හිජාබය නිසි පරිදි නොපලඳින කාන්තාවන් තඩිගහන්න ඉරානයෙන් ජංගම උසාවි

Last Updated on 7 months by admin

2023 සැප්තැම්බරයේ ටෙහෙරාන් නගර මධ්‍යයේ හිස කෙස් නිරාවරණය කරගෙන ගමන් කරන කාන්තාවක්
(Photo credit: ATTA KENARE / AFP) (Photo by ATTA KENARE/AFP via Getty Images)

සුපිරි සාප්පු සංකීර්ණ වැනි ස්ථානයන්හි ‘ජංගම උසාවි’ පිහිටුවා නිසි රෙගුලාසිවලට අනුව හිජාබය නොපලඳින කාන්තාවන්ට ද`ඩුවම් කිරීමේ නීති හඳුන්වා දීමට ඉරානය සැරසෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඔවුන් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ බීබීසී පර්සියා සේවය මගින් සොයාගෙන ඇති අතිශය රහසිගත ලේඛන ඇසුරිණි.

යෝජිත නීති මගින් හිජාබ නීති අනුගමනය නොකරන පාසල් සිසුවියන්ට අධ්‍යාපන අමාත්‍යංශයේ පරීක්ෂණවලට මුහුණ දෙන්නට සිදු වනු ඇත. එසේම හිජාබ නීති කඩන සමාජයේ ජනප‍්‍රිය කලාකාරියන් වැනි තැනැත්තන්ට ‘¥ෂණ ප‍්‍රවර්ධනය’ කිරීමේ වරදට වසර 10 දක්වා සිරද`ඩුවම් විඳීමට සිදුවිය හැකිය.

මේ පිළිබඳව බීබීසීය කළ විමසුමට ඉරාන රජය පිළිතුරු දී නැත.

මේ අතර, ඉරාන රජය යෝජිත නීතියක කෙටි වගන්තියක් පළ කළ ඉරාන පුවත්පතකට එරෙහිව රහස්‍ය ලේඛන ප‍්‍රසිද්ධ කිරීමේ චෝදනා එල්ල කර තිබේ.

යෝජිත නීති අතරින් සමහරක්, මේ වන විට, නීතියක් බවට පත්වීමට පෙර ඉහළ බලධරයන් විසින් සමාලෝචනය යටතේ පවතින, මහත් ආන්ෙදා්ලනයට තුඩු දුන් ‘හිජාබය සහ පතිවත’ “Hijab and Chastity Bill” පනතෙහි අන්තර්ගත ඒවාය.

හිජාබය නිසි පරිදි නොපැලඳීමේ වරදට අත්අඩංගුවට පත් 22 හැවිදිරි මාෂා අමානි පොලිස් අත්අඩංගුවේදී මියගිය පසු රටේ හටගත් ජනතා විරෝධතාවලින් වසරකට පසු මේ පනත ඉරාන පාර්ලිමේනතුව විසින් සම්මත කරන ලදි. මේ විරෝධතා අතරතුර ඇතැම් කාන්තාවෝ ආගමික පාලනයට එරෙහිව සිය හිස් ආවරණ පිලිස්සූහ. එහිදී ආරක්ෂක අංශවල පහරදීම් නිසා සිය ගණනකට ජීවිත අහිමිවූ බව වාර්තා විණි.

වර්ධනය වන අසහනය හමුවේ මේ වන විට ඉරානයේ හිජාබ නීතිවලට පිටුපාමින් හිස් ආවරණ නොපලඳින කාන්තාවන්ගේ හා යුවතියන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතී.

රහස්‍ය ලේඛනවලින් අනාවරණය වන පරිදි, ඉරාන පාර්ලිමේන්තුව හිජාබ පනත විවාදයට ගන්නට මාස ගණනකට පෙර, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහ්මඞ් වහිඩි, ප‍්‍රසිද්ධ ස්ථානයන්හිදී හිජාබ නීති කඩකරන කාන්තාවන්ට එරෙහිව විධිවිධාන කිහිපයක් යටතේ කටයුතු කිරීම සඳහා රජයට සම්බන්ධ ආයතන හා ආරක්ෂක අංශ ගණනාවකට රහසිගතව අවසරය දී ඇත. ඒ අනුව, හිජාබ නීති කඩන්නන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඉස්ලාම් විප්ලවීම ආරක්ෂක හමුදා රහස් ඔත්තු සේවය, රහස් ඔත්තු සේවා අමාත්‍යංශය හා ආරක්ෂක පොලිසිය යන ආයතනවලට එම විධිවිධාන මගින් විශාල බලයක් ලැබී තිබේ.

Photo credit: BBC

නව රෙගුලාසි අතරින් කීපයක් මෙසේයි.

*පොලිසිය, හිස් ආවරණය නොපලඳින පාසල් සිසුවියන් පිළිබඳ වාර්තා සැකසිය යුතුයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිසි පියවර ගත යුතුය.

*හිස් ආවරණය නොපලඳින කලාකාරියන් වැනි ප‍්‍රසිද්ධ චරිත, සමාජයට බලපෑම් කළ හැකි කාන්තාවන්, බ්ලොග්කාරියන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ හිස් ආවරණ නොපැලඳීම දිරිගන්වන්නන් වැනි පුද්ගලයන්ට එරෙහිව, 10 වසරක සිරද`ඩුවම් හිමිවිය හැකි ¥ෂණ ප‍්‍රවර්ධනය චෝදනා එල්ල කළ යුතු වේ. නිලධාරීන් ඔවුන්ගේ නිවෙස්වලට ඇතුළුව පරිගණක හා ජංගම දුරකතන සිය භාරයට ගත යුතුය.

*හිජාබ රෙගුලාසි අනුගමනය නොකරන කඩසාප්පු කිසිදු අවසරයකින් තොරව සීල් තැබීමේ බලය නිලධාරීන්ට හිමිවේ. හිජාබ නීති කඩන පාරිභෝගිකයන්ට සේවා නොසපයා ඔවුන් සාප්පුවෙන් එළියට දැමීම හෝ නීති අංශවලට භාරදීම සාප්පු හිමියන්ගේ වගකීමයි.

*2022 විරෝධතාවලට සහයෝගය පළ කිරීම නිසා ‘¥ෂණ මධ්‍යස්ථාන’ යනුවෙන් හඳුන්වන ආපනශාලා – විශේෂයෙන්ම පාසල් හා විශ්වවිද්‍යාල ආසන්නයේ පිහිටි – වසාදැමිය යුතුය.

*හිස කෙස් ආවරණයට විරෝධතා දක්වන කාන්තාවන්ට එරෙහිව, ‘¥ෂණ ප‍්‍රවර්ධනය’’ද ඇතුළත් චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමේ බලය නිලධාරීන් සතුය.

*හිස කෙස් ආවරණ නොපැලඳ යතුරු පැදි ධාවනය කරන හෝ කෙස් නිරාවරණය කරගත් පුද්ගලයන් ප‍්‍රවාහනය කරන යතුරුපැදිවල අංක තහඩු ඇතුළත් ජාතික දත්ත ගබඩාවක් සැකසිය යුතුය.

*කුපිත කරවන සහ අවිනීත ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරන සහ පිටවන සේවකයින් සිටින ආයතන පිළිබඳ කෙරෙන විමර්ශන පුළුල් කළ යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link