Last Updated on 11 months by admin
මහතුවාගේ අමු අක්කා අමු ආදරෙන් දුන්න අමු, අමුවෙන් ම කාපු මට අමු නින්දක් ආවේය.
මට උන්හිටිතැන් අමතකව අමු හීනයක් පෙනිණි.
ඒ අමු හීනෙට අනුව මං හිටියේ අමුඩයක් ඇඳගෙනය.
ඒ හීනේ අනුව මම අමුතු මිනිහෙක් වී සිටියෙමි.
අමු හීන දර්ශනය :-
“අද පත්‍තර ටික ගෙනෙල්ලා හිටන් ඉඳගෙන කියවන්න” මම කීවෙමි.
අමුවෙන් දෙකක් දාගත්ත මෑන් කෙනෙක් පත්තර ටික ගෙනාවේය.
“හුටා හිටන්!” මට අමුවෙන් ම කියැවිණි.
“ඇයි සෑර්! අමු මිරිස් කරලක් හැපුණද සෑර්?”
“මේ බලහං අමු ගොනෝ, පත්තරවල තියෙනවා අමු ජඩ පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුද කියලා මං දන්නවාය කියලා මං කිව්වා ය කියලා… හුටන් වෙන්ඩ යන්නෙ හිටන්!”
“හුටන් නේන්නම් සෑර්! සෑර් එහෙම කීවාය කියලා පත්තරවල තියෙනවා නේන්නම්… ඕං යකඩෝ පරීක්ෂණයකුත් කරන්ඩ යනවැයි කියන්නේ…”
“ඇයි යකෝ තොපි මට ඔහොම එකක් මං කීවාය කියලා කලින් නොකීවේ, මං ම පත්තරෙන් දකිනකං? තොපි අමු කාලා ද හිටියේ හුටන්ලා? මං ඔය කියන්ඩ ඇත්තේ ඊයේ රුසියාවේ ක්‍රෝකස් ටවුමට ගහපු ප්‍රහාරයක් ගැන වෙන්ඩෑ බොලං… බොරු නම් බලහල්ලා ඒක හෙට පත්තරේ තියේවි හිටං! මගෙ හතර වටේ ම රුසියාවටත් වඩා ලොකු අමු ම අමු ඉරිසියාකාරයෝ පිරිලා ඕයි! මං හොඳින් ඉන්න එක්ක ඕකුන්ට පේන්ඩ බෑ… අමු කුහකයෝ හිටං!”
මට අමුහෙළුවැල්ලෙන් ඉන්නේ වගේ ලැජ්ජාවක් හැදී ඇහැරුණි!