මෝදිගේ පැවැත්මට සිංහල බෞද්ධයන් අවශ්‍යයි

Last Updated on 2 months by admin

ඩේවිඩ් ඇන්තනී

ඕනෑම අධිරාජ්‍යයක් ගොඩනැගෙන්නේ ආගමක් සමගිනි. එය සැලකෙන්නේ අධිරාජ්‍යයේ ආගම වශයෙනි. මෞර්ය, කුෂාන, පාල ආදී භාරතීය අධිරාජ්‍යයන්ගේ ආගම බුදුදහම වූයේය. ලංකාවේ ථෙරවාදී බුදුසසුන පිහිටුවූයේ මෞර්ය අධිරාජ්‍ය සමයේ බව වංශකතාවේ සඳහන් වේ. භාරතයේ වයඹදිග රාජ්‍යයන්හි බුදුසසුන පිහිටුවන්නේ කුෂාන පාලන සමයේය. ඒ බෝධිසත්ව වන්දනාව පිළිගන්නා මහායාන බුදුසසුනයි.

පෘතුගීසි අධිරාජ්‍යයේ ආගම කතෝලික වූයේය. දිල්ලි සුල්තාන්වරු ඉස්ලාමිකයෝ වෙති. ලන්දේසින්ගේ ආගම රෙපරමාදු ක‍්‍රිස්තියානියයි. බි‍්‍රතාන්‍ය යටත් විජිතයන්හි එංගලන්ත සභා ක‍්‍රිස්තියානිය පැතිරුණි. ප‍්‍රධාන ආගමක් නැතිව අධිරාජ්‍යයක් පවත්වාගෙන යාමට නොපුළුවන. අධිරජ්‍යයේ සංස්කෘතිය වෙනත් රටවලට පැතිරෙන්නේ ආගම ආධාරයෙනි. රාජ්‍ය ආගමක් නොතිබීම රුසියානු කොමියුනිස්ට් ආණ්ඩුව කඩා වැටීමට එක් හේතුවකි. ඒ සිදුවීම චීනයට පාඩමකි. ආගමක් නැති චීනයට කතෝලික දේවස්ථානය තදින් බලපෑම් කරයි. මේ නිසා බෞද්ධ හා කොන්පියුසියස් වැනි පැරණි චීන ආගම් යළි රටේ පැතිරීමට චීන පාලකයන්ගෙන් අනුබලය ලැබේ.

කතෝලික ආගම හැම පෘතුගීසි යටත් විජිතයකම පැතිරවීම පෘතුගීසි රාජ්‍ය ප‍්‍රතිපත්තිය වූයේය. මෙය සිදුවූයේ මෞර්්‍යයින් හෝ කුෂානයින් බුද්ධාගම ව්‍යාප්ත කළ ආකාරයට නොවේ. පෘතුගීසින් ආගම පැතිරවූයේ ප‍්‍රචණ්ඩත්වය භාවිත කරමිනි. ලංකාවේ බස්නාහිර මුහුදුබඩ පළාත්වල වෙසෙන බැතිමත් කතෝලිකයන් අතුරින් කිහිප දෙනෙකුටවත් ඔවුන්ගේ මී මුත්තන් එම ආගම පිළිගෙන ඇත්තේ දේශනාවලට සවන්දීමෙන් කියා කියන්නට නොපුළුවන. පෘතුගීසින් ලංකාවේ කතෝලික ආගම පතුරුවන්නේ බදු හා වධ හිංසා මාර්ගයෙනි. ඉස්ලාම් නොවන සියලූ ආගම් මිථ්‍යා දෘෂ්ඨින් වශයෙන් සලකා විනාශ කිරීම දිල්ලි සුල්තාන්වරුන්ගේ ආගමික ප‍්‍රතිපත්තිය වූයේය. රණකාමී හින්දු ආගම පතුරුවා ඇත්තේ ද ප‍්‍රචණ්ඩත්වය භාවිත කරමිනි.

