රාමායන මාවතේ මොළේ ඇති වඳුරෝ

Last Updated on 3 months by admin

මහමදාගම  ආසියාවට අලුත් ආගමකි. එය, පැරණි ආගම් යටපත් කරගෙන ආසියාවේ විශාලම ආගම බවට පත් විය. එම කටයුත්ත සිදු වූයේ බෞද්ධයන් දස ලක්ෂ සංඛ්‍යාවක් සහ පන්සල් ලක්ෂ සංඛ්‍යාවක් ඉස්ලාමිකයන්ට ගොදුරු වීමෙනි. තවමත් ඒ ආක‍්‍රමණය ලංකාවේ සිදු වෙමින් පවතී. නැගෙනහිර පළාත ගැන සොයන්නෙකුට මේ හා සම්බන්ධ සාක්කි සිය ගණනක් සොයා ගැනීමට පුළුවන.

ඉන්දියාවේ ඇතැම් හින්දු ආගමික නායකයෝ, ඉස්ලාම් සේනාවන්ට ගොදුරු වූ හින්දු පූජනීය ස්ථාන වශයෙන් සැලකෙන ස්ථාන ගැන හින්දුන්ට අවබෝධය ලබා දී, ඒවා ආපසු ලබාගැනීමේ සැලස්මක්, බ්රිතාන්‍යයන්ගෙන් නිදහස ලබන්ටත් පෙර සිට ඇරඹූහ. නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාජප ඊට එකඟ වීම, ඉන්දියාව ලෝක බලවතෙකු වීමේ වැඩපිළිවෙළේ සුවිශේෂ අවස්ථාවයි. භාජප බලයට පත්වූ විගස හින්දු ආගමිකයෝ අයෝධ්‍යාවේ බබ්රි මස්ජිඩය උගුල්ලා එතැන අයෝධ්‍යාවේ හින්දු මන්දිරය ගොඩනැගීම ඇරඹූහ. භාජප ආණ්ඩුව රාම මන්දිරය නිමවා ව්‍යාපතියේ මුල් වැඩ කොටස නිම කළාය. 

ඉන්දීය ආණ්ඩුව අයෝධ්‍යා හින්දු දේව මන්දිරය පිළිගැනීම රාමායන කතාව ඓතිහාසික සිදුවීමක් සේ පිළිගැනීමකි. එය ගොඩනැගීමට මුල් වූ හින්දු ජාතික සභාව, ලාංකිකයන් පිරිසක් හවුල් කරගෙන, ‘රාවණා ලංකාවේ විසූ සැබෑ පුද්ගලයෙකු බවට කතාන්දර ඉදිරිපත් කිරීම’ පසුගිය කාලය තිස්සේම සිදු විය. ඒ අතර සීතා කෝවිල්, හනුමා කෝවිල් පිහිටුවිණි. සිංහල බෞද්ධයන්  කිහිප දෙනෙකු ඉදිරියට දමමින්, ඔවුන් කළ හැම වැඩකින්ම සිදු වූයේ සිංහලයන්ගේ මනසට රාම කතාව රිංගීමයි.

අයෝධ්‍යාවේ රාම මන්දිරයේ භාණ්ඩගාරික ගෝවින්ද සාමි මහාරාජා, ආරක්ෂක ලේකම් සාගල රත්නායක සමඟ පසුගිය සතියේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ඇරඹූ ‘රාමායන මාවත’ Ramayan Trails එහි විශේෂ අවස්ථාවකි.

ඉන්දියාවේ සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමේ අරමුණ පෙරට දමා ඇරඹූ මෙම ව්‍යාපෘතිය යටතේ ලංකාවේ කඳු, ගංගා, කෝවිල්, පන්සල් ඇතුළු ස්ථාන පනහකට වැඩි සංඛ්‍යාවක් රාම රාවණා කතාවට සම්බන්ධ ඓතිහාසික ස්ථාන වශයෙන් පිළිගැනීම සිදු වේ. ඒ හැම තැනකම, තාක්ෂණය යොදවා, ඒවාට පැමිණෙන්නන්ගේ මොළයට රාම රාවණා කතාව ඒත්තු ගැන්වීම ඉදිරියේ සිදුවන්නකි. කතාවට සම්බන්ධ යයි ඔවුන් කියන ස්ථාන දැක  බලාගැනීමට සහ වැඳ පුදාගැනීමට ඉන්දියානුවන්ට පැමිණීම උදෙසා  දෙරට යා කෙරෙන ‘ආදම්ගේ පාළම’ තැනීම ව්‍යාපෘතියේ තවත් පියවරකි. 

වඳුරා, කැලෑ කැපීම හේතුවෙන් ලංකාවට ගැටලුවක් වී සිටින සතෙකි. සිංහල ගොවිතැන ගැන මෙළෝ හසරක් නැති පිං කඳක් වූ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා, අතීසාර රෝගියෙකු අමුඩ ගසන්නා සේ ගොවිතැන සහ වන සතුන් කලමනාකරණය කරයි. වගාවට හානි කරන සතුරන් සේ සලකා, සතුන් දඩයම් කරන සංවිධානාත්මක  දඩයක්කරුවන් හමුදාවක් රට පුරාම බලය පතුරුවාගෙන සිටිති. ඔවුන් සැපයූ වායු රයිෆල් ගත් කුරුට්ටන් දස දහස් ගණනක් සිටිති. ‘රාමායන මාවත’ සැදුණු පසු රටේ වඳුරන්ට අභයදානය ලැබෙනු ඇතැයි සමහරු කියති.  රාමායන මං පෙත විවෘත කර තිබේ. ජවිපෙ, ඉස්ලාම් බලය සමග හවුල් වී නැගෙනහිර පළාත ඉස්ලාම් කලාපයක් කිරීමට පෙර ලංකාවම ඉන්දියානු කලාපයක් වීමට ඇති ඉඩකඩ වැඩිය. ‘උතුරින් සැඩි දෙමළුය. දකුණින් ගොළු මුහුදය. ඉතින් මා කුමක් කරන්නද?’  කියමින් ගැමුණු කුමාරයා දැත් හකුලුවාගෙන නිදා සිටි බව මහාවංශයේ සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link