යාපනේ සිංහලයින්ගේ කරුමය වූ ‘උරුමය’

Last Updated on 2 months by admin

රට දැය සමය ගැන අදහස් දක්වන සිංහලයින් ජාතිවාදීන් ලෙසින් හඳුන්වමින් පරිභව කරන සිංහලයින් පිරිසක් රටේ ඇති වූයේ ඉංග‍්‍රීසි පාලන සමයේ විය යුතුය. ලංකාවේ විසූ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියෝ, ‘ඇස් ගෙඩිවලට හෙණ ගහලද සිහළුන්නේ’ යැයි සිංහලයින්ගෙන් ඇසූහ. සිංහලයන්ගේ මොළගෙඩිවලටත් හෙණ ගහලා දැයි අසන්නට අපට සිදු වේ.

දෙමළ ඩයස්පෝරාව සහ ඔවුන්ට පෑහුන ලංකාවේ කතෝලික සභාවේ ඇතැම් බිෂොප්වරැ, සිංහල බෞද්ධයන් ආගම්වාදීන්ය ජාතිවාදීන්ය කියමින් ලෝකය පුරා ප‍්‍රචාරයක් ගෙන යති. ජාත්‍යන්තර ඉස්ලාම් සංවිධාන කිහිපයකින් ගලාඑන මුදල්වලට කඹුරන්නෝ සිංහල තරුණ පරපුරේ මනස වෙනස් කරති. ‘එක්ස්’ කණ්ඩායම නිර්මාණය වූයේ එවැනි පිරිසකගෙනි. ජවිපෙ දුවන්නේ ඉස්ලාම් රටවලින් ලැබෙන මුදලින් යැයි සැකය ජනතාව අතර වැඩෙමින් පවතී. පැරණි ජවිපෙට නැවකට පහරදීමේ කොන්ත‍්‍රාත්තුවක් වෙනුවෙන් ඉස්ලාම් රටකින් මුදල් ලැබුණු බවට එකල කතාබහක් පැවතිණි. කාදිනල්වරයාගේ ‘මහමොළකාරයා කතාව’ පාස්කු බෝම්බ සිද්ධියට සිංහලයා වැරදිකරුවකු කිරීමේ උත්සාහයකි.

වෙසක් පෝය නිමිත්තෙන් ලංකාවේ සිංහලයන් වෙසෙන නගර ගම් නියම්ගම් පුරා දන්සැල් පැවැත්වෙද්දී, ඇතැම් මාධ්‍යකරුවෝ මුස්ලිම් ආගමිකයන් කිහිප දෙනෙකු සංවිධාන කළ වෙසක් දන්සැල විශේෂ ප‍්‍රවෘත්තියක් සේ ප‍්‍රචාරය කළහ. වයස හෝ ස්ත‍්‍රී පුරුෂභාවය නොසලකා දහස් සංඛ්‍යාවක් සිංහලයන් දන්සැල් දෙද්දී, මොට්ටැක්කිලිය දාගත් යුවතියක මෝටර් රථයක යන පිරිසකට සිසිල් බීම පිළිගන්වන ඡායාරූපයක් මුහුණු පොතේ කැරකුනි. ඒ යටින් ‘අපට වුවමනා ජාතිවාදය නොවේ. සාමයට ප‍්‍රිය රටවැසියන් වෙසෙන රටක්’ යන සටහන ඇත. ඒ ඡායාරූපයම සමග ප‍්‍රචාරය කෙරෙන තවත් සටහනකින් පැවසෙන්නේ, තම හොඳම මිතුරා වූ මුස්ලිම් තරුණයකුගේ සහෝදරිය හා සම්බන්ධයක් ඇති කරගත් සිංහල තරුණයකුට, ඇය හා විවාහ වීමට අවශ්‍ය නම් ඉස්ලාම් ආගමට එන ලෙස මිතුරා දැන්වූ බවයි.

