු ස්වදේශික පිරිස් ඊට සම්බන්ධ වූහ. අවසානයේ ඔවුහු පණ්ඩුකාභය යටතේ ඒකීය රටක් බිහි කළහ. පණ්ඩුකාභය රජු සියලු ජන කණ්ඩායම් සමඟ ජාතික උත්සවය පැවැත්වූ හැටි වංශකතාවේ සඳහන් වේ. එය සිංහල අවුරුද්දේ ආරම්භයයි. මෙවැනි අවුරුදු සැමරුම් ලාට රට (ගුජරාතය) හා ඒ අවට කලාපයේ පැවතතියේය. අදටත් පවතී. පංජාබයේ එය සිදුවන්නේ වෛසාකි නමිනි. (වැඩි විස්තර සඳහා යේසුස්: දිව්‍ය පුත්‍රයකු කළ බුද්ධ පුත්‍රයා පොත බලන්න).
මහාචාර්ය හස්මුක් සන්කාලියා මහාවංශයේ අඩංගු විජය කතාව නොසලකන ඉතිහාසඥයින් මෝඩයින් බවට පත් කරමින්, මහාවංශයේ සඳහන් වන ලාට රටේ සිංහයා විසූ තැන (ආහු සීහපුරං ති තං) ඔහු පුත් සිංහබාහු ගොඩනැගූ නගරය සොයාගත්තේය. ලාට රට වර්තමාන ගුජරාතය බවත් එහි භවනගර් දිස්ත්‍රික්කයේ සිහෝර් යන නගර නාමය සැදී ඇත්තේ සිංහපුර් හෝ සිංහලපුර් හෝ නාමය ඇසුරින් බවත් ඔහු පැහැදිලි කළේය.
මෙයින් කලකට පසුව ලංකාවේ ආචාර්යවරුන් පිරිසක් වංශකතාව නොසලකා හරිමින්, ‘ආර්ය ජනාවාස පිහිටුවීම ඉන්දියාවේ වයඹින් බටහිරින් මෙන්ම දකුණින්ද පැමිණි ජන කණ්ඩායම් විසින් සිදු කර ඇතැයි කියන්නට ගත්හ. ඒ මඟින් ඔවුන් බලාපොරොත්තු වූයේ දෙමළ ජනයාට සිංහලයාගෙන් වෙන්වූ ඉතිහාස කතාවක් ගෙතීමයි. එම ක්‍රියාව නිසා සිංහලයන්ට ගුජරාතය සමග එක්වීමට ලැබුණු මහඟු අවස්ථාවක් අහිමි විය. ‘ඝෝඝා’ යනු සිහෝර් නුවරට අයත් පැරණි වරායකි. ‘ලංකානී ලඩි ඝෝඝා නෝ වර්’ ඛ්බන්බස ඛ්ාස ඨයදටය් භද ඪ්ර ගුජරාත් චිත්‍රපටියෙන් පැවසෙන්නේ ඝෝඝා මනාලයාගේ ලංකා මනමාලිය ගැනයි. මෙය ගුජරාත් ජනප්‍රවාදයකි.
මහාචාර්ය සන්කාලියා සිහෝර් ඉතිහාස පුවත ඉදිරිපත් කිරීමට ගුජරාති රාජවංශ දෙකක් වූ මෛත්‍රක හා චාලුක්‍ය ඉතිහාස පුවත් ආධාර කරගත්තේය. ඔවුන්ගේ ලේඛනවල සුරාෂ්ට්‍ර වරාය සමීපයේ පැවති කීර්තිමත් වෙළෙඳ නගරය සිංහපුර් (සිංහලපුර්) යැයි සඳහන් වේ. වංශතථප්පකාසනිය සඳහන් කරන පරිදි විජය සහ පිරිස පිටත් වූයේ සුරාෂ්ට්‍ර වරායෙනි.
