යුද්ධ භටයාගේ කතාව

Last Updated on 5 months by admin

බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය ප‍ළ කළ ‘ජේ. ආර්. ගැන අප ඇසු කථා’ පොතට ලොකු ඉල්ලීමක් ඇතත් එය මේ අවස්ථාවේ ඉටු කිරීමට නොපුළුවන. ඒ නිසා පොතේ අඩංගු කතා මෙසේ ඉදිරිපත් කරමු.

උතුරේ යුද්ධයට ගිය හමුදා භටයින් සිය ගණනින් මිය ගියා. තුවාල ලැබූ ඔවුන් සමහරෙක් කොළඹ ගෙනාව. දවසක් ජේ. ආර්. තුවාල ලැබූ භටයින්ගෙන් පිරීගිය හමුදා රෝහල නැරඹීමට ගියා. ඔහු සමහර යුද්ධ භටයන් ළඟට ගිහින් සුහදව කතා කළා. සුව වූ පසුව මොකද කරන්නෙ කියා සමහර සෙබළුන්ගෙන් ප‍්‍රශ්න කළා.

‘‘මම ආයෙත් යුද්ධ පෙරමුණට යනව’’. ‘‘හෙට මැරුණත් මම තමුන්නාන්සේගෙ හමුදාවෙම භටයෙක් වෙන්ඩ ආයෙ උපදින්ඩ කියල ප‍්‍රාර්ථන කරනව’’….. ආදී කතා තුවාල වූ භටයින්ගෙන් කියවුනා.

මේ අතර මහ හ`ඩින් කෙඳිරිගාන හමුදා භටයෙකුගේ ශබ්දයට ජනාධිපති කන් දුන්න. ඔහු හිටියේ මරණාසන්නවයි. ‘‘ඔබට මට මොනවත් කියන්ඩ තියෙනවද?’’ එතනට ගිය ජේ. ආර්. ඇහුව. ඉතා අමාරුවෙන් හිස සැලූ සෙබළා, ‘‘මම ප‍්‍රාර්ථනා කරනව ඊළඟ ආත්මයේ ඉපදිලා තමුන්නාන්සෙගෙ තාත්ත වෙන්ඩ කියල.’’

ජනාධිපතිවරයා ඇස් බැමි රැලිකර විශ්මයෙන් ‘‘මගෙ තාත්තා වෙන්ඩ…. ඊළඟ ආත්මයේ ඒ මොකටද’’? කියා ඇහුව.
‘‘උඹේ අම්මට ..කන්ඩ’’ හමුදා භටයා ඉතා අමාරුවෙන් කිව්ව. (පිටුව 27)

1 thought on “යුද්ධ භටයාගේ කතාව”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link