තමිල්නාඩු මැතිවරණ සටනට අවතාර ඇවිත්

Last Updated on 4 months by admin

ඉන්දියාවේ වැඩි ජනගහණය හින්දු ආගමිකයෝ වෙති. ඊට වඩා සංඛ්‍යාවෙන් අඩු වුවත් ක‍්‍රිස්තියානි හා ඉස්ලාම් අදහන ජනගහණය ද සුළුපටු නොවේ. මේ ආගම් සියල්ලේම ප‍්‍රධාන ලක්ෂණය මැවුම්කරුවෙකු ඇදහීමයි. නිර්මාණවාදී ආගම් අතර හින්දු ආගමේ විශේෂතාව, ආත්මවාදය පිළිගැනීමයි. ඒ අනුව ඕනෑම පුද්ගලයෙකු මරණින් පසු නැවත උපදී. බුදු දහමේ සංසාරය ඊට වෙනස් දෙයකි. එහි ඇත්තේ පුනර්භවයක් විනා නැවත ඒ පුද්ගලයාම ඉපදීමක් නොවේ. ක‍්‍රිස්තියානි මූලධර්මයට අනුව මියයන පුද්ගලයා සමාදානයේ සැතපී සිට අවසාන විනිශ්චය පිළිගැනීමට යේසුස් වහන්සේ නැවත පැමිණෙන දිනයේ අවදි වේ.

අප‍්‍රියෙල් 19 දා ඉන්දියාවේ මහමැතිවරණ කාලය ඇරඹේ. මෙවර මැතිවරණයේ විශේෂ ලක්ෂණය මැතිවරණ භූමියේ ‘කෘතිම බුද්ධිය’ නටන නාඩගමයි. වඩාත්ම විසිතුරු රැ’ගුම් ඇත්තේ තමිල්නාඩු ප‍්‍රාන්තයේය. තමිල්නාඩුවේ මියගිය මහඇමතිවරු, ඇමතිවරු, සිනමා නළු නිළියෝ වේදිකාවට එති. මියගිය ඇම්. ජී. රාමචන්ද්‍රන්, ජයලලිතා, අන්නමලේ වැන්නන් දැනටමත් ප‍්‍රාන්තය පුරා ඇවිදිමින් මහජනයා අමතති. අවතාර හෙවත් මෙම භූතයෝ ක‍්‍රිස්තියානින්ටද අමතති. එය හින්දු චින්තනය ක‍්‍රිස්්තියානි ආගමට ඇතුළු කිරීමක් සේ යමෙකු දැකීමට පුළුවන. මැතිවරණ භූතයෝ ඡුන්ද දායකයින්ට නොයෙක් පණිවිඩ දෙති. ‘අපට දූෂිත ආණ්ඩුවක් ඇත. මා සමග එන්න දූෂණය නැති කරන්න’ ජයලලිතා කියයි. කරුණානිධි තවත් පැත්තකින් වෙන කතාවක් කියමින් දිස්වෙයි. ජීවමානව සිටි පුද්ගලයින්ගේ මුහුණු හා කටහඩ සහිත මෙම භූතයින් නිසා ඡුන්ද දායකයින් විශාල ලෙස නොමග යාහැකි බව තමිල්නාඩුවේ ජනසන්නිවේදන ඇමතිවරයා පිළිගෙන තිබේ.

බණ්ඩාරනායක පවුල හා ගාන්ධි පවුල අතර පැවතුණේ දැඩි සබඳතාවකි. මේ නිසා ඉන්දිරා ගාන්ධි ප‍්‍රධාන ආණ්ඩුවේ ප‍්‍රබලයින්ට ලංකාව හා දකුණු ඉන්දියාව අතර ඇති කච්චතිව්, ලංකාවට අයිති දූපතක් බව පිළිගැන්වීමේ හැකියාව සිරිමාවෝ බණ්ඩාරනායකට තිබුණි. ඒ විශිෂ්ඨ සේවය රටවැසියන් විශාල පිරිසකට නොවැටහුණි. ඔවුහු ඈ පරදා ජේ.ආර්. ජයවර්ධන බලයට පත් කළහ.

ජේ.ආර්. බලය රැක ගැනීමට මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළේය. ඔහුගේ ගෝලයෝ දුව දුව සුළුදිය පහ කළහ. ඒ ඉන්දිරා ගාන්ධිට සහ රජීව් ගාන්ධිට නින්දා අපහාස කිරීමෙනි. තමිල්නාඩුවේ කොටි කඳවුරු බිහිවීමට ලංකාවේ සිදුවූ මෝඩ ක‍්‍රියා ප‍්‍රධාන හේතුවකි.

ඉන්දියාවේ ඇතැම් සමාගම්, කච්චතිව් ලංකාවට පැවරීමට විරුද්ධව එදා නැගී සිටි දැන් ජීවතුන් අතර නැති දෙමළ දේශපාලනඥයින් දේශපාලන වේදිකාවට ගෙන ඒමට කෘතිම බුද්ධි මෙවලම් භාවිත කරති. ඒවා තමිල්නාඩු ප‍්‍රාන්තයේ ‘ඇවිදියි’. මහජනයාට දර්ශනය වෙයි. ‘උඹලා කච්චතිව් ලංකාවට දී බලා සිටින්නේ මන්දැ’යි ඡුන්ද දායකයාගෙන් අසයි. ඔවුන්ගේ හ`ඩ අසන බීජේපී නායක මෝදි පවා සෙලවී, ‘කච්චතිව් ලංකාවට දුන්නා’ කියමින් කොංග‍්‍රස් පක්ෂයේ මිය ගිය නායකයින්ට දොස් කියයි.

ලංකාවේ දුබල දේශපාලන නායකයින් සැලකිල්ලට ගත් කල, මෝදිගේ කතා හුදු වචනවලට පමණක්ම සීමා නොවීමට පුළුවන.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link