පසුගිය කාලයේ ලංකාව පුරා විවිධ යාඥා කල්ලි පැතිරී තිබේ. බෞද්ධ ගම් සහ බෞද්ධයා ආක‍්‍රමණය කිරීම ඔවුන්ගේ ප‍්‍රධාන ක‍්‍රියාවයි. සටකපට ක‍්‍රමවලින් බෞද්ධයන් ගොදුරට ගැනීම අදටත් සිදුවෙයි. කොහේ සිට ආවත්, ඕනෑම යාඥා කල්ලියක් ඇමරිකාවේ ක‍්‍රිස්තියානි මූලධර්මය නිසා උපන්නකි. එනිසා යාඥා කල්ලිවලට ඇමරිකාව සතු අධිරාජ්‍ය බලයට මුවා වී ව්‍යාප්ත විය හැකිය. බයිබලයේ පරණ ගිවිසුමේ අත තබා, ඇමරිකාවේ ජනාධිපතිවරයා සිය තනතුරේ දිවුරුම ප‍්‍රකාශ කරයි. අනිකුත් ආගම නැතිකර මැවුම්කාරයාණන්ගේ බලය ලොවේ හැම තැනකම පතුරුවන්නයි කරන නියෝගය පරණ ගිවිසුමේ සඳහන්ය.

ක‍්‍රිස්තියානිකාරයෙකු වනවාද නැත්නම් හින්දු ආගමිකයෙකු වනවාද යන ප‍්‍රශ්නය ගාන්ධිට ඇති විය. ඔහු නීතිඥයෙකු වශයෙක් දකුණු අප‍්‍රිකාවේ රැුකියාව කරන සමයේ ක‍්‍රිස්තියානි ආගමිකයෙකු වූ බව කියැවේ. එහෙත් හෙතෙම ඉන්දියාවේ ජාතික සටනට බසින්නේ හොඳ හින්දු ආගමිකයෙකු ලෙසිනි. ගාන්ධිගේ පුතා ඉස්ලාම් ආගම වැළඳගත්තේය. ඉන්දිරා ගාන්ධි, ක‍්‍රිස්තියානි චාරිත‍්‍ර රකින නාමික හින්දු පවුලකට අයත් කාන්තාවකි. රජීව් ගාන්ධි හා විවාහ වූ සෝනියා ඉතාලි ජාතික කතෝලික කාන්තාවකි. ඉන්දියාවේ දේශපාලනයට පිවිසුන නරේන්ද්‍ර මෝදි ඊට වෙනස් ඉන්දියානුවෙකි. ඔහු හින්දු ආගමිකයෙකි. හින්දු අධිරාජ්‍යයක් ගොඩනැගීම ඔහුගේ පාලනය යටතේ සිදු වෙමින් පවතී.

මෙවර මහා මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිව පැරදවීමට විජාතික බලවේගයන් දැඩි උත්සාහයක් දරා තිබේ. ක‍්‍රිස්තියානි, කතෝලික සහ ඉස්ලාම් ආගම් ඒ විජාතික බලවේග බව බොහෝ හින්දු ආගමිකයෝ කියති. පසුගිය ඉන්දිය මැතිවරණයේදී, මෝදිට විරුද්ධව විදේශවල සිට ක‍්‍රියාත්මක මෙහෙයුම් සිදු විය. ඒ බලවේග සියල්ලකම ප‍්‍රධාන උපක‍්‍රමය වූයේ හින්දු රට වැසියන්ගේ මොළය කෙළෙසීමයි. ඒ ජනමාධ්‍ය හා මාධ්‍යකරුවන් යොදා ගනිමිනි.

යටගිය මැතිවරණවලදී මෝදිගේ ජයබිම උත්තර ප‍්‍රදේශය වූයේය. ඒ භූමියේ හින්¥න්ගේ මොළය කෙළෙසන ලද්දේ කුලභේදය ඇවිලීමෙනි. මෝදි හින්දු බ‍්‍රාහ්මණයෙකි. පැරණි හින්දු ආගම වර්ණාශ‍්‍රම ධර්ම පිළිගනියි. ඊට අනුව භාරත වැසියා බ‍්‍රාහ්මණ, ක්ෂත‍්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් කොටස් හතරකට බෙදුණි. ඒ ඉතිහාසය ඉදිරිපත් කරමින්, මෝදි යටතේ ඉන්දියාවේ රජ වන හින්දු ආගම බ‍්‍රාහ්මණයන් නොවන හින්දු ජන කණ්ඩායම්වලට තර්ජනයක් බව, විශේෂයෙන්ම දලිත්වරුන්ගේ ඔළුගෙඩිවලට ඇතුළු කිරීම පසුගිය කාලයේ ඉන්දියාව පුරාම සිදු විය.

