කොලට්ගේ ආ ගිය කතා

Last Updated on 7 months by admin

Photo credit: Malcome Dep

මාතලේ වංශවත් පවුලකට අයත් මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රිචඞ් (බැටී) වීරකෝන් විප්ලවවාදියෙකු වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීය. සමසමාජ නායකයින්ට සමීප වූ ඔහු ඇන්. ඇම්. පෙරේරාගේ ලේකම් තනතුරට පත් වූයේය.

ඉංජිනේරුවෙක් වූ උපසිරි සිල්වා බොරැුල්ලේ කොටාරෝඞ්හි පිහිටි බැටීගේ නිවසේ සිටි බැටීගේ ගෝලයෙකි. ජීවිතයේ පැසුණු සමය ඕස්ටෙ‍්‍රලියාවේ ගතකළ උපසිරි, බැටීගේ මෙන්ම සමසමාජ කෙරුමන් වැඩි දෙනෙකුගේ ජීවන තොරතුරු අප සමග කීවේය. ඒ කතා ‘ටොප් ලංකා නිවුස්’හි ප‍්‍රසිද්ධ කරනවාට ඔහු විරුද්ධ නොවීය.

“කාලයක පටන් මැයි පළමුවෙනිදා සමසමාජ රැුස්වීම පැවැත්තුවෙ බොරැුල්ල කැම්බල් පිට්ටනියෙ. එදාට අපූරු දෙයක් වෙනව. කොල්වින් සහෝදරය කාර් එක පැදගෙන බොරැුල්ලෙ ‘වුඞ්ලන්ඞ්ස්’ එක (ඩඞ්ලි සේනානායක විසූ නිවස පිහිටි ප‍්‍රදේශය* කිට්ටුවට එනව. මිනිහගෙ ඩ‍්‍රයිවර් බයිසිකලෙන් ඇවිත් ඒ හරියෙ ඉන්නව. කොල්වින් එතනට ඇවිත් ඩ‍්‍රයිවර්ට කාර් එක දීල බයිසිකලේ අරගෙන පැදගෙන එනව. බොරැුල්ල හන්දියෙ ඉන්න සහෝදරවරු වුඞ්ලන්ඞ් පාර පැත්තේ ඉඳන් දාඩිය දාගෙන බයිසිකලේ පැදගෙන එන කොල්වින් සහෝදරයව දැක්කම ‘‘ජයවේවා සහෝදරය’’ කියමින් කෑ ගහන්ඩ ගන්නව. කොල්වින් ඔවුන්ට අතක් වනාගෙන බැටීගෙ ගෙදරට ඇවිත් බයිසිකලේ දාල බැටිත් එක්ක කාර් එකෙන් කැම්බල් පිටියට යනව.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link