Last Updated on 1 year by admin

Painting by: Prasanna Weerakkody
එක්සත් රාජධානියේ සිංහල සංවිධානයේ සභාපති, අභාවප්රාප්ත ඩග්ලස් වික්රමරත්න, ‘ඇහැලේපොල’ මැයෙන්, ‘ඩුරාන් අප්පුහාමි නමැත්තෙකු ඉංග්රීසි බසින් ලියූ පොතක් මට දුන්නේ්ය. පොත අලෙවියෙන් ලැබෙන මුදල, අනාථ වූ ලංකාවේ දෙමළ ළමයින්ට දෙන බව එහි සඳහන්ව තිබුණි. ලංකාවේ අනාථ දෙමළ ළමයින් සිටින්නේ ස්වල්ප දෙනෙකි. අනාථ සිංහල ළමයින් විශාල ප්රමාණයකි. මා මේ ගැන ඩග්ලස්ට කී විට, ඩුරාන් තමාගේ හොඳ මිත්රයෙකු බව ඔහු කීවේය. එම නිසා ලංකාවට පැමිණි විටක ඩුරාන් හමුවීමට මීගමුවේ පිහිටි ඔහුගේ නිවෙසට ගියෙමි.
තමා උඩරට කැරැුල්ලට සම්බන්ධ නායකයෙකුගේ පවුලට අයත් බව ඩුරාන් කීවේය. මිල්ලව අදිකාරම ප්රධාන පිරිසක් කැරැුලි නායකයින් බි්රතාන්ය හමුදාවට පාවා දෙද්දී එයින් ගැලවී පහතරටට පැනගත් ඔවුන්ගේ පවුල වාසගම වෙනස් කරගෙන ක්රිස්තියානි ආගම වැලඳගැනීමේ කතාවක්ද කීවේය.
‘මොරටුවේ ටිරෝන් ප්රනාන්දු දන්නේ දැ’යි ඔහු මගෙන් ඇසුවේය. මොරටුවේ මන්ත්රී වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණ එජාප ආණ්ඩුවේ විදේශ ඇමතිකම දැරූ ටිරෝන් පුරංඅප්පුගේ මුණුබුරෙකු බව කියවෙන ලිපියක් මා කියවා තිබුණි.
පුරං අප්පු නමින් ප්රසිද්ධව සිටි ප්රැන්සිස්කෝ ප්රනාන්දු, මොරටුවේ උපන්නෙකි. බි්රතාන්ය ආණ්ඩුවේ බදු ගැසීම්වලට විරුද්ධව ඇති වූ මාතලේ කැරැුල්ලේ නායකයෙකු වූ ඔහු අල්ලා දෙන කෙනෙකුට පවුම් දහයක් දෙන බව එදා ඉංග්රීසි ආණ්ඩුව නිවේදනය කර තිබුණි.
‘‘මං සාක්කි ඇතුවයි කියන්නෙ පුරංඅප්පුව ඉංග්රීසීන්ට අල්ලා දුන්න කෙනා තමා ටිරෝන්ගෙ මුත්තා’’ ඩුරාන් කීවේය.