Last Updated on 6 months by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
Photo credit: malteclavin.com
ගොවිගමයෙකු නොවූ ආර්. පේ‍්‍රමදාසට පක්ෂයේ නායකත්වයට එන්නට පාර හදා දීම එජාපයේ නායකයන්ව සිටි සේනානායක, ජයවර්ධන, හුරුල්ලේ වැන්නන් කුලවාදීන් නොවන බවට සාක්ෂ්‍යයකි. ආර් පේ‍්‍රමදාස රටේ ජනාධිපති වීමෙන් සිංහලයන් කුලවාදීන් නොවන බවත් පැහැදිලි වේ. සජිත් පේ‍්‍රමදාස ජාති, කුල, ආගම් භේද නොසලකන රටක් ගොඩනංවන බව කියයි. රැලේ යන සිංහලයින් ඒ කතාව නොවැටහෙන්නට පුළුවන් නමුදු, දෙමළ, ඉස්ලාම් ඡුන්දදායකයින්ට පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන.
කර්නල් ඕල්කොට්, කොළඹ සිංහල බෞද්ධයින් බහුලව සිටි කාලයේ මෙහි පැමිණි විදේශිකයෙකි. ඔහු කොළඹ සිංහල බෞද්ධයන් රැස්කර පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවූයේය. ඕල්කොට් පළමුවෙනි ඉංග‍්‍රීසි පාසල පිහිටුවූයේ කොළඹ සිංහල වෙළෙන්දන්ගේ දරුවන් ඉලක්ක කරගෙනය. රට නිදහස ලබද්දීද, පිටකොටුවේ හරස් වීදි සියල්ලකම සිංහල කඩ බහුලව තිබුණි. කොළඹ පරමවිඥානාර්ථ පාසල්වල ඉගෙනුම ලබා එංගලන්තයට ගිය සිංහල වෙළෙන්දන්ගේ දරුවන් වැඩි දෙනෙක් පාහේ එහිම පදිංචි වූහ. මේ නිසා මහලූ වියට පත් ඔවුන්ගේ දෙමව්පියන් වැඩි පිරිස කඩසාප්පු පිහිටි ඉඩම් පින් පිණිස බෞද්ධ සමාගම්වලට පිරිනැමූහ. කූට ඔප්පු හදා, පිනට ලැබුණු කොළඹ ඉඩම් මුස්ලිම් ජාතිකයින්ට අලෙවි කිරීම බෞද්ධ සංගම්වල බලය අල්ලාගත් ඇතැම් පුද්ගලයින්ට අපහසු ක‍්‍රියාවක් නොවීය.
අප්රේල් කැරැුල්ලෙන් පසුව ජවි පෙරමුණේ ව්‍යූහය ගැන අදහස් දැක්වූවන් වැඩි දෙනෙක්, එය ගොවිගම කුලයට අයත් නොවූ කුල කිහිපයක එකතුවක් බවට සාක්ෂ්‍ය ඉදිරිපත් කරති. සාමාජිකයන්ට බෝම්බ හැදීම පුරුදු කළ වික්ටර් අයිවන් මේ කටයුත්තේ ප‍්‍රධානියෙකු වූයේ සර්වෝදයේ ආධාර ලැබීමෙනි. ආරියරත්නගේ සර්වෝදය ව්‍යාපාරය අයිවන්ගේ ‘රාවය’ට මුදල් ආයෝජනය කළේය. වික්ටර් අයිවන්ට, ජවිපෙට කුලය බලපෑ හැටි කියමින් සිංහල සමාජයේ කුල භේද පවතින බව කියැවෙන අදහස් රටට ඉදිරිපත් කිරීමට පොට පෑදුණි.
වර්තමාන ජවිපෙ ව්‍යූහය පෙරට වඩා වෙනස් වී ඇත. එහි ඉහළ නායකත්වය දරන වැඩි දෙනා දිසානායක, හේරත්, රත්නායක, වැනි ගොවිගම නම් දරන්නෝ වෙති. ජවිපෙ පංති අරගලය අතහැර දේශපාලන ලෝකයේ අලූත් පිම්මක් පැන ඇත්තේ, ගොවිගමයින් එහි බලය ඇල්ලීම නිසා යයි ඇතැමුන් කියන්නේ සර්වෝදය ඔවුන්ට කළ මානසික බලපෑම හේතුවෙනි.
