Last Updated on 3 weeks by admin
ඩේවිඩ් ඇන්තනි විසිනි

ඉන්දියාවේ පිහිටි ජාතිවාදය රජ කරන භූමි කලාපය තමිල්නාඩු ප්‍රාන්තය පමණකි. ගහට වැලට පවා ගෞරව කළ ශ්‍රේෂ්ඨයන් බිහිවූ ඉන්දියාවේ එවැනි භූමි කලාපයක් බිහිවීම ආසියාවම ශෝක විය යුතු කාරණයකි. ඒ ගැන සෙවීමේදී පැහැදිලි වන්නේ මෙය ඉන්දියාව බ්‍රිතාන්‍යය විසින් පාලනය කළ කාලයේ එහි පැමිණි ක්‍රිස්තියානි දේවගැතිවරුන් ඇරඹූ වැඩපිළිවෙළක ප්‍රතිඵලය බවයි. ඒ දේවගැතියන් එම සාපරාධී ක්‍රියාව අරඹන්නේ ඉන්දු නිම්න ශිෂ්ටචාරය නමින් ඉන්දියාවේ මහා ශිෂ්ටාචාරයක් පැවති බව සොයාගැනීමෙන් පසුවයි. ඒ ගැන උනන්දු වූ යුරෝපීය උගතුන් කිහිප දෙනෙක්ම මේ අලුතින් සොයා ගන්නා ලද ශිෂ්ටචාරය ගැන අදහස් ඉදිරිපත් කරන්ට වූහ. ඒ අතර එංගලන්තයේ විසූ ජර්මන් ජාතික මැක්ස් ම්යුලර්, ‘නාසි’ අදහසක් ඉදිරිපත් කළේය.
‘රුසියාවේ ස්ටෙප්ස් තණබිම්වල ජීවත් වූ එf`ඩ්ර ආර්යයින් ඉරානය හරහා යුරෝපයට පැමිණි බව’ පැවසුන මතයට අලුත් කොටසක් එකතු කළ ඔහු, ආර්යයින්ගෙන් කොටසක් ඉරානය හරහා ඉන්දු ගංගාව දෙසට පැමිණි බව’ කීවේය. මෙය බයිබලයේ සඳහන්, ‘මෝසස් අතහැර ඉන්දියාවට පැමිණි යුදෙව් කණ්ඩායම’ පිළිබඳ කතාවට ඉතා සමාන වූවකි.
එසේ පැමිණි ආර්යයන් ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ආක්‍රමණය කළ බව ම්‍යුලර්ගේ අදහස වූයේය. මේ කතාව අල්ලාගත් බ්‍රිතාන්‍ය දේවගැතිවරු, ‘ආර්යයන් විසින් පලවා හරින ලද ඉන්දු නිම්න වැසියන්ගෙන් දෙමළ වර්ගයා පැවතෙන බව’ කියමින් නාසි අදහස තහවුරු කිරීමට පොත්පත් ප්‍රකාශ කරන්නට ගත්හ. ඒ අදහස පිළිගත් බ්‍රිතාන්‍ය පාලකයෝ ඉන්දියාවේ වැසියන් ආර්ය සහ අනාර්ය වශයෙන් කොටස් දෙකකට බෙදූහ. ඔවුන්ට තමිල්නාඩුව (දෙමළ රට) කේන්ද්‍ර කර අනාර්යයන්ගේ රටක් හැදීමේ වුවමනාව තිබුණු නමුදු, ලෝක යුද්ධය නිසා එය ඉටු කරගත නොහැකි විය.
ඉස්ලාම් ආක්රමණවලට හසුවීමට පෙර බංගාලි දේශය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය ආදි සියලු රටවල් ජම්බුද්වීපයට අයත් විය. එහි සිට චීනය, ඉන්දුනීසියාව, සිංහල දේශය, ග්‍රීසිය, පලස්තීනය, සවුදි අරාබිය ආදි රටවලටත් බුදුදහම පැතිරුණි. නරේන්ද්‍ර මෝදිගේ ‘වික්සිත් භාරත්’ වැඩපිළිවෙළ හා ධර්මාශෝක රජතුමාගේ ධර්ම ප්‍රතිපත්තිය අතර සම්බන්ධතාවක් දක්නට පුළුවන.
