X පාඩම් සහ why පාඩම්

Last Updated on 3 months by admin

කොළොම්බියා, හාවර්ඞ් වැනි ඇමරිකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයන්හි, මානවවිද්‍යා, සමාජවිද්‍යා පීඨයන්ට එන ඉන්දියානු විද්‍යාර්ථීන්ට ‘හින්දු ෆෝබියාව’ (හින්දු සංස්කෘතිය කෙරේ භීතිය) ඇති කරන ක‍්‍රිස්තියානි වැඩපිළිවෙළ හෙළිදරව් කරන ලද්දේ, ඇමරිකාවේ ‘ඉන්ෆිනිටි’ සංවිධානය මඟිනි. එංගලන්තය ප‍්‍රධාන බටහිර යුරෝපයේ තවත් රටවල විශ්වවිද්‍යාලයන්හි මානවවිද්‍යා පීඨයන් මඟින් මෙම අසනීපය ඉන්දියානුවන්ට බෝකරන බව ඇමරිකාවේ වෙසෙන ඇතැම් ඉන්දියානු උගතුන්ගේ අදහසයි.

ඒ ආකාරයෙන්, ඇමරිකාව, එංගලන්තය වැනි රටවලට ආචාර්ය උපාධි සඳහා කැඳවන ශ‍්‍රී ලංකා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳව සොයා බලන සංවිධානයක් නැත. රට ගොස් ආචාර්ය උපාධි ලබාගෙන එන ඇතැමුන්ගේ හැසිරීමෙන් පෙනෙන්නේ ඔවුන්ට එවැනි රෝගයක් වැළඳී ඇති බවයි. ඒ, සිංහල බෞද්ධ ෆෝබියාවයි. රොහාන් පෙරේරා නමින් රංගනයක යෙදුන මොහෙමඞ් ෆස්ලි නිසාර් බේරාගැනීමට ඉදිරිපත් වූ ඇතැම් උගතුන් මුහුණු පොතේ ලියූ දේ ඊට සාක්ෂ්‍යයි.

ඉතිහාස ඇදුරෙක්, ‘රොහාන්ගේ ස්මරණ’ ලෙසින් සටහනක් තබමින්, ‘රොහාන් සිය මුස්ලිම් අනන්‍යතාව සැඟවීමට හේතු වූ මනෝවිශ්ලේශනාත්මක හේතු තියෙන්ට ඇත. නමුත් මට වැදගත් වෙන්නේ එහි දේශපාලන වැදගත්කම යැ’යි කියමින්, ‘රොහාන් සිය මුස්ලිම් අනන්‍යතාවය සැඟවුවා පමණක් නොව ජාතික චින්තනවාදීන් කුමක් කීවද බෞද්ධ සම්ප‍්‍රදාය නියෝජනය කරන බවට කියා පෑමටද උනන්දු වූවෙකි’ යි සඳහන් කරයි.

තවත් උගතෙක්, ‘මොහොමඞ් නිසාර්ගේ නම වෙනස් කළේ මන්දැ’යි ඇසූ නලින් ද සිල්වා මහාචාර්යවරයාට පිළිතුරු ලෙස, ‘නම් මාරු කිරීම අසාමාන්‍ය ක‍්‍රියාවක්දැ’යි අසමින් ඇල්බට් පෙරේරා අමරදේව වූ බව සඳහන් කරයි. ඔහුගේ තර්කය වැරදි නැත. නම් වෙනස් කිරීම වැරදි ක‍්‍රියාවක් නොවේ. එය පුද්ගලයාගේ කැමැත්ත හා නිදහසයි. ගැටලූව ඇත්තේ නම වෙනස් කිරීම නොවේ. නම වෙනස් කිරීමේ අරමුණ කුමක්ද? නම වෙනස් කරගත් පසු ඒ පුද්ගලයා අලූත් නම භාවිත කරමින් කළේ මොනවා ද එහි ප‍්‍රතිපල කවරේද වැනි කරුණුය.

ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසයේ ගිහියන් භික්ෂු ශාසනයට ඇතුළු වන්නේ ගිහි නම අතහැර පැවිදි නමක් ගනිමිනි. කලක් ලංකාවේ අතිශයින් ජනප‍්‍රිය වූ හින්දු නළු නිළියන් විශාල පිරිසක් කලා ක්ෂේත‍්‍රයට පිවිස ඇත්තේ අලූත් නමකිනි. දිලිප් කුමාර් බවට පත් වූයේ මොහොමඞ් යුසුෆ් ඛාන්ය. මුම්ටාස් ජෙහන් බෙගුම් දෙලවි තරුණිය, මධුබාලා වූවාය. හින්දි සිනමාව අනුකරණය කළ ලංකාවේ සිනමාවට සම්බන්ධ කලාකරවෝ ද තමන්ට රුචි නම් ගෙන කලා ලොවට පැමිණියහ. ඬේසි රාසම්මා ඩැනියල්ස්, රුක්මණී දේවී වූවාය. බොනිෆස් වෝල්ටර් පෙරේරා, රවීන්ද්‍ර රන්දෙණිය වූයේය.

නම වෙනස් නොකරගත් කලාකරුවන්ගේ ආගම, ජාතිය සෙවීමේ සිරිතක් සිංහල බෞද්ධයන්ට නොවීය. මොහොදින් බෙග්, ඉෂාක් බෙග් නිදසුන්ය. අදටත් ගමක බෞද්ධ උත්සවවල බෙග් ගායනා කරන ‘බුද්ධං සරණං’ ගීය ඇසේ. ලක්ෂ්මී බායි, ‘ආදී සිංහලූන් පිට දීප දේශ ජයගත්තා’ ගීතය ගායනා කරමින් පිට රටට දත නියවන සිංහලයන් අවදි කළාය. ඒ. එම්. යූ. රාජ්, බොදු ගී ගැයූ තවත් ප‍්‍රකට කලාකරුවෙකි. මෙවැනි උදාහරණ රාශියක් තිබේ.

යම් යම් පුද්ගලයෝ විශේෂ අවශ්‍යතා මත උප්පැන්නයේ නම වෙනස් කරමින් සිංහල බෞද්ධ නම් ගනිති. මයිකල් බෙනට් නම වෙනස් කර මහින්ද බුද්ධදාස සමරසිංහ වීම නිදසුනකි. මේ උපාය නිසා ක‍්‍රිස්තු භක්තික මයිකල්ට වුවමනා වෙලාවක බුද්ධදාස නම දමා, තමන් නොම්මර එකේ බෞද්ධයෙකු බව පෙන්වීමට පුළුවන්කම ලැබුණි.

‘මොහොමඞ් ෆස්ලි නිසාර් නම වෙනස් කරගත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය නියෝජනය කිරීමට ය‘යි කියන්නා නොම්මර එකේ කපටියෙකි. නම මාරු කළාට මොහොමඞ් නිසාර් ආගම මාරු නොකළේය. නවීන ලෝකයට නොගැලපෙන ඉස්ලාම් සංස්කෘතියේ යල් පැන ගිය සංස්කෘතික මෙවලම් තිබේ. මේවා වෙනස් කිරීම හෝ සංශෝධනය කිරීම හෝ ලෝකයේ ඉස්ලාම් රටවල් බොහෝමයක සිදුවන්නකි. කාන්තා සුන්නත තහනම් කිරීම නිදසුනකි. සවුදියේ රජතුමා පවා යුගයට නොගැලපෙන ඉස්ලාම් නීති හා සංස්කෘතික අංග වෙනස් කළ යුතු බව පිළිගෙන ඇත. සවුදි කාන්තාවන්ට වාහන පැදවීමට හා රාජ්‍ය පාලනයට සම්බන්ධවීමට ඉඩදීම නිදසුනකි.

