වාදපිටිය සහ බූරුපිටිය

Last Updated on 3 months by admin

‍්‍රීඩා පවත්වන්න හදාගත්ත ස්ථානය ක‍්‍රීඩා පිටිය. සූදුවත් ක‍්‍රීඩාවක් විදියට තමයි සූදු හිමියො ප‍්‍රචාරය කරන්නෙ. ඒ නිසා බූරු ගැහිල්ලත් ක‍්‍රීඩාවක්. ඔවුන් බූරු ගහන ස්ථානයට කියන්නෙ බූරු පිටිය කියල. බූරු පිටිවලට පොලිසිය පැන්නම බූරු ගහමින් සිටි සේරම නියම ක‍්‍රීඩාව පටන් ගන්නව. ඒ කියන්නෙ දුවන්ඩ ගන්නව.

බොක්සිං කියන්නෙ සමහරුන්ට ක‍්‍රීඩාවක්. බොක්සිං තරග පවත්වන ස්ථාන බොක්සිං පිටි නෙවෙයි. ඒක රෝමයෙන් ඇරඹුණ ක‍්‍රීඩාවක් නිසා වෙන නමක් භාවිතා වෙනව. ශාස්ත‍්‍රීය වාද පෙරදිග ඉතිහාසයේ සඳහන් වෙනව. ඒ කිසිම තැනක වාද පැවැත්වූ ස්ථාන වාද පිටිය නමින් හඳුන්වා නැහැ. හැබැයි සත්තු වාද කරගත් තැන් පිටි විදිහට හඳුන්වා තියෙනව. ඔහොම තැනකට වාදයකට ඌරා පැමිණ ඇත්තේ අශූචි වළක බැහැගෙන ඉඳලයි.

බුරු පිටිවල වාද සිදුවෙන අවස්ථා තියෙනව. එවිට වාදය කෝලහාලයකින් තොරව බේරුම් කරන්ඩ සූදු කෙළවන පුද්ගලයා ඉදිරිපත් වෙනව. පසුගිය සතියක ලංකාවේ  රූපවාහිනී නාළිකාවක් පවත්වන වාද පිටියට පැමිණි දේශපාලනඥයින් කිහිප දෙනෙක් වාද කරගත් පිළිවෙළ සූදු පිටියක කෝලහාලයකට සමානයි. වාද පිටිය මෙහෙයවූ පුද්ගලයා බොහෝම අමරුවෙන් දෙපාර්ශවය මෙල්ල කෙරුවෙ. සජිත්, අනුර කියන දේශපාලන නායකයින් දෙන්නත් වාදයක් කරන්ඩ කාලයක සිට තෙපරබානව. ඒක පිටියක සිදු විය යුත්තක් යයි සමහරු කියනව. කවදාවත් නොකෙරෙන වාදයක් බවයි තවත් සමහරුන්ගේ අදහස.

බූරු පිටිවලට සුදුස්සන් රූපවාහිනී වාද පිටිවලට සුදුසු නැහැ. ඒ තැන්වලට සුදුස්සන්  රූපවාහිනී වාද පිටිවලට පැමිණි විට අප‍්‍රසන්න සිදුවීම් ඇතිවීම වළක්වන්න අමාරුයි.   සර් ජෝන් කොතලාවල චණ්ඩියක් විදිහටයි ප‍්‍රසිද්ධ වෙලා හිටියෙ. නමුත් ඔහු බුද්ධිමත් දේශපාලනඥයෙක්. මේ කතාව ඊට උදාහරණයක්.

සර් ජෝන් එංගලන්තෙ ඉන්න කාලෙ දිනක් අවන්හලකට ගියා රෑට කෑම කාල එන්න. අවන්හල වහන්ඩ ආසන්න වෙලා තිබුණෙ. මේස කිහිපයක ගැහැණු මිනිස්සු කකා බිබී හිටිය. කෑම කවුන්ටරේ ඉතුරුවෙලා හිටියෙ රෝස් කරපු කුකුළෙක් විතරයි. සර් ජෝන් එය දැක කුකුළාව මේසයට ගෙනෙන්ඩ කියා සේවකයෙකුට කිව්ව.

ඔය වෙලාවෙ සුද්දෙක් අවන්හලට ආව. ආහාර සේරම අවසන් බව ඇසූ ඔහු සර් ජෝන්ට ගෙනියන රෝස් කුකුළා දැක එය තමන්ගේ මේසෙට ගෙනෙන්ඩ කියල සේවකයාට කිව්ව. අවන්හල් සේවකයා කුකුළාව ගෙන ගිහින් සර් ජෝන්ගේ මේසය උඩ තිබ්බ.

සුද්ද තරමක චණ්ඩියෙක්. තමන්ගේ අණ නොසලකා කල්ලා ලබාගත් ජය ගැන සුද්දට තරහ ආව.

“උඹ ඔය කුකුළට කරන හැම දෙයක්ම මං උඹට කරනව” සුද්දා සර් ජෝන්ට කිව්ව.

සර් ජෝන් අත් දෙක හොඳට පිරිමැදල ගෑරුප්පුවයි පිහියයි පැත්තකින් තියල කුකුළ දමා තිබූ පිඟාන කිට්ටු කරගත්ත. ඊළඟට දකුණත උස්සල දබර ඇඟිල්ල හොඳට දික්කරල කුකුළගෙ අධෝ මාර්ගය දිගේ ඇරිය. එළියට ගත්ත. තලූ මර මරා ලෙවකෑව. ආයෙත් වරක් දබරැඟිල්ල කුකුළගෙ අධෝමාර්ගය දිගේ ඇරිය. ලෙවකෑව.

මේ වැඬේ රසවත් විදිහට කරපු සර් ජෝන් “හරි මං කුකුළට කරපු දේ උඹ මට කරපන්.” කිව්ව.

අවන්හලේ සිටි හැමෝම හිනාවෙන්ඩ ගත්ත. සුද්දා එළියට බැස්ස.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link