ඉන්දියාව තුළ ඍජුවම ඊට විරුද්ධත්වයක් ඇති වන්නේ තමිල්නාඩු ප්‍රාන්තයෙනි. එහි දේශපාලන නායකයෝ ඉංග්‍රීසි භාෂාවට ලොකු ආදරයක් දක්වති. හින්දි භාෂාවට වෛර කරති. හින්දු ආගමට ඇල්මැ’ති පිරිසක් එහි සිටිතත් දේශපාලන බලය ඇති සියලු දෙනාම ක්‍රිස්තියානි ආගමට ඇල්ම දක්වති. තමිල්නාඩු මැතිවරණයෙන් ජෝසප් විජේ ජයගන්නේත් බීජේපීය පරදින්නේත් මේ පසුබිම තුළයි.
හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් බලවේග ශක්තිමත්ව කටයුතු කරති. මේ පාර්ශ්ව තුනම, ලංකාවේ ජනාධිපතිවරයාව දකින්නේ දුර්වලයෙකු ලෙසිනි. ඔවුන් විසින් එහාට මෙහාට සොලවනු ලබන ලංකාවේ ජනාධිපතිවරයා මඩේ සිටවූ ඉන්නක් තත්වයට පත්ව ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි. තිස් වසරක් පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය මැඬලීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ රණවිරුවන්, සොල්දාදුවන් ලෙස නම් කිරීමට තරම් ඔහු නිවට විය. රණවිරු සමරුව මඟහරින්නට හැකි හැම උත්සාහයක්ම ගත්තේය. මෙවර ඔහුගේ කටින් රණවිරුවන් යැයි කියවුණේ ජනතාවගෙන් එල්ල වන දැඩි අප්‍රසාදය හමුවේ රටවැසියන් රැවටීමට කරන කපටිකමක් වශයෙනි. ඔහුගේ නිල මුහුණුපොත් ගිණුමේ සඳහන් කර ඇත්තේ තමන්, ‘නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයින් බැලීමට “රණවිරු සෙවණ”ට ගිය බවයි.
අනුර කුමාර ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ලොකුම දුර්වලකම ඉහත සඳහන් තුන් පාර්ශ්වය සතුටු කිරීම සඳහා දේශීයත්වය නොසලකා හැරීමයි. මාලිමා ආණ්ඩු හැමවිටම වෙහෙසෙන්නේ ලංකාව තවදුරටත් බෞද්ධ රටක් නොවන බව ඉහත කී බලවේග තුනට පෙන්වීමටය. භික්ෂුන් වහන්සේගේ බලය බිඳීම ඒ සඳහා සිදු කෙරෙන ප්‍රධාන ක්‍රියාවයි. දැන් ඇතැම් මාධ්‍යකරුවන් භික්ෂුන් වහන්සේ හඳුන්වන්නේ චීවරධාරීන් වශයෙනි. උන්වහන්සේ නොයෙක් හිංසනයන්ට ලක් වෙති.
මෙය මාක්ස්වාදය නිසා සිදුවන්නක් නොව, දුර්වල ජනාධිපතිවරයා ප්‍රධාන මාලිමා ආණ්ඩුව යටත් විජිතවාදයට ගොදුරුවීමේ විපාකයකි. රටේ ජනතාවට මේ තත්වය තේරුම් ගැනීම පහසු නැත. එහෙත් ජවිපෙ මධ්‍යම කාරක සභාවට ඉතා ලේසියෙන් වටහා ගැනීමට පුළුවන. තවමත් ඒ තුළ දේශප්‍රේමීන් සුළු පිරිසක් හෝ සිටින බව බොහෝ දෙනාගේ අදහසයි.