පැරණි ජවිපෙ, මාක්ස්වාදී පක්ෂයකි. 1971 පසුව එයින් ඉවත් වී විජේවීරගේ හතුරෙකු වූ වික්ටර් අයිවන්, සර්වෝදය නායක ඒ. ටී. ආරියරත්නට එක් විය. ආරියරත්න කුල ක‍්‍රමය නැති කරන මුවාවෙන් සිංහල සංස්කෘතියට පහර දුන් අයෙකි. අයිවන්ගේ ‘රාවය’ ගොඩනැගෙන්නේ ආරියරත්න ගොඩනැගූ ‘සර්වෝදය’ මුදල්වලිනි. ලංකාවේ කුල ක‍්‍රමය ගැන නොයෙක් කතා ඉදිරිපත් කිරීමට අයිවන් සමත් විය. මේ නිසා ගොවිගම නොවන කුලවල බොහෝ තරුණ තරුණියෝ, ‘බුදුදහම සහ සිංහල සංස්කෘතිය නිසා ඔවුන්ගේ මුතුන් මිත්තන්ට හානියක් සිදු වී ඇත’ යන වැරදි අදහස පිළිගත්හ. ‘මාලිමාවට’ ඇතැම් පුද්ගලයන් සම්බන්ධ වී ඇත්තේ, එය කුලවාදයට විරුද්ධ පක්ෂයක්ය යන හැඟුමෙනි.

මෝදිගේ පාලනය විසින් ඉන්දියාව ලෝක බලවතෙකු බවට පත් කර තිබේ. මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාවේ ආර්ථිකය විශාල දියුණුවක් ලබා ඇත. එංගලන්තය, ජපානය, ජර්මනිය ආදි බලවත්ව සිටි සියලූම රටවල් අභිභවා ඉන්දියාව නැගී සිටියි. ඉන්දියාව බලවත් කළ මෝදි යටතේ ඉන්දියාවේ හින්දු ආගම බලවත් වී පවතී. හින්දු සංස්කෘතිය අසල්වාසී රටවලටත් බලපෑම් කරයි. ඒ බලපෑම පැරණි හින්දු ආගම කළ බලපෑමට සමාන නොවේ. එහෙත් මෝදි විරෝධී මෙහෙයුම්කරුවන් කරන්නේ ලංකාවේ සිංහල බෞද්ධයන්ගේ මොළ ගෙඩිවලට වැරදි දැනුමක් ඇතුළු කිරීමයි.

මෝදිට ඉන්දියාව අධිරාජ්‍යයක් කිරීමට පුළුවන. ඔහුගේ වැඩපිළිවෙළ සාර්ථක වන්නේ භාරතීය ජනතා පක්ෂයට තව කාලයක් බලයේ සිටින්නට හැකි නම් පමණි. එයට මග, සතුරු බලවේග පැරදවීමයි. ලංකාව මෝදිට විරුද්ධ බලවේග ප‍්‍රදර්ශනය වන ස්ථානයකි.
මුහුණුපොත හා බොහෝ මාධ්‍යකරුවෝ, ‘මෝදි ගොඩනංවන හින්දු ඉන්දියාව, ලංකාව ගිලගන්නා බව’ සිංහල බෞද්ධයන්ට පිළිගැන්වීමට වෑයමක් දරති. ලංකාව තුළ පැතිරෙන ඒ වැරදි මතය පැරදවිය හැක්කේ සැබෑ සිංහල බෞද්ධ නායකයෙකුට පමණි. මේ නිසා කැඞී බීඳී විසිරී සිටින සිංහල ජාතික බලවේගය එකතු කර සිංහල බෞද්ධයින්ට නායකයෙකු හදා ගැනීමට උපකාර කිරීමේ වගකීම ඉන්දියාවට තිබේ.

එහෙත්, මෝදිගේ ආණ්ඩුව කරන්නේ සිය සතුරන්ට පාර හදා දීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link