මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට

Last Updated on 2 months by admin

පසුගියදා, පැරණි සීඅයිඒ ලිපිගොනුවක් (Zahara CIA Files) ප‍්‍රසිද්ධියට පත් කරන ලදී. එය මුල් කරගෙන අන්තර්ජාලයේ වැදගත් ලිපි කිහිපයක්ම පළ වී ඇත. ඒ ඇතැම් ලිපියකින් පැහැදිලි කෙරෙන්නේ, මොරොක්කෝවේ හස්න් 11 රජතුමා සහ ලිබියාවේ මුඅම්මර ගඩාෆි යන ඉස්ලාම් නායකයින් දෙදෙනා ඉරානය සහ සිරියාව සම්බන්ධ කරගෙන ගොඩනැඟීමට ගිය පෙරමුණ, ඇමරිකාවේ සීඅයිඒ ඒජන්සිය ඉදිරිපත් වී ව්‍යවර්ථ කිරීමට හේතුව සහ එය සිදු වූ පිළිවෙළයි. සහරාව පෙරදිගට හා ආසියාවට නිරතුරුව බලපෑම් කරන ස්ථානයකි. එයින් ලංකාවට සිදුවන බලපෑම් කිසි කලෙක සංවාදයට ලක් නොවූ අනිවාර්යයෙන් සංවාදයට ලක්විය යුතු මාතෘකාවකි.
නරේන්ද්‍ර මෝදි හින්දු අධිරාජ්‍යයක් ගොඩනගන්නට යන බව ඉන්දියාවේ ඉස්ලාම් ආගමිකයින් වැඩි පිරිසකගේ මතයයි. එය වැළැක්වීමට වුවමනාව ඇත්තේ පකිස්ථානයට පමණක් නොවේ. තවත් ඉස්ලාම් රටවලට ඒ වුවමනාව ඇත. ඉන්දියාවට වඩා ලංකාවට වැදගත් මෙම ක‍්‍රියාව ගැන ඉන්දියානු ඔත්තු සේවා සෙවිල්ලෙන් පසු වන බවට සැක නැත. ලංකාව ඉස්ලාම් රටක් බවට පමුණුවා ඉන්දියාව මුස්ලිම් වළල්ලකින් වට කිරීම ඉන්දියාවට එරෙහි ජාත්‍යන්තර ඉස්ලාම් සංවිධානයන්ගේ අපේක්ෂාව බව සිදුවන ක‍්‍රියාවලියෙන් පැහැදිලි වේ.

පැරණි ජවිපෙ, චීනයේ අණ්ඩක් හැටියට බිහිවූවකි. එය කුමන ක‍්‍රමයකට හෝ මියගොස් යළි පැළ වන්නේ ඉස්ලාම් මුදල් වලිනැයි යන්න අනුමානයක්ම නොවේ. පාස්කු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය නිදසුනකි. ජවිපෙ හා ඉතා සමීප ඊබ‍්‍රාහිම් නානාගේ පුතුන් දෙදෙනෙක්ම ඊට සම්බන්ධ වූහ. ජවිපෙ මාක්ස්වාදී පක්ෂයකි. ඊබ‍්‍රාහිම් නානා මාක්්ස්වාදියෙකු නොවේ. නමුත් ශ‍්‍රී ලාංකිකයන්ට පාස්කු ප‍්‍රහාරය ගැන නිවැරදි දැක්මක් ඇති කරගැනීමට නොපුළුවන. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ ගැන සිදු කළ රාජ්‍ය විමර්ශනය ගැන පැහැදිලි කර ඇත. වර්තමාන ආරක්ෂක ලේකම් ද ඒ ගැන පැහැදිලි කර තිබේ.

පාස්කු ප‍්‍රහාරයේ සැබෑ සිදුවීම් සෙවීමට පසුගිය රජයට හෝ වර්තමාන රජයට වුවමනාවක් නැති බව මැල්කම් රංජිත් කාදිනල්තුමා යළි යළි කියයි. වතිකානුව යනු ආගමික මුහුණක් ඇති දේශපාලන රාජ්‍යයකි. එහි නියෝජිතයෙකු වූ කාදිනල්තුමාගේ ප‍්‍රකාශ නිසා ජවිපෙට සම්බන්ධ ඉස්ලාම් කණ්ඩායම්වලට නිදහසක් ලැබේ. යම් පිරිසක් ජවිපෙ බලයට පත් කිරීමට සිතන්නේ බෞද්ධ සංස්කෘතියේ මළගම අපේක්ෂාවෙනි.