සර්වෝදය ඇරඹෙන්නේ හෙට්ටිපොළ කනතොලූව ගමට අලූත් මුහුණක් දීම සඳහා පැවැති ශ‍්‍රමදාන කඳවුරකිනි. ඊරියගොල්ලගේ ‘මනුතාපය’ මුද‍්‍රණය කළ කුලියාපිටියේ ශාස්ත්‍රෝදය මුද්‍රණාලය හිමි වන්නිආරච්චි සිය භාර්යාවගේ සොයුරිය විවාහ කරගෙන සිටි ඒ. ටී. ආරියරත්න එහි කැඳවාගෙන ගියේය. පළාතේ මන්ත‍්‍රී එල්. බී. ජයසේන, වන්නිආරච්ච්ගේ හිතවත්කමට රොඞී ගම්මානයක් හැදීමට ආරියරත්නට පහසුකම් සැලසුවේය සිංහලයන්ගේ කුල ක‍්‍රමය සිංහල වැඩවසම් යුගයේ නෂ්ටාවශේෂයක් බව කියමින් කුල භේදය නසන ගම් පිහිටුවීම ඇරඹූ ආරියරත්නගේ සර්වෝදයට විදේශ රටවල ක‍්‍රිස්තියානි සංවිධානවලින් මුදල් ගලා ආවේය.
ඒ මුදල්වලින් උගතුන්, දේශපාලනඥයින් පමණක් නොව රාජ්‍ය නායකයින් පවා නැමීම ආරියරත්නට කජ්ජක් නොවීය. ආචාර්ය නන්දසේන රත්නපාල මේ ආකාරයට සර්වෝදය නමාගත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. ඔහුගේ හිඟන්නන් ගැන පර්යේෂණ, සර්වෝදයේ මුදල් බලයෙන් සිදු වූවකි.
රොඞී යනු සිංහල ව්‍යවහාරයට සකස් වූ සිංහල නොවන නාමයකි. බෙංගාලයේ ගෞඩි සහ ලංකාවේ රොඞී නම් අතර සමානකමක් පවතී. රොඞීන්ගේ භාෂාව වශයෙන් සැලකූ ගාඩි භාෂාව ගෞඩි භාෂාවයි. විජය සමග ලංකාවට පැමිණි සේනාවෙන් තම පරපුර පැවතෙන බව කීමට ගාඩි නායකයෝ දැන සිටියහ.
මහාවංශයේ සඳහන් වන ලෙසට ‘සිංහබා රජු පිත් තෙල විජයකුමර අනුගත සත්සියයක් පිරිවර ඇතිව ලාට රටින් අවුත් ලක්දිව් බැස්සේය. …විජයතෙම විෂමාචාර ඇති විය. ඔහු පිරිස්ද එසේ වුය. …රජතෙම විජය කුමරුද ඔහුගේ ඒ පිරිස ද (යන) සත්සියයක් මිනිසුන් අඩක් (ඉස්) මුඩුකරවා නැවක දම්මවා සමුදුර යැවිය’.
ගාඩි භාෂාව හා සංස්කෘතිය සිංහල උරුමයක් වූයේය. කුප්පායම් තුළ අවුරුදු තුන්දහසකට ආසන්න කාලයක් ගාඩි භාෂාව හා සංස්කෘතිය රැකගැනීමට ගාඩින්ට හැකි විය. කුප්පායම් භාරව කටයුතු කළ ගාඩි නායකයෝ උරුමයන් රැකගත්හ. ආරියරත්නගේ සර්වෝදය ව්‍යාපාරය විසින් ඒ උරුමයන් සියල්ලම මිහිතලයෙන් අතුරුදහන් කළේය.
මිනිස් ජාන මංකොල්ලය කාලයක සිට හොර රහසේ සිදු කෙරන වැඩපිළිවෙළකි. අපේ වැදි ජනතාගේ ජාන කූඨ ආකාරයෙන් ලබාගත් බවට කතාබහක් ඒ පිළිබඳ දැනුවත් පිරිස අතර තිබේ. මේ ආකාරයෙන් සර්වෝදය ව්‍යාපාරය හරහා ගාඩි ජනයාගේ ජාන සොරකම් කළේ දැයි සැකයක්ද පහල වේ.