විජය විසූ සිහෝර් නුවර, ක්‍රි. ව. 8 වැනි සියවස දක්වා ලෝකයේ ප්‍රධාන බෞද්ධ නුවරක් විණි. ඉස්ලාම් සංහාර, බෞද්ධ විරෝධීන්ගේ සැහැසිකම් සහ සුනාමි වැනි ස්වභාවික විපත් හේතුවෙන් සිංහපුර (සිංහලපුර) නගරය සහ බුදුසසුන සම්පූර්ණයෙන්ම විනාශ විය. ඒ මත හින්දු නගරයක් ගොඩනැඟුණි. මෙවැනි දේ අදටත් සිදු වේ. අතීතයේ අනුරාධපුරයේ මහාවිහාරයට නොදෙවෙනි වූ කුරුන්දි විහාරය කාලිංග මාඝ හමුදාව විසින් විනාශ කෙරිණි. කුරුන්දි වෙහෙර පාදම් මත හින්දු කෝවිලක් හැදීමට ආගම්වාදී හින්දූන් පිරිසක් වෙහෙසෙති.
සිංහල ඉතිහාසය සොයන්නෙකුට සිහෝර් යනු පුරාණ උරුමයන් රාශියක් සැඟවුන තැනකි. මාතා මන්දිරය හෙවත් කුලදේවි කෝවිල නිදසුනකි. මෙය අතීතයේ සිංහසීවලී පිදුම් ලද දෙවොල යැයි ජනප්‍රවාදයක කියැවේ. බරණැස්පුරය සිංහලයන් අතර ජනප්‍රිය බෞද්ධ කතා බොහෝමයක සඳහන් නගරයකි. සිහෝරයට සම්බන්ධ ගෞතමී ගංගාව අසලත් බරණැස් නුවරක් පැවති බවට සාක්කි පවතී. සිංහලයන්ට වඩා වැදගත් වූ බරණැස මෙය විය හැකිය.
ලාට දේශයේ සිංහබාහු ගොඩනැඟූ සිංහපුරය, තඹ හා තඹ භාණ්ඩ නිෂ්පාදනයෙන් ධනය හා බලය රැස් කරන ලද නගරයකි. මෙහි වෙළෙඳුන් නිසා මුහුදින් එපිට රටවල සිංහනගර කිහිපයක්ම ඇති විය. තම්බපණ්ණිය තඹ නිපදවූ රටක් වශයෙන් අනුමාන කිරීමට කරුණු තිබේ. විජය සහ පිරිස එහි සිංහල ප්‍රදේශයක් බිහි කළහ. ලංකාවේ ජනප්‍රවාදයට අනුව, විජය කුවේණි සමඟ වෙසෙමින් කල්පිටිය ප්‍රදේශයේ රාජ්‍යයක් ගොඩනැඟීය. සිංහ නගරයක් ජාවා රටේත් පැවති බව ඇතැම් ඉතිහාසකරුවන්ගේ පිළිගැනීමයි.
කුවේණිය හැර වෙනත් කුමරියක ගෙන්වා ගෙන අභිෂේක ලැබීම විවේචනය කරන සමහරු, විජය දුෂ්ටයෙක් යැයි කියති. රාජවංශයක් ගොඩනැඟීම ඉතා බැරූරුම් ක්‍රියාවකි. ඊට රටවැසියන්ගේ කැමැත්ත ගැනීමටද සිදු වේ. විජයට ලාට දේශයේ සිංහ රාජ්‍යයේ ආධාරය ඇතිව රාජවංශික කුමරියක කැඳවාගන්නට සිදු විය. ඇය කුස ජාතකයේ සඳහන් පබාවතී විසූ මදුරටේ රාජ කුමරියක මිස දකුණු ඉන්දියාවේ මධුරාවේ කුමරියක් නොවේ.
ඇතැම් සිංහල රජවරුන් තම නම අගට ‘බාහු’ යන්න යොදාගෙන ඇත්තේ විරුදාවක් ලෙසිනි. විජයබාහු, පරාක්‍රමබාහු, ජයබාහු, ගජබාහු, වික්‍රමබාහු ආදි වශයෙනි. ඒ සිංහල පරපුරේ ආරම්භකයා වූ සිංහබාහු සිහි කිරීමේ සිරිතක් වශයෙනි. යමෙකුට සිංහලයෙකු පරිදි කටයුතු කරන්නට ආත්ම විශ්වාසයක් නැති නම් මේ කුමන තොරතුරු දැනගත්තද ප්‍රයෝජනයක් නැත. (ඉදිරි ලිපියකින් මේ පිළිබඳ වැඩි විස්තර දක්වමු).