ඉන්දියාව ජවිපෙ නායකයින් පිරිසක් ඉන්දියාවට කැඳවූයේ කුමට දැයි දැනගැනීමට බොහෝ පිරිසක් විමසිලිමත් වූහ. එය අපැහැදිලි කාරණයකි. ජවිපෙ උපනායකයින් කියන්නේ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර ජයගන්නේය යන්න දැනගෙන ඉන්දියාව ඔහු එහි කැඳවූ බවයි. එය සාක්කි නැති කතාවකි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය යනු ලංකාවේ මුස්ලිම් ජාතිකයින් වෙනුවෙන්ම පිහිටුවාගත් ඉස්ලාම් දේශපාලන පක්ෂයකි. එය පිහිටුවූ මියගිය එම්. එච්. එම්. අෂ්රෆ් වෙනුවෙන් අනුස්මරණ කෞතුකාගාරයක් කල්මුනේ පිහිටුවීමට මිලියන විසිපහක මුදල් ප‍්‍රතිපාදන වෙන්කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. (මැයි 29 ඬේලි නිව්ස්* පොතුවිල්හිද ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් ඉස්ලාම් කෞතුකාගාරයක් පිහිටුවා තිබේ. මේ ආකාරයට ආගම්වලට අවශ්‍ය පරිදි කෞතුකාගාර ලංකාවේ පිහිටුවන්නේ සිංහලයා දුර්වල කිරීමටයි.

සජබ නායක සජිත් පේ‍්‍රමදාස, ආර්. පේ‍්‍රමදාසට සමාන වන්නේ ඝෝෂා කිරීමෙන් පමණි. ඔහු ලංකාවේ සිට ඊශ‍්‍රායලයේ අගමැති නෙතිනියානුට, ගාසා තීරයේ යුද්ධය නවත්වන්නැයි පැවසීම නිදසුනකි. මෙය විකාර කතාවක් බව වටහා ගන්නට ලොකු බුද්ධියක් වුවමනා නැත. මේ අතර සජිත් නායකත්වය දරන සජබය ඩයනා ගමගේගෙන් හිස් වූ මන්ත‍්‍රී ධුරය පිරිනමන්නේ මුජිබර් රහ්මන්ටයි. ඔහු නගරසභා අපේක්ෂකයකු ලෙස නාමයෝජනා භාරදී නැවත පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය ලබාගැනීම පිළිබඳ විවේචන ද පවතී. පක්ෂයේ බලගතු නායකයෙකු වන ඔහු ඊශ‍්‍රායල් විරෝධියෙකි. ඊශ‍්‍රායල් විරෝධි පෙළපාළි සංවිධාන කරන්නෙකි.

ඊශ‍්‍රායල් හමාස් යුද්ධය නිසා ගාසා තීරය එකම අනාථ කඳවුරක් වී තිබේ. එහි මුල හමාස් ගොරිල්ලන් ඊශ‍්‍රායලයට හදිසි ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමයි. සංගීත සංදර්ශන භූමියකට පැන්න ඔවුහු ඊශ‍්‍රායල් වැසියන් සමූහයක් මරා පිරිසක් ප‍්‍රාණ ඇපකරුවන් වශයෙන් ඩැහැගෙන ගියහ. තවමත් ත‍්‍රස්තවාදීහු එයින් කොටසක් රඳවාගෙන සිටිති. ඇමරිකාවට අනාථ පලස්තීනුවන් පිරිසක් ගෙනෙන බවට ආරංචියක් පැතිරුන නමුදු, ඊට ඇමරිකානුවෝ විරෝධය පළ කළහ. සංග‍්‍රාමයකදී ඊශ‍්‍රායලය රැුකීමට ඇමරිකාව බැඳී සිටියි. මසකට පෙර යුද්ධය නතර කරන්නැයි ඊශ‍්‍රායලයට කී ඇමරිකාව, නවීන අවි ආයුධ පිරවූ නැවක් ඊශ‍්‍රායලට යවා තිබේ.