ආණ්ඩුව ද සිංහල මනස අවුල් කරන ප‍්‍රවෘත්ති නිිරතුරුව ප‍්‍රකාශ කරයි. සවුදි අරාබියේ ලංකා තානාපති කාර්යාල පරිශ‍්‍රයේ වෙසක් උත්සවයක් පැවැත්වීමේ ප‍්‍රවෘත්තිය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය මඟින් විශේෂ නිවේදනයක් වශයෙන් රටට දැන්වීම නිදසුනකි. මෙවැනි දේ සිදු වන්නේ සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකු බව ලෝකයට දැන්වීමට සවුදිය ගන්නා උත්සාහයට මුක්කු ගැසීමක් වශයෙනි. ඔවුන් ඒ සඳහා මුදල් හා උපක‍්‍රම වගුරුවයි. එනිසා සවුදිය නිතර අලූත් ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කරයි. සවුදියේ පැවැත්වනු නාන ඇඳුමෙන් සැරසුන කාන්තාවන්ගේ (බිකිනි) ප‍්‍රදර්ශනය ඡායාරූප සහිතව මැයි 20 ‘නිව්ස්වීක්’ සඟරාවේ පළ කර තිබුණි. මෙවැනි බාල ප‍්‍රවෘත්ති දැක සවුදිය වහබි මූලධර්මවාදයෙන් පිට පැන්න රටක් යයි සිතීම ලොකු අනුවණකමකි. සවුදියේ ලංකා තානාපති කර්යාලයේ වෙසක් උත්සවය පවත් වනු ලැබ ඇත්තේ වහබින්ගේ වුවමනාවකටය. දින කිහිපයකට පෙර සවුදියේ ඔටුන්න හිමි කුමරා මදිනාහිදී සිය මෝටර් රථය නැවැත්වූ රථවාහන පොලිස් නිලධාරියෙකුට එළව එළවා පහර දුන්නේය. තානාපති කාර්යාලයේ වෙසක් උත්සවයක් පැවැත්වූයේ යැයි කියා එහි ගිය සිංහල ශ‍්‍රමිකයෙකු සිය කාමරයේ බුදුරුවක් දැක්වෙන චිත‍්‍රයක් එල්ලාගෙන වැඳුම් පිදුම් කළොත් ඔහුට හෝ ඇයට දෙවියන්ගේම පිහිටයි.

පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබ්රි දූෂණ ක‍්‍රියාවලට සම්බන්ධ පුද්ගලයෙකු වශයෙන් කීර්තියක් දරන්නෙකි. පුත්තලම ප‍්‍රාදේශීය ලේකම්වරයා රජයේ නිලධාරියෙකි. ඔහු සිය බල ප‍්‍රදේශයේ සිදු වන ඉඩම් කොල්ලයක් පිළිබඳ විභාගයකට යාම රාජකාරි ක‍්‍රියාවකි. සබ්රි, නිලධාරියාට කඩා පැන්නේය. ඔහු එහිදී කොල්ලකරුවන් හඳුන්වන්නේ ‘අපේ මිනිස්සු’ යනුවෙනි. (27 වෙනි සඳුදා ලංකාදීප එසැණ පුවත්). සබ්රිගේ ‘අපේ මිනිස්සු’ මුසල්මානුවන් කිහිප දෙනෙකි. පුත්තලම, සිංහල, දෙමළ, කාපිරි, ජා, මැලේ, ලංසි, මුක්කර ආදී මිනිස් කණ්ඩායම් වෙසෙන නගරයකි. මොවුන් කාගේ මිනිසුන්ද?

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ලංකාවේ උතුරේ හා නැගෙනහිර ඉඩම් සින්නක්කර ඔප්පු යටතේ දෙමළ හා මුස්ලිම් ජනයාට බෙදාගෙන යයි. එය ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඡන්ද ලබාගැනීම අරමුණු කරගත් ක‍්‍රියාවකි. රට හැම තැනම ‘උරුමය’ ඔප්පු පිරිනැමෙන නමුදු, සෙසු පෙදෙස්වල එක් ජන කණ්ඩායමක් ඉලක්ක කර ඔප්පු පිරිනැමීමක් සිදු නොවේ. උතුරේ හා නැගෙනහිර තත්වය ඊට සපුරාම වෙනස්ය.

දෙමළ අන්තවාදීන් විසින් යාපනයෙන් පන්නා දමන ලද සිංහලයින්ගේ ඉඩම් නැවත ඔවුන්ට ලබාදෙන බවක් පෙනෙන්නට නැත. එයින් යම් පිරිසක් නාවක්කුලියේ කුඩා බිමකට කොටු වී සිටිති. තම සින්නක්කර ඉඩම් ලබාගැනීමට යාපනයට ගිය සිංහලයින්, ‘උඹලාට මෙහේ ඉඩම් දෙන්නෙ නැහැ’ යි පවසමින් රාජකාරි භාර දෙමළ ජාතික රජයේ නිලධාරීන් විසින් පන්නා දමා ඇත. ‘උරුමය’ උතුරේ විසූ සිංහලයන්ගේ කරුමය වී ඔවුන්ගේ ඉඩම් දැනට ඒවායේ පදිංචිව සිටින අයට හිමි වෙයි.

