වැරදුන කුරුමානම් සහ වරදින කුරුමානම්

Last Updated on 3 months by admin

බි‍්‍රතාන්‍ය පාලකයින් ඉන්දියාවෙන් ඉවත් වූයේ ඉන්දියාව දෙකඩ කර, එහි දෙපැත්තේ පකිස්ථානය නමින් ඉස්ලාමික රටක් පිහිටුවමිනි. පකිස්ථානයේ බටහිර හා නැගෙනහිර අතර යුද්ධයක් ඇති කර බංගලා දේශය නමින් ස්වාධීන රටක් බිහි කිරීමට ඉන්දියාව සමත් විය. ඉන්දියාවට පහළින් ස්වාධීන දේශයක් බිහි කිරීමේ වුවමනාව බි‍්‍රතාන්‍යයන්ට තිබුණි. ඔවුන් ඒ සඳහා තෝරාගත් භූමි කලාපය ‘තමිල්නාඩු’ යනුවෙන් නම් කළහ. ‘දෙමළ රට’ යනු එහි අර්ථයයි. බි‍්‍රතාන්‍යයන් සැලසුම වූයේ ක‍්‍රිස්තියානි දෙමළ රටක් බිහි කිරීමයි.

ලංකාවේ උතුර දෙමළ ජනවාසයක් කිරීම ලන්දේසින්ගේ සැලැස්මකි. ඉන්දිරා ගාන්ධි පාලන සමයේ කච්චතිව් ලංකාවට අයත් ¥පතක් වශයෙන් ඉන්දියාව විසින් පිළිගනු ලැබීම තමිල්නාඩුවේ ජාතිවාදී දෙමළ දේශපාලනඥයන්ගේ පරාජයකි. තමිල්නාඩුව ක‍්‍රිස්තියානි රටක් කිරීමට සිතූ කතෝලික සභාව ඒ පරාජය බාර නොගත්තේය. ඔවුහු ප‍්‍රභාකරන් යටතේ උතුරේ ස්වාධීන දෙමළ රටක් බිහි කර එය තමිල්නාඩුවට එකතු කිරීමට සැලසුම් කළෝය.

බීජේපීය යටතේ ඉන්දියාවේ හින්දු ආගම බලවත් වීම නිසා කතෝලික සභාව සහ ඉස්ලාම් කණ්ඩායම් නොසන්සුන් වී සිටිති. තමිල්නාඩුව සතුටු කිරීමට ලංකාවේ උතුරේ දෙමළ ජනයාට විශේෂ අනුග‍්‍රහයක් දක්වන ඉන්දියාව, නැගෙනහිර පළාත ඉස්ලාම් රජදහනක් වනවාට කැමති නැත. තෙල් ටැංකි මුල්කොට නැගෙනහිර පළාතේ භූමි අයිතිය සියතට ගැනීම ඉන්දියාවේ අපේක්ෂාවයි. ජවිපෙ තර්ජනයක් යයි ඉන්දියාව සිතයි. ඊට හේතුව එය ඉස්ලාමිකයන්ට හිතවාදී පක්ෂයක් වීමයි. මේ පක්ෂය අලුතින් ගොඩනැගී ශක්තිමත් වී ඇත්තේ සාමාජිකයින්ගෙන් එකතු කළ සොච්චම් මුදල්වලින් නොවේ.

ජවිපෙ අනුග‍්‍රාහකයෙකු වූ ඊබ‍්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙක් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ වූහ. මේ සිද්ධිය පිළිබඳව රටේ තහවුරු වී ඇති මතයක් තිබේ. එය වෙනස් කිරීමට ජවිපෙ දත් කයි. ‘පාස්කු ප‍්‍රහාරය දේශපාලන කුමන්ත‍්‍රණයකැ’යි අනුර කුමාර දිසානායක පසුගිය සතියේ ප‍්‍රකාශ කළේය. ‘පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවන් සොයා දෙන්නම් කියමින් ගෝඨාභය රාජපක්ෂ තමා රැුවැට්ටූ බවට’ පසුගියදා කාදිනල් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළේය. ජවිපෙ නායකයාගේ ප‍්‍රකාශය, කාදිනල්ගේ රැවටීමේ කතාව හා එතුමන් හමු වූ ජවිපෙ නීතිඥයින් පිරිස භාර දුන් කාරණා හතේ ප‍්‍රතිඥාව සැලකිල්ලට ගත් විට, ‘ගෝඨාභය බලයට ගෙනා සිංහල බෞද්ධයන් පාස්කු ප‍්‍රහාරය යට සිටියේ දැ’යි සැකයක් සමහරුන්ට මතු වේ. ‘ප‍්‍රහාරයේ මහ මොළකරුවන් ගැන කියන අතර ආරක්ෂක හමුදා සාමාජිකයන් ඇතුළු ඊට සම්බන්ධ සැමට ද`ඩුවම් දෙන බව’ කාදිනල් හමු වූ ජවිපෙ කණ්ඩායම කීමෙන් මොවුනට වුවමනා වී ඇත්තේ කුමක් දැයි හොඳින් පැහැදිලි වේ.

ගම්වලට රිංගමින් සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතික මුල් ඉදිරීමට වෙහෙසුන ‘එක්ස්’ කල්ලියේ මෙහෙයුම්කරුවා මුස්ලිම්වරයකු වුවද කල්ලිය මුස්ලිම් සංවිධානයක් නොවේ. බෞද්ධයන් අතර ක‍්‍රිස්තියානි ආගමික චින්තනය තහවුරු කිරීමට ගම්වලට ගිය කල්ලි සාමාජිකයන් මහන්සි වී ඇත. රොහාන් පෙරේරා නමින් පෙනී සිටි ජිහාඞ්කාරයෙකු වූ මොහොමඞ් ෆස්ලි නිසාර් ක‍්‍රිස්තියානි දේවස්ථානයට සේවය කර ඇත්තේ ඉන්දියාවේ සතුරෙකු ලෙසිනි.

ඔහු මිය යද්දී ඒ. ටී. ආරියරත්නත් මිය ගියේය. ආරියරත්න සිංහල බෞද්ධයන්ගේ සිහිය වෙනස් කිරීමට වෙහෙසුන ඇන්ජී ඕ රූකඩයකි. ලංකාව හොල්ලාගෙන සිටි ඔහුව ජනතාව හඳුනාගත් බව පාලිත තෙවරප්පෙරුමට දැක්වූ මහජන සැලකිල්ල ඔහුට නොලැබීමෙන් ඔප්පු වේ. සිංහල ජාතිය පහසුවෙන් වඳ කරන්නට බැරි බව මේ හැම දේකින්ම පැහැදිලි වේ. මොහොමඞ් ෆස්ලි නිසාර් ඇරඹූ සිංහල බෞද්ධයන් කරඇඹීමේ වැඩපිළිවෙළ ඔහුගේ ගෝලයන් වැඩි දෙනෙකුට වැටහී ඇති බව මුහුණු පොතට ඔවුන් ලියන සටහන්වලින් පැහැදිලි වේ. ජවිපෙ කුරුමානම් ඇල්ලිල්ලට අනාගතයේ අත්වනු ඇත්තේද ඒ ඉරණමමය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link