පලස්තීන අනාථයින් ඇමරිකාවට ගෙන ඒමට ඇමරිකානුවන් විරුද්ධ වූයේ ඔවුන් අධිරාජ්‍යවාදීන් නිසා යයි කටකැඩිච්ච ලංකාවේ මාක්ස්වාදියෙකුට කීමට පුළුවන. ඇත්ත එය නොවේ. ඉස්ලාම් නොවන රටවල ඉස්ලාම් ජනගහණය වර්ධනය කිරීම, ඉස්ලාම් ලෝකයක් බිහිකිරීමට සිතන අන්තවාදී ඉස්ලාමිකයන්ගේ සංවිධානාත්මක වැඩ පිළිවෙළකි. ලංකාවේද සිංහල උපත් සීඝ‍්‍රයෙන් අඩු වේ. මුස්ලිම් උපත් වැඩි වේ.

ලෝකයට මානව හිමිකම් ඉගැන්වීමට ගිය බටහිර රටවල් සියල්ල පස්ස බිම ඇනගෙන දඟලති. ඒ හැම රටකම ස්වදේශික ජනගහණය අභිබවමින් ඉස්ලාම් ජනගහණය වර්ධනය වෙමින් පවතී.

ඉන්දියාව දෙමළ කොටි ව්‍යාපාරය තවත් අවුරුදු දහයකට තහනම් කළාය. කතෝලික පියවරු හා කන්‍යා සොහොයුරින් විශාල පිරිසක් එක්ව උතුරේ මහා කොටි සැමරුමක් පැවැත්වූහ. ඊට සහභාගි වූ ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ නියෝජිතයන්ගෙන් ලංකාවේ නිදහස අභියෝගයට ලක් වන නරක කතා පිට වී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඊට අන්තය. ඔවුන් වාර්තාවක් නිකුත් කරමින් යුද්ධ අපරාධ පිළිබඳව ලංකා ආණ්ඩුව ප‍්‍රසිද්ධියේ සමාව අයැදින්නයි ඉල්ලා සිටියේය. කොළඹ වැල්ලවත්තේ පොලිස් ආරක්ෂාව මැද කොටි සැමරුමක් පැවැත්වුණි.

දෙමළ ඩයස්පෝරාව කොටි අතකි. කොටි, ඔවුන්ගේ උපක‍්‍රමය වෙනස් කර ඇති බව ඉන්දියාව දනියි. රටට ආදරයක් ඇති රටවැසියන්ටත් කොටින් කැලය මාරු කළ බව වැටහේ. ඉන්දියාව කොටි තහනමක යෙදෙන්නේ ඔවුන් ලංකාව කඩා හදන ඊළම තමිල්නාඩුව වෙන් කරන ක‍්‍රිස්තියානි මූලස්ථානය බවට පත් වන බව දන්නා බැවිනි.

රනිල් වික‍්‍රමසිංහ ජනතාව ඡුන්දයෙන් පත් කරගත් නායකයෙකු නොවේ. ඔහු මෙහෙයවූ එජාපයට මැතිවරණයෙන් එකම ආසනයක් වත් නොලැබුණි. පොහොට්ටු මන්ත‍්‍රීවරු ඒ ඇත්ත දනිති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොටි යුද්ධය දිනූ වේලේ ඒ හැමෝම වීරයා චරිත රඟපෑහ. දැන් තනතුරු හා බලය රැකගැනීම සඳහා එජාප අනුගාමිකයන් සේ හැසිරෙති. නුවණ මෙහෙයවා කටයුතු කළොත්, ජාතික නායකයෙකු පත් කරගැනීමට සිංහලයන්ට පුළුවන. එවිට ඔවුන්ට කොකා පෙන්වන දේශපාලනඥයින් වීර චරිත රඟපෑමට ඔවුන් ඉදිරියට පැමිණෙන බවද ඔවුන් සිහියේ තබාගත යුතුයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link