ලක්ෂ දෙකේ ආචාර්ය උපාධියෙන් රට වනසන උගත්තු

Last Updated on 6 months by admin

මලගනේ අත්ථදස්සි නායක හාමුදුරුවන්ගේ කාලයේ බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ පැවැත්වූ ශාස්ත‍්‍රීය සංවාදවලට සහභාගි වීමට පැමිණි ජයසිංහ බාලසූරිය හා අප අතර යාළුකමක් ඇති විය. ඔහු පසු කලෙක ප`ඩුවස්නුවර නගරය කේන්ද්‍ර කරගෙන ‘වයඹ ගොවි පදනම’ නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන ගියේය. ලංකාවට පැමිණි අවස්ථාවල එහි ගොස් ජයසිංහ හමුවී කතා කිරීම මගේ සිරිතක් විය.

මෙවැනි ගමනකදී උපාධි ලෝගුවකින් සැරසුන ජයසිංහගේ විශාල ඡdයාරුපයක් ඔහුගේ කාර්යාල කාමරයේ සිටුවා තිබෙනු දුටිමි. ජයසිංහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබූ අයෙකු නොවන බව දන්නා මා ඡායාරූපය දෙස බලා සිටිද්දී මහ හයියෙන් සිනාසුන ජයසිංහ, ‘ආචාර්ය උපාධියක් ගන්ඩ ඕනැදැ’යි මගෙන් ඇසුවේය. ‘‘ආචාර්ය උපාධියක් ලක්ෂ දෙකයි’’ කියමින් ඔහු නැවතත් සිනාසුනේය.

මුදලට ආචාර්ය උපාධි ලබාගත හැකි ක‍්‍රමය, ඊට සම්බන්ධ පුද්ගලයින්, ඊට සම්පූර්ණ කළ යුතු කොන්දේසි හා ඒ ක‍්‍රමයට ආචාර්ය උපාධි ලබාගත් ප‍්‍රසිද්ධ පුද්ගලයින් ගණනාවකගේ නම් ඔහුගෙන් අසන්නට ලැබුණි. මට ඒ තොරතුරු ගැන උනන්දුවක් ඇති වූයේ නැත.

පසුදිනක ජයසිංහ මා නැවතී සිටි තැනට ආවේ ඡායාරූප මිටියකුත් සම`ගිනි. රටේ ප‍්‍රසිද්ධ දේශපාලනඥයින්, වෘත්තිය සමිති නායකයින් මෙන්ම ආණ්ඩුකාරවරයෙකු ද ඒ ඡායාරූප අතර දක්නට ලැබුණි.

රටින් බැහැර යන අතර, මම, ඒ කාලයේ සමාජය වෙනස් කිරීමට ඝෝෂා කළ සරත් විජේසූරිය නමැති මහාචාර්යවරයාගේ ‘විනයක් නැති රටක්’ පොත කියවීමි. එහි පරිච්ෙඡ්දයක හොර උපාධිකරුවන් ගැන ලියා තිබුණි. ලංකා සමාජයේ සැබෑ ශාස්ත‍්‍රවන්තයින් සහ හොර උපාධිකරුවන් වශයෙන් කොටස් දෙකක් සිටින බව සඳහන් කරන විජේසූරිය හොරට හෝ හරි ක‍්‍රමයට හෝ ආචාර්ය උපාධි ලබන්නන්ට රට තුළ මෙන්ම රටින් පිට ද විශාල සිවිල් බලයක් ලබා ගැනීමට හැකි බව සඳහන් කර තිබුණි.

නිදහස ලැබූ කාලයේ සිටම ලංකාව පාලනය කරනු ලබන්නේ දේශපාලනඥයන්ට මුවා වූ ආචාර්ය මහාචාර්යවරුන් විසිනි.

1 thought on “ලක්ෂ දෙකේ ආචාර්ය උපාධියෙන් රට වනසන උගත්තු”

  1. Is it true that a former JVP boy who became a governor of southern province was also one who paid 2 lacks to get his phd?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link