දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි!

Last Updated on 4 months by admin

1505 සිට මේ දක්වා වූ ලංකා ඉතිහාසය ම්ලේච්ඡත්වය පිළිබඳව ඉතිහාසයක්ද බවට පත් කළේ අනුපිළිවෙලින් රෝමානු කතෝලික ආගමත්, රෙපරමාදු ආගමත් හා එංගලන්ත සභාවත්.

සත්‍යයේ නාමයෙන් ඝාතනය වූ සවදේශිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනින් කියන්නත් බැරි තරම්.

සුද්දාගෙන් ලැබුණා යයි කියන නිදහසින් පසුවත් දකුණේ හා උතුරේ තරුණයින්ගේ මොළ සෝදා කැරලි ගැසීම් හා යුද්ධවලට පටලවා ප්‍රකට කළ ම්ලේචත්වයට එදා වගේම අදත් නායකත්වය දෙන්නේ විවිධ ක්‍රිස්තියානි කණ්ඩායම්.

සත්‍යය කියන වචනයටත් නිගා දෙන අන්දමින් වසර දහස් ගණනාවක් තිස්සේ සත්‍යය හා සාධාරණත්වය කුමක්ද යන්න නිර්වචනය කර ගැනීමට ‘දෙවියන්ගේ’ පිළිසරණ සොයමින් වෙහෙසෙනවා.

සත්‍යය යනු ‘දෙවියන්’ වහන්සේ නම්, එම ‘දෙවියන්’ විසින් මැව්වා යයි කියන මිනිසා ආගම්වල නාමයෙන් ලොව පුරා අසත්‍ය පතුරුවමින් සිටින්නේ කිසිම හිරිකිතයකින් තොරවයි.

එක් සරල උදාහරණයක් මේ. 15 වන සියවසේ බොහිමියාවේ (වර්තමාන ජර්මනියෙන් කොටසක් හා චෙක් රාජ්‍යය ඒකාබද්ධ වී සෑදී තිබුණු ප්‍රදේශයක්) ප්‍රාග් විශ්වවිද්‍යාලයේ Thealogy මහාචාර්ය හා කතෝලික බිෂොප් ලෙස සේවය කළ Jan Hus තුමාව වතිකානුව විසින් 1415 ජූලි මස 6 වැනිදා (වර්තමාන ජර්මනියේ) කොන්ස්ටන්ස් නගරයේදී පණපිටින් පුළුස්සා මරා දමන්නේ එම බිෂොප්වරයා වතිකානුවේ බොරුවලට එරෙහිව ප්‍රසිද්ධියේම හඬ නැගූ නිසයි.

එදා කතෝලික පල්ලිය විසින් ගිනි තබා පිළිස්සුවේ ඒ උතුම් බිෂොප්වරයාගේ කය පමණක් නොව එතුමා විසින් අහිංසක කතෝලික ජනතාවට පහදා දෙන්න උත්සාහ කළ සත්‍යයත් එදා ඒ ගින්නේදීම පිලිස්සී දැවී ගියා.

ශ්‍රී ලංකාවේ වර්තමාන කාදිනල් මැල්කම් රංජිත් හා සිරිල් ගාමිණී වැනි පියතුමන්ලා සොයන ‘සත්‍යය’ 15 සියවසේදී ලොවට ප්‍රකාශ කරන්න ගිය Jan Hus මහාචාර්ය බිෂොප්තුමාට වතිකානුව එදා දුන් දඬුවම 2019 පාස්කු ඉරිදා සත්‍ය සොයා පල්ලිවලට එක් වුනු අහිංසක කතෝලික බැතිමතුන්ට “පහදා” දුන් ආකාරයට වඩා වෙනස් වන්නේ ඝාතනය වුණු සංඛ්‍යාව තුළින් පමණයි.

එදා මෙදා තුර තමන්ගේ භක්තිය නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවුණු පිරිසට සාමාන්‍ය කතෝලික ජනතාව පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත සත්‍යගරුක පියතුමන්ලාත් අයත් වෙනවා.

“කකුලේ බරවාවට පිටිකර බෙහෙත් බඳින්නාසේ” (සද්ධර්ම රත්නාවලිය -ධර්මසේන හිමි) ශ්‍රී ලංකාවේ වර්තමාන පාලකයින් කතෝලික සභාව සමග එක්වී අවශ්‍ය දේට නොව අනවශ්‍ය දේටම විසඳුම් සොයමින් අඳුරේ අතපත ගාමින් ඉන්නවා.

එක්කෝ ‘දෙවියන්’ වහන්සේ අන්ධයි. එසේත් නැත්නම් ‘දෙවියන්’ විසින් මවන ලද මිනිසා අන්ධයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link