ලංකාවේ මුස්ලිම් සමාජයේ වෙනස් විය යුතු දේ රාශියක් ඇති බවට මුස්ලිම් පාර්ශ්වයෙන්ම යෝජනා ඉදිරිපත් වේ. පුරුෂයින්ට බහුවිවාහ කර ගැනීමට හා බාල ගැහැණු ළමයින් විවාහ කරගැනීමට ඇති හැකියාව, ‘කාති උසාවි’ නිසා ස්ත‍්‍රීන්ට සිදුවන හානි මෙන්ම මුස්ලම් තරුණියන්ට සිංහලයන් හා විවාහ වීමට ඇති බාධා නිදසුන් කිහිපයකි. මේ කිසිවක් නොදැක්කා සේ හැසිරුන මොහොමඞ් නිසාර් සිංහලයෙකු ලෙසින් රඟපාමින් සිංහල බෞද්ධ සාර්ධර්ම කඩන්නට මහන්සි ගැනීම සංස්කෘතික ත‍්‍රස්තවාදයකි.

සමහර විට නිසාර්, ‘‘අල්-ජිහාඞ් ෆි සබිල් අල්ලා’’ (“al-jihad fi sabil Allah”, “struggling/striving for the sake of God”) වෙනුවෙන් සටන් කළාද විය හැකියි. ‘ජිහාඞ්’ යනු හුදු අවි ගත් යුද්ධයක්ම නොවේ. ඔවුහු, ඉස්ලාමිකයන් නොවන්නන් සමඟ කෙරෙන යුද්ධයේදී, පෑන සහ කට ආයුධ වශයෙන් භාවිත කරති.

“Jihad – from Reliance of the Traveller (Shaji’ite Islamic Law), means to “war against nonMuslims … to establish the religion (of Islam).” Also understood as “just war” or “holy war.” No other definition of ‘jihad” has ever existed at any point in history in any authoritative Islamic Law. When Muslims cannot fight the jihad against non-Muslims, they are required to fight with the pen or mouth. If even this is not possible, Islam requires them to fight with their “heart” and hate/despise the unbelievers for the sake of Allah.” (ESD.WHS.MIL)

‘එක්ස්’ කණ්ඩායම නිර්මාණය කිරීම මොහොමඞ් නිසාර් කළ ලොකුම හපන්කමයි. එය පෑනෙන් හා කටින් කළ යුද්ධයකි. ඊට සම්බන්ධ වී සිය අනන්‍යතාව නැති කරගත් සිංහල බෞද්ධ තරුණයන්ගේ ප‍්‍රධාන කාර්යයක් වූයේ ඈත ගම්මානවලට පවා රිංගමින් බෞද්ධ සාරධර්මවලට පහර ගැසීමයි. ඔවුන් තම ගුරුවරයා වෙස්වලාගත් ඉස්ලාමිකයෙකු බව දැන නොසිටි බව මරණය සමඟ ඔවුන් තැබූ මුහුණුපොත් සටහන්වලින් ප‍්‍රකාශ වේ

මොහොමඞ් නිසාර්ගේ මරණය සිංහල බෞද්ධයන්ට හොඳ පාඩමකි. මුස්ලිම් ජාතිකයන් කණ්ඩායමක් පැමිණ ‘එක්ස්’ කණ්ඩායම බොරැල්ල කනත්තේ පැවැත්වීමට සූදානම් කළ අවමංගල උත්සවය නවත්වා සිරුර ඉස්ලාම් දේවස්ථානයකට ගෙන ගියහ. එයින් කියැවෙන්නේ නිසාර් සේවය කළ ඉස්ලාම් සංස්කෘතිය ඔහුගේ සිරුර වෙනුවෙන් පෙනී සිටි බවයි.

තව ටික දිනකින් මේ සියල්ල අවසන් වනු ඇත. ඔහුගේ සැඟවුණු ජීවිතය යට ඇති රහස් පිළිබඳ සොයන සංවිධානයක් හෝ පුද්ගලයින් ලංකාවේ ඇති බවක් පෙනෙන්නට නැත සිංහලයින්ට කවදාවත් පාඩමක් ඉගෙනගන්නට නොලැබෙන්නේ එහෙයිනි. ඒ නිසාම වෙස්වලාගත් පුද්ගලයින්ට සිංහල සමාජය කුඩුපට්ටම් කිරීමේ අවස්ථාව දිගින් දිගටම හිමි වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link