ජනාධිපතිවරණයකින් නොව වෙනත් ක‍්‍රමයකට බලයට පැමිණි ඔහු කරගෙන යන මෙම ක‍්‍රියාව සිංහල ජනතාව අනුමත නොකරන්නකි. නමුත් එය ඊළාම්වාදින්ගේ ප‍්‍රශංසාවට ලක් වේ. වන්නි මන්ත‍්‍රී කුලසිංහම් තිලීපන්ගේ රනිල් ඇගැයුම නිදසුනකි. එජාපයේ සිටින රනිල්ගේ හිතවතුන් ස්වල්පය සහ තව ටික කාලයක් බලයේ සිටීමට කැමති පොහොට්ටුවේ මැති ඇමතිවරු පිරිස මේ හැම දේටම හිස සලති. බොහෝ සිංහලයෝ ඉවසිය නොහැකි වේදනාවෙන් පසුවෙති.

ජනාධිපතිවරයා හිතුවක්කාර අයුරින් බෙදන භූමිය රැකගැනීමට මිලියන සංඛ්‍යාවක් සිංහලයන් දිවි පුදා ඇති බව ලංකාවේ ඉතිහාසයෙන් කියැවේ. පසුගිය කාලයේ කොටි ත‍්‍රස්තවාදීන් සමග සටන් කර දහස් සංඛ්‍යාවක් හමුදා භටයින් මියගියේත් ආබාධිතයන් වූයේත් ජනාධිපති සිය බූදලය යැයි සිතා බෙදා දෙන භූමිය රැකගැනීමේ පරමාර්ථයෙනි. ඒ කාලයේ රනිල් වික‍්‍රමසිංහ සිටියේ සිංහලයන්ගේ පැත්තේ නොවේ. ඔහු තොප්පිගල ගැන කී කතාව බොහෝ දෙනෙකුට අමතක නැත.

සත්ව ලෝකයේ සතුන්ගේ මස් පමණක් ආහාරයට ගන්නා සත්තු සිටිති. ඒ බොහෝමයක් සතුන්, සිය දඩයම කරගන්නා ක‍්‍රම තිබේ.

පැරණි ගැමියන්ගේ ලෝකයේ නරියා දඩයක්කාරයෙකි. ඌ ගැන කියවෙන සිංහල කතා විශාල සංඛ්‍යාවක් ඇත. එම කතා බොහෝමයකින් කියවෙන්නේ නරියා කපටියෙකු බවයි. සිංහලයෝ ඒ බව දැනගෙන සිටියහ. පරිසරය හඳුනාගැනීමට සිංහලයන්ට තිබුණ අපූර්ව ශක්තිය නැතිවන්නට හේතු කිහිපයකි. එකක් ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයෙන් සිංහලයන් වෙනස් කිරීමයි. දේශපාලන පක්ෂ ක‍්‍රමයත් හේතුවකි.

වෙසක් පෝයට දන්සැල් පැවැත්වීම සිංහල බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ ආගමික ක‍්‍රියාවකි. ඇතැම් කතෝලිකයෝද වෙසක් පෝයට දන්සැල් දෙති. දැන් වෙසක් නිමිත්තෙන් දන්සැල් පවත්වන ඉස්ලාම් ආගමිකයෝද සිටිති. මෙබඳු ක‍්‍රියාවක් දැක දැන් ඉස්ලාම් අන්තවාදීන් සහ කතෝලික අන්තවාදීන් සිය ආගම්වාදී ප‍්‍රතිපත්තිය බැහැර කර බෞද්ධයන් සමග සහජීවනයට සැරසෙතැයි කියන්නා අඥානයෙකි. නැතිනම් කෛරාටිකයෙකි.

තණකොළ කා ජීවත් වූ හාවා නරියාගේ දඩයමට ගොදුරු වූ සතෙකි. හාවුන් ආහාරයට ගන්නා නරියාගේ ශරීරය ශක්තිමත් වේ. නරියෙකු කොපමණ හාවුන් සංඛ්‍යාවක් ආහාරයට ගත්තත් ශක්තිමත් වනවා විනා ඌට හාවාගේ ගති ඇති නොවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link